ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂිත රෝහල ජනපති අතින් ජනතා අයිතියට

පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්අෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදුකෙරුණු සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය.   චීන සහශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුණු රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. ඒ සඳහා වැය කෙරුණු  මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම් සඳහා ගතවු කාලය මාස 30කි. වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05කින් යුත් මෙහි රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයේ.  දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20කි. යන්ත්‍ර 100කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වේ.  වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමරු ඵලකය නිරාවරණය කර රෝහල් සංකීර්ණය විවෘත කෙරිණ. රෝහලේ කාර්යභාරය පිළිබඳව පොළොන්නරුව මහා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා විස්තර කළේය. ජනාධිපතිවරයා ඇතුළු ආරාධිත පිරිස රුධිර කාන්දුකරණ ඒකකය, ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඇතුළු රෝහල් සංකීර්ණය නිරීක්ෂණය කළහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. චෙන්ග් හොන්ග් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සෞඛ්‍ය නිර්දේශ අනුව එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන්න

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර තිබේ. ශ්‍රී ලංකාව...

විශ්‍රාම ගිය හෙද හෙදියන් අගමැති නියමයෙන් ‘අවශ්‍යතාවය අනුව‘ නැවත සේවයට

විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින අරලියගහ මන්දිරයේ දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය. හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත්...

‘ඇස්ට්‍රාසෙනිකා‘ දෙවන මාත්‍රාව ජපානයෙන් දෙයිද ?

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් (Yoshihide Suga) කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමි වේ. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා (Sugiyama Akira) මහතා අතර අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණ. කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද  ජපාන රජයේ එකඟතාව පළ වී තිබේ. සමුද්‍රීය අනතුරු පිළිබඳ ඉක්මන්  ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික  සහාය ලබා ගැනීම කෙරෙහි ද ජනාධිපතිතුමා ජපාන තානාපතිවරයාගේ අවධානයට යොමු කළේය. ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හා අමාත්‍ය කිතමුරා තොෂිහිරො (Kitamura Toshihiro), පළමු ලේකම් ඉමමුරා කායෝ (Imamura Kayo), ජනාධිපති ලේකම්පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ  යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Covid-19 එන්නත් ගැන ඔබට ඇති ගැටලුවලට වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු

කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන මේ වන විට දීපව්‍යාප්තව සිදුවෙනවා. නමුත් මේ ගැන ජනතාවට ඇති ගැටලුවල නිමක් නැහැ. ඊට හේතුව සුපුරුදු පරිදි ව්‍යාජ පුවත් බහුලව සමාජමාධ්‍ය තුළ සංසරණය වීමයි. ඒ නිසා එන්නත්කරණ වැඩසටහනට බරපතළ අගතියක් වගේම ජනතාවට ද බරපතළ ගැටලු ඇතිව වෙනවා....

Covid-19: ගර්භනි මවුවරුන් ‘දැනගත යුතුම’ විශේෂඥ වෛද්‍ය උපදෙස්

ඔබ ගැබ්ගෙන සිටියදී කොවිඩ් ආසාදිතයෙකු වුවහොත් කුමක් කළ යුතු ද? COVID දරුවාට බලපාන්නේද? මෙම ප්‍රශ්නය බොහෝ ගර්භනී කාන්තාවන්ගේ මනසෙහි ඇති අතර, එය ඔවුන් තුළ නිමක් නැති අමතර ආතතියක් ඇති කරයි. මෙම වසංගත සමයේදී ගර්භනී ඔබ මුහුණ දී සිටින මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු...

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි එන්නත කොට උඩ – ආනයනට අවසර ඉල්ලූ සමාගම් අවුල්

මෙරට ලක්ෂ හයකට දෙවන මාත්‍රාව ලබාදිය යුතුව තිබෙන අස්ට්‍රාසෙනිකා එන්නත්  නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත්  මෙතෙක් ඔවුන්ගෙන්  සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන ,සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන...

‘ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ‘ 120%ක වර්ධනයක්

අද (02) පස්වරු 08.00 වන කොවිඩ්-19 ආසාදිතයින් 3306 දෙනකු හඳුනා ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 192,547ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද දිනය තුළ ආසාදිතව සිටි 1,504ක් සුවය ලැබීමත් සමඟ...

චීන CoronaVac එන්නත ලබාදීමෙන් පසු ‘වැඩිහිටි මරණ සංඛ්‍යාව‘ 95%කින් අඩුවෙලා !

අත්හදා බැලීමේ කොටසක් ලෙස වැඩිහිටියන් සියල්ලටම පාහේ කොවිඩ්-19 එන්නත් ලබා දීමෙන් පසු බ්‍රසීලියානු නගරයක කොවිඩ් -19 මරණ 95% කින් අඩුවී ඇතැයි පර්යේෂකයෝ පවසති. 45,000 ක ජනගහනයක් සිටින ගිනිකොනදිග සාඕ පවුලෝ ප්‍රාන්තයේ සෙරානා (Serrana) නගරයේ වැඩිහිටියන් සියලු දෙනාටම චීනයේ නිෂ්පාදිත කොරෝනාවැක්...

ගර්භනී සමයේ ‘මානසික ආතතියට හේතු මොනවාද ?’ ඉන් ගැළවෙන්නේ කෙසේද ?

ගැබ් ගැනීම කාන්තාවකගේ ජීවිතයේ වඩාත්ම සිත් ඇදගන්නා සුළු අවධියකි. කෙසේ වෙතත්, එය ද අභියෝගාත්මක විය හැකිය! ඔබ පිළිසිඳ ගත් පුවත ලැබීමෙන් පසු, ඔබට විවිධාකාර හැඟීම් අත්විඳිය හැකිය. ඔබට ආතතිය, කනස්සල්ල, ව්‍යාකූලත්වයක් දැනීමට පුළුවන. නමුත් මෙම හැඟීම් සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයකි. මානසික ආතතිය යනු ගර්භණීභාවය වැනි...
Loading posts...

All posts loaded

No more posts