ශ්‍රී‍්‍ර ලංකාවේ ආර්ථිකය තුළ විදේශ විනිමය ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් යුතුව විනිමය පාලන නීති තවදුරටත් ලිහිල් කිරීම සඳහා නව ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ගයන් ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇත.
2011 අගෝස්තු 17 දින සිට කි‍්‍රයාත්මක වන නව ප‍්‍රතිපත්තිමය කි‍්‍රයාමාර්ගයන් පහත දක්වා ඇත.
1. ඒකක භාරයන්හි විදේශ ආයෝජනයන් සඳහා වන සීමා ලිහිල් කිරීම.
ඒකක භාරයන්හි ආයෝජනයන් ප‍්‍රවර්ධනය කිරීමේ වාසි හේතුකරගෙන සහ එවැනි ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින්, 2011 අයවැය මගින් ඒකක භාරයන්හි ආයෝජනයන්ට අදාළ විනිමය පාලන සීමා ඉවත් කිරීමට යෝජනා කරන ලදී. ඒ අනුව, අනේවාසික සහ විදේශීය ආයතනික ආයෝජකයන්ට ශ්‍රී‍්‍ර ලංකාවේ ඒකක භාරයන්හි ආයෝජනය කිරීමට මහ බැංකුව විසින් අවසර ලබා දෙනු ඇත.
2. ශ්‍රී‍්‍ර ලාංකික ශිෂ්‍යයන්ට විදේශීය මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීම සඳහා අවසර ලබාදීම.
පසුගිය වසර කිහිපය තුළ, විදේශීය රටවල්වල උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී‍්‍ර ලාංකික සිසුන් සංඛ්‍යාවේවැඩිවීමක් දක්නට ඇත. මෙම සිසුන් එතෙර අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරතුර ඔවුන්ගේ අධ්‍යාපනික හා ජීවන වියදම් සපුරා ගැනීම සඳහා විදේශීය බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවලින් මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවශ්‍ය වනු ඇත. පවතින රෙගුලාසි අනුව විනිමය පාලකගේ පූර්ව අවසරය ලබා ගත යුතු වූවත් එම සිසුන් විදේශගත වී සිටින බැවින් එවැනි අවසර ලබා ගැනීමට ප‍්‍රායෝගික දුෂ්කරතා පැන නගී.ඒ අනුව, ශ්‍රී‍්‍ර ලාංකික සිසුන්හට විදේශීය මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීම සඳහා පොදු අවසරයක් ප‍්‍රදානය කිරීමට තීරණය කර ඇත.
3. ශ්‍රී‍්‍ර ලංකාවේ පිහිටි දේපොළ මිලදී ගැනීමේදී අනේවාසිකයන්ට ගෙවීම් කිරීම සඳහා පොදු අවසරයක් ලබාදීම.
පවත්නා රෙගුලාසි යටතේ, අනේවාසික ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට හිමි ශ්‍රී‍්‍ර ලංකාවේ පිහිටි දේපළ මිලදී ගැනීමේදී ගැනුම්කරුවන් විසින් අනේවාසිකයන්ට ශ්‍රී‍්‍ර ලංකාවේදී ගෙවීම් කිරීම සඳහා විනිමය පාලකවරයාගේ පූර්ව අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වේ.එම විදේශ විනිමය ගනුදෙනුවලට පහසුකම් සැලසීමේ අරමුණින් යුතුව ශ්‍රී‍්‍ර ලංකාවේ පිහිටි දේපළ මිලදී ගැනීම සම්බන්ධයෙන් අනේවාසික ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට ගෙවීම් කිරීම සඳහා ගැනුම්කරුවන්ට විනිමය පාලන පනතේ 7 වන වගන්තිය යටතේ පොදු අවසරයක් ප‍්‍රදානය කිරීමට තීරණය කර ඇත.
4. මුදල් හුවමාරු ව්‍යාපාරයේ නියැලීම සඳහා සුපිරි වෙළෙඳසැල්වලට අවසර ලබාදීම.
සංචාරක කර්මාන්තයේ වර්ධනය හා විදේශගත ශ්‍රී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් විසින් කරනු ලබන පර්යේෂණවල වැඩිවීමත් සමග මුදල් හුවමාරු ව්‍යාපාරය ඉදිරි වර්ෂයන් තුළදී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.වර්තමානයේදී මුදල් හුවමාරු ව්‍යාපාරය කොළඹ දිස්ති‍්‍රක්කය සහ බස්නාහිර පළාතේ වෙරළබඩ තීරය තුළ ප‍්‍රධාන වශයෙන් කේන්ද්‍රගත වී ඇති අතර ඒවායේ සේවය බොහෝවිට ලබාගත හැක්කේ පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 වන තෙක් පමණි. විධිමත් මාර්ගයන් ඔස්සේ විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු කිරීමට බලාපොරොත්තු වන අයට අතිරේක පහසුකම් සැලසීම පිණිස, නිවාඩු දිනයන්ද ඇතුළත් ව සියලු දිනයන්හිදී මධ්‍යම රාති‍්‍රය තෙක් සුපිරි වෙළෙඳසැල් විවෘත ව පවතින නිසා තෝරාගත් සුපිරි වෙළෙඳසැල්වලට මුදල් හුවමාරු බලපත‍්‍ර ප‍්‍රදානය කිරීමට තීරණය කර ඇත.
5. ශ්‍රී ලංකාවේ පදිංචි විදේශිකයන් විසින් පවත්වාගෙන යනු ලබන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් සඳහා නව පහසුකම් ලබාදීම.
ශ්‍රී‍්‍ර ලංකාවේ පදිංචි විදේශිකයන්ට ”නේවාසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (RNNFC)” නමින් ගිණුම් විවෘත කිරීමට සහ පවත්වාගෙන යාමට වර්තමානයේ අවසර ඇත. කෙසේ වෙතත් එම ගිණුම් හිමියන්ට ශ්‍රී‍්‍ර ලංකා රුපියල්වලින් ලබන ඉපැයුම් එවැනි RNNFC ගිණුම්වලට බැර කිරීම සඳහා අවසර නොමැත. විදේශ විනිමය ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් යුතුව, එබඳු විදේශිකයන්ට ශ්‍රී‍්‍ර ලංකා රුපියල්වලින් ගෙවනු ලබන වැටුප් හා අනෙකුත් ප‍්‍රතිලාභ විදේශ ව්‍යවහාර මුදල් බවට පරිවර්තනය කර RNNFC ගිණුම්වලට බැර කිරීම සඳහා අවසර ප‍්‍රදානය කිරීමට තීරණය කර ඇත. එමෙන්ම අක්වෙරළ බැංකු කටයුතු අංශයන්හි පවත්වාගෙන යනු ලබන ගිණුම්වලින් RNNFC ගිණුම්වලට මුදල් මාරු කිරීම සඳහා ද අවසර ලබා දෙනු ඇත.
ඉහත විදේශ විනිමය රෙගුලාසි ලිහිල් කිරීම මගින් ආයෝජක විශ්වාසය වැඩි වනු ඇති බවත්, විදේශ සංචිත ශක්තිමත් වීමෙන් විදේශ විනිමය වෙළෙඳපොල ස්ථාවර වනු ඇති බවත් එමගින් ගෝලීය ආර්ථිකයන් සමග ශ්‍රී‍්‍ර ලංකා ආර්ථිකය ඒකාබද්ධ කිරීමට අවකාශ සැලසෙනු ඇතැයි ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
විනිමය පාලන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව