සැමට නිදහසේ නිවහල් ජාතියක් ලෙස ජිවත්වීමට අවශ්‍ය කරන පරිසරය තිබිය යුතුයි- ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමා

Spread the love

අවුරුදු තිහක යුද වකවානුව දිහා බලලා ඒ කාලයේ අපිව හසුවෙලා තිබුණු ඒ භයානක මහා යුද්ධය මිනිස් ජිවිතවලට, පොදු ජනතාවට සහ රටට මොන තරම් විශාල වින්නැහියක් කළාද කියන කාරණය අද අපිට හෙඳටම පැහැදිළියි. සාමය සම්බන්ධයෙන් විවිධවූ සාකච්ඡා පවතිනකොට අපි දෙවියන්ට යාතිකා කළේද ධනාත්මක ලෙස මෙම ගැටළුව විසඳගන්නට හැකියාව ලැබෙන ලෙසයි. මේ සම්බන්ධයෙන් අපි කතා කළේ යුද්ධයේ කටෝර බව දෙමළ ජනතාවගෙන් පටන්ගෙන සියළුම ජන කොටස් වෙත සිංහල මහ ජාතිය දක්වාම දෝලනය වුනේ කොහොමද කියන කාරණයයි. එය අපගේ මතකයේ නැවත නැවත සිහිපත් වෙමින් පවතිනවා. ඉතිං ඒ සියළු කරුණු සමගින් අපි සාම සාකච්ඡා ගැන කොතෙක් කතා කළත් ඒ සාම සාකච්ඡා අපි අපේක්ෂා කල විදිහට ඉටු නොවුනේ දෙපාර්ශ්වය අතර ගොඩනගා ගතයුතු විශ්වාසනීයත්වය සහ අවංකභවය විටින් විට කඩතොලූ වූ නිසායි.
 

ආණ්ඩුවේ ස්ථාවරය

 
එල්.ටී.ටී.ඊ පාර්ශවය දිහා බලද්දී ඒ අයට වාසිවෙන ආකාරයට සියළු දේම සකස් කර ගන්නට අවස්ථාවක් හොයමින් කල් බලමින් හිටියා. ඔවුන් සාකච්ඡා වෙත යොමු වෙන බව කීවත් කාලයත් සමග ඔවුන් ගත් ක‍්‍රියා මාර්ග විග‍්‍රහ කර බලද්දී කොතෙක් දුරට ඔවුනගේ චේතනාවන් අවංකව පැවතුනාද කියන කාරණය අද අපිට එදාටත් වඩා පැහැදිලිව පෙළ ගැස්විය හැකියි. එල්.ටී.ටී.ඊය පිහිටා සිටි ස්ථාවරය දිහා බලද්දීත් යුධ තත්වයකින් හැරුනු විට ඉක්මන් කඩිනම් විසඳුමක් ලබාගැනීම ගැන අපිට හිතන්නටවත් නොහැකි තරමට කරුනු තිබුණා. නමුත් අපි එවැනි තත්වයක් පැවතියදී පවා ආණ්ඩුව යුද්ධය, යුද්ධයෙන් හෝ වෙඩි උණ්ඩයෙන් විසඳිය නොහැකිය කියන ස්ථාවරයේ සිටියා. අපි යුද්ධයට සේන්දු වුනේම නැහැ. විශේෂයෙන් කිතුණුවන් හැටියට අපේ රාජගුරු මණ්ඩලයද උත්සහ කළේ අන්තර් ජාතික ප‍්‍රජාව හා සමග යම් සාකච්ඡාවකින් හෝ මෙය විසඳා ගන්නට හැකිනම් ඒ වෙත යොමු වෙන්නටයි . නමුත් එල් .ටී.ටී.ඊ සංවිධානයේ නොහික්මුණු ක‍්‍රියාකාර කම් නිසා රජයටත් වෙන කරන්ඩ කියන්ඩ දෙයක් තිබුණේ නැහැ. අදත් අපි පැහැදිලිවම කියනනේ මහ ජාතියෙන් සුළු ජාතියට අසාධාරණ කම් සිද්ධවුනා. ඒ වගේම මේ වනවිටත් සිදුවෙමිනුත් පවතිනවා. සුළු ජාතීන් හැම අවස්ථාවේම, හැම කටයුත්තකදිම, හැම තැනකදීම සාධාරණව හා සමතුළිත භාවයෙන් සිටි බව මා ඉන් අදහස් කරන්නේත් නැහැ. මේ කාරණය සාකච්ඡා මගින් විසඳුමකට එන්නට ඔවුන් තුළ සූදානමක් තිබුණේත් නැහැ. ඒ නිසා මේ කාරණය ආයුධ සන්නදධ අරගලයකින් රජය අවසන් කළා.

