
ශ්‍රී ලංකාව සහ තම රජය අතර පවතින වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු වී ඇති බව තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් චව්සෝග්ලු (Mevlüt Çavuşoğlu) මහතා පවසයි.
තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් චව්සෝග්ලු මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.
වෙළෙඳ කටයුතු විවිධාංගීකරණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ භාණ්ඩ රැසකට තුර්කි වෙළෙඳපොළ පුළුල්ව විවෘත කෙරෙන බව මෙව්ලුට් චව්සෝග්ලු මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව තුළ අයෝජන අවස්ථා සම්බන්ධයෙන් තම රටේ ව්‍යවසායකයන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද තුර්කි විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජපක්ෂ මහතා වෙත තුර්කි ජනාධිපතිවරයාගේ සුබාශීංසන පිරිනැමූ මෙව්ලුට් චව්සෝග්ලු මහතා පසුගිය වසරේ තුර්කියට පැමිණෙන ලෙස කළ ආරාධනය නැවත වරක් සිහිපත් කරන බව පැවසීය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට විවිධ වෛද්‍ය උපකරණ ඇතුළුව ලබා දුන් ආධාර සහ උපකාර පිළිබඳ ජනාධිපතියරයා තුර්කි විදේශ අමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පළ කළේය.