හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් ඇතුළු 3කට සිතාසි

Spread the love

අල්ලස් කොමිසම මඟින් ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා නඩුවක විත්තිකරුවන් ලෙස නම් කර ඇති හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකුට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සිතාසි නිකුත් කර ඇති බව වාර්තාවේ

ඒ අනුව මොහාන් පිරීස්, වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.බී. නවාස් සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්.පී. ෆර්ඩිනැන්ඩු යන තිදෙනා අයට මාර්තු මස 8 වන දා අධිකරණය ඉදිරියේ පෙනී සිටිමට මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍රයක් සළකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබේ.

අල්ලස් කොමිසම මඟින් අධිකරණයට ඉදිරිපත් කළ චෝදනා පත්‍රය මඟින් දක්වා ඇත්තේ ලංකා විදුලිබල පුද්ගලික සමාගමට ඉඩම් මිලදි ගැනීමක දී අක්‍රමිකතා සිදුවු බවට පරීක්ෂණ කමිටු 2ක් මඟින් නිර්දේශ ඉදිරිපත් කර තිබු බවයි.

එසේ තිබිය දි අදාළ වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව අපරාධමය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම තුළින් එවකට නීතිපතිවරයා වශයෙන් කටයුතු කළ මොහාන් පීරිස් මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ එවකට සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ වත්මන් විනිසුරු නවාස් යන අය විසින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය මඟින් සඳහන් කර තිබේ.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් 20 දෙනෙක් හා නඩු භාණ්ඩ 19 ක් ද අල්ලස් කොමිසම විසින් නම් කර ඇත.

RSL

Related Posts