රජය කළේ යුද්ධයක්. යුද්ධයක් කරද්දී අපි කැමති වුනත් අකමැති වුනත් ධනාත්මක දේ වගේම සෘනාත්මක දේද සිද්ධ වෙනවා. සියළු දේම සාධාරණව, හැමකෙනාගේම සිතුවිළි සැළකිල්ලට ගෙන සාකච්ඡා මට්ටමින්ම හැම ගැටළුවක්ම විසඳා ගන්නට නොහැකි තත්වයනුත් උදා වෙනවා. ඒ කාරණයත් අපි පැහැදිලි අයුරින් දැක්කා. කෙසේ හෝ යුද්ධය නිමා වෙලා දැන් අපි නිදහස් ජනතාවක් හැටියට ජිවත් වෙනවාය කියන එක මුසාවක් නොවේ. යාපනයට ගියත් නැගෙනහිරට ගියත් දකුණට ආවත් ඒත් එක්කම මධ්‍යම පළාතට ගියත් රජරට උතුරු මැද පළාත් වලට ගියත් යුධ කාලයේ තිබුණු පීඩනය හා කටෝර ගතිය බෝහෝ දුරට නැතිවී ගිහින් තියෙනවා. මිනිස්සු නිදහසේ ජිවත් වෙනවා. තමාගේම හයියෙන් ජිවිතය ගෙන යන්නට ඔවුන් වෙර දරනවා. එය අපි පැහැදිලි අයුරින්ම දකිනවා. නමුත් අපි එක්තරා කාරණයක් තේරුම් ගත යුතුයි. එය නම් යුද්ධය අවසානයත් සමගම දෙමළ ජනතාවගේ සැබෑ ප‍්‍රශ්න වල කේන්ද්‍රයට ගිහින් ඒවාට සාධාරණමය විසඳුමක් දෙන්නට ආණඩුවට සධාරණ කාල පරාසයක තිබුණා. එය ඒ ආකාරයට සිදුවුනාය කියලා අපිට කියන්නට බැහැ. අද වුනත් අපි කතා කරන විවිධාකරයේ ගැටළු උදාහරණයක් ලෙසට 13 වැනි ආණ්ඩුක‍්‍රමය ව්‍යවස්ථා සංශෝධනය මත පදනම්වු බලය බෙදා ගැනීමේ විසඳුම පිළබඳව වූවත් තවම රජය පෙරුම් පුරාගෙන හිටියට සමහර කාරණා කෙරෙහි ඉන් එහාට යන්නේ නැහැ. ඒ නිසා ඉන්දියාව එක් පැත්තකිනුත් තමිල්ණාඩු දේශපාලන පෙරලියේ බලපෑම තවත් පැත්තකිනුත් ඇති වී තිබෙනවා. යළිත් වරක් එක්තරා ආකාරයකට පහසුවෙන් විසඳගන්නට තිබූ තත්වය දැන් දුරස් වේගන යනවා. ඒ සම්බන්ධව අපට නිකං බලාගෙන ඉඳීමෙන් වැඩක් වෙන්නෙත් නැහැ. කාලය ගෙවීමට ඉඩ දීමෙනුත් ප‍්‍රශ්නය විසඳෙන්නෙත් නැහැ. නැවත වරක් මෙය මහ අර්බුදයක් වෙන්නට පෙර යම් ක‍්‍රියාමාර්ගයක් වෙත යොමුවිය යුතුයි.
 

