සා.පෙළ විෂයයන් හයක් කිරිමට අවධානය- ඇමති අකිල කියයි

Spread the love

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය නිර්දේශිත අනිවාර්ය විෂයයන් සංඛ්‍යාව ඉදිරියේදී විෂයයන් 6 කට සීමා කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය.
අමාත්‍යවරයා සඳහන් කළේ දරුවන්ගේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණ ඇතිව මෙම වෙනස්කම් සිදු කරන බවයි.

ජාතික සුරක්ෂා සිසු රක්ෂාවරණ දිනය නිමිත්තෙන් නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඊයේ (07) පැවති ජාතික උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඉදිරියේදී මෙරට පාසැල් විෂය මාලාව තුළ පුළුල් වෙනසක් කිරීමට අපේක්ෂා කරන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

අදාල පුළුල් කිරීමේදි දැනුම පවතින ප්‍රධාන විෂයයන්වලට අමතරව සෙසු විෂයයන් ප්‍රයෝගික හා දියුණු ඇගැයීම් ක්‍රමවේදයකට අනුව සැලසුම් කිරීමට ද අපේක්ෂා කෙරේ.

මෙම උත්සවය අමතමින් අමාත්‍යවරයා සඳහන් කලේ සිසු රක්ෂාවරණය හඳුන්වා දීමේදි එය කිරීමට නොහැකි දෙයක් ලෙසට බොහෝම් දෙනා පැවසූ බවය.

එහෙත් වර්තමානය වන විට එය යථාර්තයක් බවට පත්ව ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය . සුරක්ෂා සිසු රක්ෂාවරණය දැනුවත් කිරීමේ පත්‍රිකාවක් නිල වශයෙන් එළි දැක්වීම ද මෙහිදී සිදු විය.

මෙම රක්ෂණය යටතේ සිසුවකුගේ බාහිර ප්‍රතිකාර වසරකට 10 000 ක මුදලක් හිමි වේ.

රෝහල් ගත වීමකදී රුපියක් 100 000 දක්වාද පාසැල් දරුවකුගේ හදිසි මරණයකදී රුපියල් 100 000 බැගින්ද හිමිවේ.
දරුවෙක්ගේ මව හෝ පියාගේ මරනයකදී රු 75 000 ක මුදලක් මෙම රක්ෂණය යටතේ සිසු දරුවාට හිමිය.
මීට අමතරව සිසු දරුවකු පූර්ණ ආබාධිත තත්වයට පත් වූ විට රුපියල් 100 000 ද අර්ධ ආබාධිත තත්වයට පත් වූ විට 50 000 සිට 100 000 දක්වා මුදල්ක්ද මෙහිදී සිසුවාට ප්‍රතිලාභ ලෙසට ලබාදීම සිදුවේ.

Loading...

RSL

Related Posts