රාජ්‍ය සේවක හෘද සාක්ෂියේ මනාපය කාටද..?

Spread the love

බඩු මිල ඉහළට යන්න යන්න ජීවන වියදම අහස උසට යනවා. හුගාක් මිනිස්සුන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා. බඩු මිල වැඩියි.. හෙට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි බවයි මගතොටේ හමුවෙන කාගේත් මුවේ රැව් දෙන්නේ..!

රාජ්‍ය සේවක අපිත් යන්නේ අමාරුවෙන්. වෙනදා වගේ OT නෑ. වැටුපට අමතරව කීයක් හරි ගන්න අවස්ථාව තිබුණා නම් ඒ හැම දෙයක්ම නැති වෙලා. ඒත් අපිට කන්න අඳින්න අඩුවක් නෑ.. අපි අනිත් මිනිසුන් ගාණකට වඩා යන්තමින් හෝ හොඳ ජීවිතයක් ගෙවනවා. ඒ කොහොමද ?

හංදියේ ත්‍රීවීලර් මල්ලි:

මම මගෙන් අහනවා. බොළඳ දේශපාලන හැඟීම් පැත්තකින් තියලා මම මගෙන් අහනවා ” තවම හුඟාක් සාමාන්‍ය මිනිසුන්ට තියෙන ආර්ථික දුෂ්කරතාව මට නාවෙ කොහොමද ? හංදියේ ත්‍රීවීලර් මල්ලි කියන්නේ දැන් එයාල කන්නේ වේලක් හැර වේලක් කියලා. ඉස්සර තරම් හයර් නැතිලු. කතාව ඇත්ත. ඉස්සර හැමදාම උදේ මමයි වයිෆුයි දෙන්නා උදේ වැඩට ගියේ වීල් එකේ.මාස කිහිපයක ඉඳලා අපි ඒ ගමන නැවැත්තුවා. OT නැති නිසා තමයි ඒ බජට් එක කට් කරේ. නැත්නම් අපිටත් කන්න වෙන්නේ වේලක් හැර වේලක්.

හික්කඩුව හෝටලේ චෙෆ් :

හික්කඩුව බීච් හෝටලේ චෙෆ් වැඩේ කරපු අල්ලපු ගෙදර මල්ලිගේ කාර් එක සීස් වුනා. වාරික ගෙවාගන්න බැරුව. ඒ කාර් එක ගන්න අත්සන් කරපු එක සාක්ෂිකාරයෙක් මම. ඒ මල්ලිට මාස ගාණකින් පඩි නෑ. අපිව අමාරුවේ දාන්න බෑ කියපු මල්ලි සීසර්ලට කාර් එක ගෙනියන්න කියලා. කසාද බැඳලා මාස 8 යි. ” ජීවිතේ එපා වෙලා ඉන්නේ අයියේ , සුද්දෝ නෑ .. ඒ නිසා පඩිත් නෑ .. බලන්න බැන්දා විතරයි ..ජීවිතය ගෙවන්න හිතාගන්න බෑ.” ඊයේ හවස හම්බුනාම කිව්වේ. අපිටත් එහෙමයි මල්ලි කියලා මම ගෙට ආවා. ඒත් අපිට තවම ජීවිතය එපා වෙන තැනට වැටිලා නෑ.

නදී අක්කාගේ පුතා ට ෆීස් ගෙවන්න බැරි නම් ඉස්කෝලෙ එන්න එපා කියලා :

නදී අක්කා කියන්නේ අපේ වෙඩින් එකේ කේක් එක හදපු අක්කා. හස්බන්ඩ් රට. කුවේට් වල. ලංකාවට එන්න විදියක් නැතුව ඉන්නේ. මාස 4 කින් සල්ලි එවලා නෑ. ලොකු පුතා ඉන්ටර්නැෂනල් ස්කූල් ගියේ. ඉස්කූල් ෆී ගෙවන්න විදියක් නැතුව ඉස්කෝලෙ එන්න එපා කියලා. වයිෆ් මාලෙ දුන්නා උකස් තියලා අවුරුද්දකින් බේරගමු.. සල්ලි වලින් මේ ටිකේ දරුවගෙ ස්කූල් ෆී ගෙවන්න කියලා. අපේ දරුවට තවම අවුරුදු දෙකයි. එයාට යන දසාවත් පැහැදිලි නෑ. ඒත් කන්න අඳින්න අඩුවක් නෑ. තවමත් ජීවිතය ගැන බලාපොරොත්තු තියෙනවා. මමයි වයිෆුයි දෙන්නම රාජ්‍ය සේවයේ.

