AL අසමතුන්ට ‘වෛද්‍ය පත්වීම් දෙනවා නම්‘ AL සමත් ‘රෝහල් කම්කරුවන්ට ද‘ වෛද්‍ය පත්වීම් ඕනෑ

Spread the love

උසස් පෙළ අසමත් අයට වෛද්‍ය පත්ව්ම් ලබාදිය හැකිනම් උසස් පෙළ සමත් රෝහල් උපස්ථායක වරුන් කම්කරු මහතුන් වෛද්‍යවරුන් ලෙස බඳවා ගත යුතු බව‘ මහජන යුතුකම් කේන්ද්‍රය පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජන යුතුකම් කේන්ද්‍ර යේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා කියන්නේ තමන්ගේ රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුවට යන දේශපාලනඥයින් සහ ඉහළ නිලධාරීන්ගේ මෙම අනීතික ක්‍රියාවලට එරෙහිව ජනතාව පියවර ගත යුතු බවයි.

එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය ආමාත්‍ය රාජිත සේනාරත්න විසින් පත්කරන ලද  වෛද්‍ය සභා විසින් අනුමත නොකරන ලද බෙලරුසියාවේ සහ තවත් රටවල් කිහිපයක පිහිටි උසස් පෙළ අසමතුන් බදවා ගන්නා වෛද්‍ය පීඨ මේ වන විට වත්මන් සෞඛ්‍ය ඇමැති පවිත්‍රාගේ වෛද්‍ය සභාව විසින් අනුමත කරමින් සිටින බව අපහට දැනගන්නට ඇත.

පසුගියදා පැවති කැබිනට් රැස්වීමකදී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ද මේ බව ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව  උසස් පෙළ අසමතුන් බඳවා ගන්නා අදාළ බෙලරුසියාවේ වෛද්‍ය පීඨ වල ඉගෙන ගන්නා සිසුන්ට සාධාරණයක් කරන ලෙස  ජනාධිපතිවරයා නියෝග කර ඇති බව පුවත්පත් වාර්තා කර ඇත. 

මේ රට ගමන් කරමින් සිටින්නේ කොයිබට ද ?

උසස් පෙළ අසමත්   මෙරට ප්‍රභූන්ගේ  පවුල්වල දරුවන්ට වෛද්‍ය උපාධිය ලබා දීම සඳහා මේ රටේ සමස්ත සෞඛ්‍ය සේවය බිලි දිය යුතු ද ? ඒ අනුව මෙරට උගතුන් රට හැර යනු ඇති අතර උසස් පෙළ අසමත් වෛද්‍යවරුන්ගෙන් මෙරට රෝහල් සම්පූර්ණ වනු ඇත සමස්ත සෞඛ්‍ය සේවාව බිඳ වැටෙනු ඇත. 

හෙට දවසේ ඔබට හෝ ඔබේ දරුවාට, ඔබගේ ළඟම ඥාතියා හට රජයේ  රෝහලකදී යම්කිසි අසාධාරණයක් සිදු වුවහොත් එයට අදාළ ඇමතිවරුන් වගකිව යුතුව ඇත. උසස් පෙළ අසමතුන් වෛද්‍යවරුන් ලෙස  ලියාපදිංචි කරන ඇමතිවරුන් තමන්ට ප්‍රතිකාර ලබා ගැනීමට යන්නේ ඕස්ට්‍රේලියාවට හෝ හෝ සිංගප්පූරුවට ය. 

උසස් පෙළ අසමතුන්ට මෙරට වෛද්‍යවරු ලෙස ලියා පදිංචි කරන ලෙස ජනාධිපතිවරයාට පවසන ඇමතිවරුන් ප්‍රතිකාර ලබන්නේ  මෙරට රෝහල් පද්ධතියෙන් නොව සිංගප්පූරුවේ හෝ ඕස්ට්‍රේලියාවේ දී ය. මක්නිසාදයත්  ඔවුන්ගේ අනුහසින් මෙරට ඇතැම්  වෛද්‍යවරුන් උසස් පෙළ අසමතුන් බව ඔවුන් දන්නා බැවිනි. 

අප මීට පෙර ද උසස් පෙළ අසමත් අය ට වෛද්‍ය පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් ලිඛිත ඔප්පු කළ හැකි සාක්ෂි සමඟ මාධ්‍ය දැනුවත් කළත් කලත් එයින් යම්කිසි මට්ටමින් හෝ උසස් පෙළ අසමතුන් බදවා ගන්නා බව පළ කරන ලද්දේ දිවයින පුවත්පත පමණි. එසේම මෙරට සෞඛ්‍ය සේවය බිඳවැටෙන මෙවැනි ප්‍රතිපත්තිමය තීරණ වලට නිහඬව සිටින උගතුන් ගෙන් ද ඇසිය යුත්තේ රට ගිනිගත් පසු වීණා වාදනය කරමින් සිටිනවාද යන්නයි ?

 අපොස උසස් පෙළ අසමත් වෛද්‍ය උපාධිය ඇති අය වෙත  වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට  බලතල ලබා දෙන්නේ නම් උසස් පෙළ සමත් හෙද සේවාවේ නියුතු අයවලුන්ට  හෙද උපාධිය ලබා දීමට  කටයුතු කළ නොහැක්කේ මන්ද  ?

හැත්තෑ තුන් වසරක්  මේ රට විනාශ කළේ දේශපාලනඥයින් පමණක් නොව  දේශපාලනඥයින්ගේ අමනෝඥ තීරණවලට  අනුබල දුන් රාජ්‍ය නිලධාරීන් ද මෙයට ඍජුව වගකිව යුතුව ඇත. 

උසස්පෙළ අසමතුන් වෛද්‍යවරුන් ලෙස ලියා පදිංචි කරන්නේ නම් මෙරට විශ්වවිද්‍යාලයකට යා නොහැකි වූ උසස් පෙළ සමත් හෙද හෙදියන්ට ද කඩිනමින් හෙද උපාධියක් ලබා දිය යුතුව ඇත. උසස් පෙළ සමත් ව රෝහල්  කම්කරු සේවයෙන් නියුතු මහත්ම මහත්මීන්ට ද  මේ අනුව වෛද්‍ය උපාධිය හෝ හෙද උපාධිය ලබා දිය යුතුව ඇත.

Related Posts