බලය බෙදා හදා ගැනීම

 
බලය බෙදා හදා ගැනීමේ අවස්ථාවන්තවමත් ඇහිරිලා ගිහින් නැහැ. නමුත් ආණ්ඩුව එක්තරා ආකාරයකට කියන්නේ පොලීසිය හා ඉඩම් සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බවයි. එවැනි ස්ථාවරයකට රජය හේත්තු වෙන්නවත් එවනි මතිමතාන්තරයක දැවටෙන්නටත්
හේතුව මෙහි තිබෙන සංකීරණ බව නිසායි. කිසිම සීමා මායිමක් නැතිව මේදේවල් කළ නොහැකි බව රජය අවබෝධ කරගෙන තිබෙනවා. මෙය මානුෂීක ප‍්‍රශ්නයක් බව අප අමතක නොකළ යුතුයි. මානුෂික ප‍්‍රශ්නය මුල් කාලයේ ඉඳලාම ඔඩුදුවන්නට ඉඩදීපු නිසා අද බරපතල ගැටළු රාශියකට අපි මුහුණ දෙමින් ඉන්නවා. රජය මූලික වශයෙන්ම කළ යුත්තේ අව්‍යාජව අදාල පාර්ශ්වයන් සමග කතිකාවතක් ඇතිකර ගැනීමයි.මෙහිදී දෙමළ ජනතාව නියෝජනය කරන නායකත්වය අපට අමතක කරන්න බැහැ. ඉන්දියාව 1983 පටන් මේ දක්වාම මේ ප‍්‍රශ්නය ගැන අවධානය යොමු කරනවා වගේම තදබල ක‍්‍රියාමාර්ගද ගත්තා. නමුත් තවම ප‍්‍රශ්නයට විසඳුම් ලෙසට කිසිවක් සිදු වී හෝ වෙනසක් ඇති වී නැහැ. එම නිසා විශේෂ නිර්දේශ ඇතුලත් කරුණු ජනතාව ඉදිරියට ගෙනවිත් එතැනින් බලය බෙදා හදා ගනීමේ ක‍්‍රියාවලියකට යාම වැදගත්.

අපි ඉන්දියාවට නිතරම සළකන්නේ වැඩිමහල් සහෝදරයෙක් ලෙසටයි. ඒ වගේම ඉන්දියාවේ ප‍්‍රමුඛතාවය වෙන්නෙත් සුළුජන කොටස් වල හදගැස්ම කුමක්ද යැන්න සොයා බැලීමයි. මේවා ඉතාම සංකීරණ වගේම සියුම් යතාර්ථයන්. මෙවැනි අවස්ථාවක කොයි වගේ ස්ථාවරයකට යොමුවේදැයි කිව නොහැකියි. නමුත් මේ දක්වා ඔවුන් කළ කී දේ තුළින් අපට පැහැදිළිවම දකින්නට ලැබෙන්නේ ඉතාමත්ම ඕනෑකමින් එ් අය අපේක්ෂා කරන්නේ දෙමළ ජනතාවට වාසිදායක වෙන විදිහේ වැඩ පිළිවෙලකට යන්න. තවමත් ඒ අය වේවැල අතට අරගෙන කෙවිට අතට අරගෙන අපි පසුපස්සේ එන්නේ නැහැ. නමුත් මෙය ඇදි, ඇදි ගියොත් සුභවාදී ප‍්‍රතිචාරයක් නොලැබුනොත් අනිවාර්‍යයෙන්ම මෙහි කෙළවර අසුභවාදී විය හැකියි. ඉන්දියාවට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මා’හැඟි සැළසුමක් තිබුණේ අද ඊයේ නෙමේ. එදා සිටම ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන්ම කොටසක් බවට ඔවුන් සළකනවා. හදවත් වල තිබෙන අනේ‍යානය හැඟීම්බර ස්වභාවය හා නම්්‍යශීලී ස්වභාය තියෙනවා.
 

