ICC ලෝක කුසලාන සුපර් ලීග්: අලුත්ම ශ්‍රේණිගත කිරීම්

Spread the love

අයර්ලන්තය සමග පැවැති පළමු එක්දින තරගයෙන් නෙදර්ලන්තය එක් ලකුණකින් ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුපර් ලීග් (ICC Men’s Cricket World Cup Super League)-ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානය වන 13 වන ස්ථානය දක්වා පහළ බැස තිබෙනවා.

ඊයේ (02) නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව එක්දින තරග 6කට සහභාගී වී ඇති අතර ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණයි. තරග 05ක් පරාජයට පත්ව ඇති අතර ප්‍රසාද ලකුණු සංඛ්‍යාව -0.245ක් වෙනවා.

බංග්ලාදේශය සමග පැවැති එක්දින තරග දෙකක් පරාජයට පත්වී තුන්වන එක්දින තරගය ශ්‍රී ලංකාව ජය ගත්තද කොදෙව් එක්දින තරගාවලියේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම මත ඔවුන්ගේ ප්‍රසාද ලකුණු 2ක් අඩු කිරීමට පියවර ගත්තා.

ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය බංග්ලාදේශය විසින් ද දෙවැනි ස්ථානය එංගලනත්ය විසින් ද තෙවැනි ස්ථානය පාකිස්ථානය විසින් ද හිමිකර ගෙන තිබෙනවා.

12 වැනි ස්ථානයේ දකුණු අප්‍රිකාව පසුවන අතර ඉන්දියාව 06 වැනි ස්ථානයේත් ඔස්ට්‍රේලියාව 04 වැනි ස්ථානයේත් පසුවෙනවා.

Related Posts