එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් අත්හදා බලමින් සිටි කොවිඩ් වෛරස් එන්නතේ සායනික පරීක්ෂණ නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි බී.බී.සී වාර්තාවක දැක්වේ.
මෙම එන්නතේ 3 වැනි අදියරේ අත්හදා බැලීම්වලට සහභාගී වූ ස්වේච්ඡා සේවකයෙකු රෝගී වීම හේතුවෙන් අදාළ අත්හදා බැලීම් තාවකාලිකව නතර කිරීමට පර්යේෂකයින් පසුගිය අගහරුවාදා පියවර ගත්තේය.
“මෙම විරාමයෙන් පෙන්නුම් කරන්නේ අපි සැමවිටම ආරක්ෂාවට මුල් තැන දෙන බවයි. හැකි ඉක්මනින් ආරක්ෂිතව එන්නතක් ලබා දීමට අපගේ විද්‍යාඥයින්ට සහාය දෙන්නෙමු” පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා පැවසීය.
විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙවැනි විශාල අත්හදා බැලීම් වලදී “සමහර සහභාගිවන්නන් අසනීප වනු ඇතැයි” අපේක්ෂා කරන බවයි.
ස්වාධීන ආරක්ෂණ සමාලෝචන කමිටුවක සහ එක්සත් රාජධානියේ නියාමකයා වන ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සියේ නිර්දේශයන්ට අනුව අධ්‍යයන නැවත ආරම්භ කළ හැකි බව එහි වැඩිදුරටත් දැක්වේ.
රහස්‍යතා හේතූන් මත රෝගියාගේ රෝගී තත්වය පිළිබඳ තොරතුරු එය හෙළි නොකරනු ඇති නමුත් නිව්යෝර්ක් ටයිමිස් පුවත්පත වාර්තා කළේ එක්සත් රාජධානියේ කොවිඩ් ආසාදිත ස්වේච්ඡා සේවකයෙකු කොඳු ඇට පෙළට බලපාන සින්ඩ්‍රෝමය වන ට්‍රාන්ස්වර්ස් මයිලයිටිස් රෝගයෙන් පෙළෙන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ ලොව පුරා එන්නත් 180 කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර ඇති නමුත් කිසිවෙකු තවමත් සායනික අත්හදා බැලීම් සම්පූර්ණ කර නොමැති බවයි.
අදියර 1 සහ 2 සාර්ථක අත්හදා බැලීම්වලින් පසුව, එන්නත වෙළඳපොලට පැමිණි පළමු වැන්නෙන් එකක් විය හැකිය යන බලාපොරොත්තුව ඉහළ මට්ටමක පවතී .