මොකක්ද මේ වෙන්නේ :

ඊයේ අපි කතා වුනේ මොකක්ද මේ වෙන්නෙ කියලා. මිනිස්සු වෙනස් වෙලා, ආවේගශීලි වෙලා, බලාපොරොත්තු බිඳිලා, හෙට ගැන හිතපු මිනිස්සු අද දවස ගෙවාගන්නත් බැරුව හූල්ලනවා. වයිෆ් කියන්නේ දේශපාලනඥයින් සේරම එකයි. උන් මිනිස්සු ගැන හිතන්නේ නෑ කියලා. ඒ එක්කම කිව්වා “හොඳ වෙලාවට අනේ 10000.00 පඩි වැඩිවුණේ. ගිය ආණ්ඩුව අපිට කියලා වැඩක් කරානම් එච්චරයි” කියලා.

රවී දුන්න 10,000.00 !

මගේ මූණට හිනාවක් ආවා. කවුද ඒ රුපියල් 10000.00 වැඩි කළේ ? මම වයිෆ්ගෙන් ඇහුවා. “අනේ මන්දා කවුරු කළත් එච්චරයි අපිට දෙයක් වුනේ. අපිට අද දවස ගෙවාගන්නත් පුළුවන් වුණේ ඒ නිසා .. ” ඒ වයිෆ් ,

“රවී කරුණානායක නේද ඒක කළේ”. මම ඇහුවේ කිංඩි හිනාවක් දාගෙන.

“වෙන්න ඇති ..ඒත් එයාට ගිය ටිකේම මීඩියා ගැහුවා නේද ?” වයිෆ් අහනවා..

“ඔව්.. ඔව් .. මීඩියා එයාට ගැහුවා. ඔය 10000.00 වැඩි කරපු වෙලාවෙ ඉඳලා විපක්ෂයේ අය විතරක් නෙවෙයි , ආණ්ඩුවේ අයත් එයාට ගැහුවා. ඒ ගැහුවේ එයාගෙ කැරැක්ටර් එකට. එදාා 2015 රුපියල් 5000.00ක් වැටුප් වැඩි කරන්න කියලා වෘත්තීය සමිති ඉල්ලුවේ. රාජපක්ෂ මහත්තයා කිව්වේ “5000ක් දෙන්න පුළුවන් නම් නොදී ඉන්නේ නෑ .. ඒත් 2000.00 ක් වත් දෙන්න පුළුවන් වුණා නම් නොදී ඉන්නේ නෑ” කියලා.

රවී කරපු වැඩේ !

ඒත් අර සිරිසේන වෙනුවෙන් ඒ වෙලාවේ පෙනීසිටි රනිල් – රවී කිව්වේ “නෑ අපි ආවොත් 10000.00 ක් වැටුප් වැඩිකරනවා කියලා. මතකද අපි බඳින්න ඉන්න කිට්ටුව ඒ පොරොන්දුවට හිනා වුනා. ඒත් 2015 දීම ඒ පොරොන්දුව ඉෂ්ට කලා, රවී කරුණානායක ඇමතිතුමා ඒ වෙලාවේ පෙන්නුවා මුදල් අමාත්‍යවරයා වැඩ කරන්න ඕන කොහොමද කියලා. මුදල් අමාත්‍යවරයා කියන්නේ බදු ගහන, මිනිස්සු හූරාගෙන කන කෙනෙක් නෙවෙයි , ඒ වෙනුවට මිනිස්සු අතට ආදායම් එවන්නේ කොහොමද ? ඒ සමග රාජ්‍ය මූල්‍ය අර්බුදයක් නොඑන්න වැඩ කරන්න ඕන කොහොමද කියලා මෑත ඉතිහාසයේ පෙන්නපු එකම මුදල් අමාත්‍යවරයා.

