සමාජමාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව සහතික කිරීමට හිටපු අගමැති රනිල් කළ ‘යෝජනාව‘

Spread the love

සමාජ මාධ්‍යවල තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධනයක් ඉදිරිපත් කළ යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) යෝජනා කළේය.

එක්සත් ජාතික පක්ෂයේ තරුණ කණ්ඩායමක් විසින් ඊයේ සංවිධානය කරන ලද අන්තර්ජාල වැඩමුළුවකදී වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කළේය.

පුද්ගලයකු අත්අඩංගුවට ගත හැක්කේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදී සිටියහොත් පමණක් බව කී හිටපු අගමැතිවරයා සමාජ මාධ්‍යවල සටහනක් තැබීම ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය. 

‘එක්කෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන යෝජනා කළ හැකියි. එහිදී පාර්ලිමේන්තුවට අදාළ යෝජනා සාකච්ඡා කොට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සිදුකළ හැකි යැයි ද හිටපු අගමැතිවරයා සදහන් කළේය.

Related Posts