දෙමළ ජාතික සංධානයේ අසරණභාවය

 
වෙනදෙයක් වෙච්චාවේ කියන ස්ථාවරයේ දෙමළ ජාතික සංධානය නැහැ. ඊට වඩා නිහඬ ප‍්‍රතිපත්තියක ඔවුන් ඉන්නවා. නිහඬතාවයත් එක්තරා විදිහක ලොකු බලවේගයක්. නිහඬව සිටීමෙන් ඇතුලාන්තයේ තිබෙන ක‍්‍රියාකාරීතවය කුමක්ද යැන්න අපි දන්නේ නැහැ. කෙසේ වෙතත් ඉන්දියාව හෙවත් ජයලලිතා යම්යම් දේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ කි රීම් කරන්නේත් සමහර දේ මෙසේ ඉෂඨවිය යුතුයි යන ස්ථාවරයේ සිටින්නේත් ඒ අයගේම ස්වතන්ත‍්‍ර දැනීම සහ සිතැඟිවලින්ම නොවේ. ඉන්දීය මධ්‍යම රජය ලබන අන් අයගේ ප‍්‍රතිචාරයත් සැළකිල්ලට ගෙනයි. මේ අය නිහඬව සිටියට අදාල පුද්ගලයින් සමග අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා කටයුතු නොකරනවාය කියන කාරණය අපට කියන්නට බැහැ. මේ අයත් ඉතාමත්ම සුපරීක්ෂාකාරීව ඉන්නේ රජය සමග මුහුණට මුහුණලා ගැටිමමේ අවස්ථාවේදී නුසුදුසු වන නිසායි. ආණ්ඩුව සමග තරහවෙලා තම අවශ්‍යතා ඉෂ්ඨ කරගන්නා තැනට වැටෙන්නට දෙමළ ජාතික සංධානය සූදානම් නැහැග ආණ්ඩුව යුද්ධය හසුරුවාපු ආකාරයත් යුද්ධය ජයග‍්‍රහනය කළ ආකාරයත් බැලූවාම ආණ්ඩුවට යුධ ජයග‍්‍රහනය කෙරෙහි හොඳ සළැසුමක් තිබුණුබව අපට දැන් වැටහෙනවා.
 

ඉඩම් සහ පොලිස් බලතල නොදෙන්නට ආණ්ඩුවට තියෙන හයිය

 
යුද්ධය කෙරීගෙන යන අතරවාරයේදි යුද්ධය නැවැත්වීමට සහ යුද්ධයෙන් විනාශවන මිනිස් ජිවිත බේරා ගැනීමටත් ඉන්දියාව මැදිහත්වෙන කොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්දියාවට කිව්වේ යුද්ධය සාර්ථකව අවසන් කළ පසු දෙමළ ජනතාව වෙනුවෙන් 13 හෝ ඊටත් එහා යන විසඳුමක් දෙන බවයි. මේවා නිකම්ම දේශපාලන පොරොන්දු විතරයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්දියාවට ලස්සනට කොකා පෙන්නුවා. අනිවා්‍යයෙන්ම ජනතාව තුළ තියෙන සිතුවිළි තමයි අපි මේ ප‍්‍රශ්නයේදී සාධාරණ ලෙස විසඳුමක් දියයුතුවා වගේම රට බෙදී යන ආකරයකට නැතහොත් බලය එක්තැන් වීමෙන් මධ්‍යම රජයට තර්ජනයක් අභියෝගයක් එල්ල වන ආකාරයට යමක් සිදුවුවහොත් එයට ජනතාවගේ අවනත භාවයක් ලැබෙන්නේ නැහැ. මේ කාරණය සම්බන්ධයෙන් අපේ ජනතාව ඉතාම සංවේදීයි. ඒ නිසා රජය කියන දේවල් සහ කළහැකි දේවල් මේවාය කියා කිය යුත්තේ ඉතාම සුපරීක්ෂාකාරිව සහ විශේෂයෙන් දේශපාලනමය වශයෙන් තර්ජනයක් නොවන ආකාරයටයි. ඉඩම් බලතල සහ පොලිස් බලතල නොදෙන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැවසීම තුළින් මෙරට සිංහල සමාජය සැනසීමකට පත්වෙනවා. පළාත් සභා ක‍්‍රමය සහ බලය බෙදීම ලංකාවටම එක ලෙස බල පෑ යුතු කාරණයක්. පළාත් සභා ක‍්‍රමය ඉදිරිපත් කර තිබෙන්නේ ලංකාවේ සෑම පළාතක්ම හසුවන ආකාරයටයි. නමුත් මේ දක්වාම පළාත් සභාවකට හෝ පළාත් සභා ආයතනයකට මේ අය අපේක්ෂා කරන බලය බෙදාහැරීමක් දී නැහැ. සාධාරණයක් වන ආකාරයකට යම් පාලන ව්‍යුහයක් තියෙනවා. ඒ හැරුණු විට මධ්‍යම රජයේ සම්පූර්ණ පාලනය මොනයම් ආකාරයෙන් හෝ බිඳෙන ආකාරයට දීලා නැහැ. මේ අයට පොලිස් සහ ඉඩම් බලතල දිය යුත්තේ ඇයි කියන කාරණය සිංහල සමාජය අහනවා. ඒ පිළිබඳවත් සැළකිළිමත් වීමට ආණ්ඩුවට සිද්ධ වී තියෙනවා. 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු වීමට හේතු වුනේ ඒ අවස්ථාවේදී මෙය පිළිතුරක් වේය යන ස්ථාවර තුළයි. ඒ හැරුණු විට සියළු දෙනා අතර එකසේ පොදුවේ බලපාන
දෙයක් අපි දකින්නේ නැහැ.
 

ශ‍්‍රී ලංකාව කෙරෙහි චැනල් 4 බලපෑම

 
ශ‍්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ අවසන් අධියරේදී ඇතිවුනාය කියන යුධ අපරාධ සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව ගෙන හැර දක්වන රූප රාමු හෙවත් අදාල චිත‍්‍රපටිය නිසා ශ‍්‍රී ලංකාවට විශාල අවාසියක් සිදු වී තියෙනවා. අද අපේ මිතුරන් බවට පත් වී සිටින චීනය, රුසියාව සහ ඉරානය වැනි රටවල් අපේ සහයට ඉන්නවා. ලෝකයේ බලවතුන් හැටියට සැළකෙන ලෝකයේ මහ බලපෑමක් ඇති කළහැකි මහ ජාතියෙන් ඈත්වෙලා ඔවුන් සමග යුධ වැදිලා කටයුතු කරන්න අපිට බැහැ. කුඩා රටක් හැටියට මේ මහා අර්බුදයෙන් අපි ජය ගත්ත එක සුභවාදී ලෙස ඔවුන්ටත් පූර්වාදර්ශයක් ගත හැකි ආකාරයට කටයුතු කරන්නට තිබුණා. රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමින් අපේ මධ්‍යස්ථභාවය ලෝකයට කියාපාන්නට පුළුවන්. ශ‍්‍රී ලංකාව කුඩා රටක් වුනත් අප ඉදිරියේ තියෙන අපේ අර්බුධ විසඳගන්න හැකිය කියන තත්වය සැබෑ ලෙස ප‍්‍රකාශ කළහැකි රාජ්‍ය තන්ත‍්‍රීකයින්ව අපි පාවිච්චි කළයුතුයි. අපි මෙහේ ඉඳගෙන බෝඞ් අල්ලගෙන විරෝධතා ව්‍යාපාර පවත්වලා කෑගැහැව්වාට පලක් නැහැ.ඒවා නිකං පුහු ඝෝෂා විතරයි. මේ කාරණයේදී එංගලන්තයේ සිටින ශ‍්‍රී ලංකා තානාපතිගේ වගකීම මොකක්ද?. ඔවුන්ට අපේ රට ගොඩ නගන්න පුළුවන්ද. මේ තැන් වල ඉන්නේත දේශපාලන හෙන්චයියලා. මෙවැනි ප‍්‍රශ්නවලට රාජ්‍ය තාන්ත‍්‍රී මට්ටමේ සාරථකව මුහුණ දියහැකි බුද්ධිමතුන්ව මේ කාරණයෙන් මගහැරිලා කියලා අපට වැටහෙනවා. මේවා අපි අනිවාර්්‍යයෙන්ම සැළකිල්ලට ගත යුතුයි. බුද්ධිමත්ව සහ ප‍්‍රඥාගෝචරව කියන කරන දේවල් සහ ක‍්‍රියාවන් වෙත යොමු විය යුතුයි වගේම එරටෙහි රාජ්‍ය පාලකයින් සමග සහයෝගයෙන්ද ක‍්‍රියා කළ යුතුයි. නියම සුදුස්සාද සුදුසු තැන්වල ඉන්නේ. ඔවුන්ට සැබෑ ලෙසම ප‍්‍රශ්න විසඳිය හැකි බුද්ධි මහිමයක් තියෙනවාද?.
 