කුමණ්ත්‍රණය දියත්වෙයි !

අන්න කවුරු කවුරුත් රවී කරුණානායක ඇමතිට ඊර්ෂ්‍යා කරපු තැන. විපක්ෂය බය වුන තැන. ආණ්ඩුව තුළ පවා හිටපු දේශපාලන කුහකයන් බය වුන තැන. ජාවාරම්කරුවන් සල්ලි වියදම් කලා. රවී කරුණානායක ඇමතිට අභූත චෝදනා ඉදිරිපත් වුනා. අන්තිමට රවී ඇමති ඇමතිකම අත්හැර ආණ්ඩුව රකින්න කැපවුනා. ඒත් එදාා රවී කරුණානායක ඇමැති මුදල් අමාත්‍යවරයා ලෙස කරපු දේ හැර වෙන කිසිම දෙයක් අපිටත් නැති වුනා.

අපිට ඉතිරි වුනේ එයා කරපු දෙයක් විතරයි. අපි හෙට ගැන බයෙන් වුනත් අද කාලා ඇඳලා ඉන්නේ ඒ මනුස්සයා දුන්න දේ නිසයි. ඒ රුපියල් 10000.00 වැටුප නැති වෙන්න අපිටත් වෙන්නේ, හංදියේ ත්‍රීවීලර් මල්ලි, චෙෆ් මල්ලි, නදී අක්කා වගේ අද දවස ගෙවාගන්නත් බැරුව හූල්ලන්න.

රාජ්‍ය සේවක හෘද සාක්ෂිය !

මම මේ පාර තැපැල් ජන්දයේ මනාපයක් රවී කරුණානායක ට දෙනවා. මගේ හෘද සාක්ෂිය කියනවා තව දුරටත් බොරු කතා සාප්පු කාරයන්ට, මීඩියා දේශපාලනඥයින් ට අහු වෙන්න එපා, වැඩක් කරපු වැඩක් දන්න කෙනෙකුට දෙන්න කියලා. ඒ මනුස්සයා වරදක් කරා නම් ඒ ගැන ලියපු මීඩියා ඇයි සමාව ඉල්ලා දැන්වීම් දාන්නේ, අධිකරණය ඇයි ඔහුගේ නිර්දෝශීභාවය තහවුරු කරන තීන්දු දෙන්නේ.

ඒ නිසා මේ පාර මම තැපැල් ජන්දය හරහා ඒ දුන්න පොරොන්දු ඉටුකරපු රවී කරුණානායක වෙනුවෙන් වෙන් කරනවා.

මගේ මීඩියා , අවස්ථාවාදී තක්කඩියන්ගේ බොරු මඩ වලට තවදුරටත් අපි අහුවෙන්නේ නෑ කියන මැසේජ් එක දෙනවා. බහුතරයක් හූල්ලන විට මාව, මගේ පවුල ඒ තැනට වැටෙන්න නොදී ශක්තිමත් කරපු මනුස්සයා වෙනුවෙන් මම මගේ තැපැල් ජන්දය භාවිතා කරනවා.

රවී කරුණානායක එන පාර්ලිමේන්තුව තුළ ඉන්න ඕන අයෙක් කියලා විතරක් නෙවෙයි, ඊළඟ ජන්දයෙන් ඉහළින් පත්වෙන්න ඕන නියම ජනතා නියෝජනයක් කියලා මගේ හෘද සාක්ෂිය කියනවා. ඔව්.. මම දන්නවා මම විශ්වාස කරනවා.. රාජ්‍ය සේවක අපි මීඩියා මඩ වෙනුවට රවී කරුණානායක කියන මනුස්සකම දිනවන්න මේ පාර අපේ තැපැල් ජන්දය භාවිතා කරනවා. අපි වෙනුවෙන් අපි අපේ තැපැල් ජන්දයට වටිනාකම එකතු කරනවා.

RSL

Related Posts