දිවයින පුරා පාසල් සිසුන් කේන්ද්‍රකර ගනිමින් පවත්වනු ලැබූ කනිෂ්ඨ නව නිපැයුම් කරුවන්ගේ තරගයෙන් සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට හංවැල්ල රාජසිංහ මැදිමහ විදුහලේ 09 වසර ඉගෙනුම ලබන 14 හැවිරිදි සවිඳු සංජන ජයසිංහ සිසුවා සමත් විය.
මෙවර ටෙක්නෝ 2010 ඉංජිනේරු හා තාක්ෂණ ප‍්‍රදර්ශනයට සමගාමීව මෙම තරඟය සංවිධානය කර තිබිණි.
ඕනෑම වාහනයක හෝ කර්මාන්ත ශාලාවක දුම් (කාබන්) සැනෙකින් පරීක්ෂාකර බැලිය හැකි ‘‘කාබන් පරීක්ෂණ මානකය” නිර්මාණය කිරීම වෙනුවෙන් සවිඳු මෙම ජයග‍්‍රහණය දිනා තිබේ.
පසුගියදා වෝටර්ස් ඒඡ් හිදී පැවති උත්සවයකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය චම්පික රණවක මහතාගේ සුරතින් සවිඳු සිය ජයග‍්‍රාහී රන් පදක්කම ලබාගත්තේය.
Loading...