දෙමළ ජනතාවට දෙන විසඳුම හා කතෝලික සභාවේ ස්ථාවරය.

 
අපි ජිවත්වන අපේ රට පළවෙනියට තැබිය යුතුයි. එය අපි පැහැදිළිවම තේරුම් ගතයුතු කාරණයක්. රට කියන්නේ භූමි භාගය නෙවෙයි. රට කියන්නේ විවිධ අර්බුධ, විවිධ ප‍්‍රශ්න සහ විවිධ ගැටළු ආදියට හසුව තම ජිවිතය ගොඩ නගා ගන්නට කටයුතු කරන ජනතාව. ජනතාවට සුභවාදී ලෙස සහ ජනතාවට තමාගේ මනාපයට අනුව නිදහසේ ජිවත් විය හැකි පරිසරයක් නිර්මාණය විය යුත්තේ කෙසේද එතැන ස්වභාවිකයි. ඒ අය අපේක්ෂා කරන ස්ථාවරය සැබෑ ලෙසම බුද්ධිමත්ව දීර්ඝ කාලීනව රටේ පොදු යහපත තකා කෙරෙන අභ්‍යාසයක් විය යුතුයි. යුක්තිය සාධාරණය ඔස්සේ යහ පාලනය මතින් රට කරවන අය මේ ප‍්‍රශ්නවලට විසඳුමක් ලබා ගැනීමට කටයුතු කලයුතුයි. මේ රට සිංහල, දෙමළ, බර්ග සහ මැලේ යන විවිධ වු ජාතීන්ගේ වාසස්ථානයයි. ඒ වාසස්ථානයට සම්බන්ධකම් කියන සැමට නිදහසේ නිවහල් ජාතියක් ලෙස ජිවත්වීමට අවශ්‍ය කරන පරිසරය තිබිය යුතුයි. මහ ජාතියට එවැනි අයිතිවාසිකම් හා හිමිකම් ඇතිව කතා කරන්නට හා ක‍්‍රීයා
කරන්නට අවස්ථාවන් හැමවිටම පාදගන්නවා වගේම සුළු ජාතීන්ටත් ඒ ආකාරයෙන්ම මේරටේ ජිවත්වන අය ලෙසට ජිවත් වන්නට පරිසරය ගොඩ නැගීම කළයුයි.එය අපේ ස්ථාවරයයි.

Loading...

RSL

Related Posts