වැටුප් අරගලය පුළුල් ජනතා අරගලයක් දක්වා – කේ. ඩී. ලාල්කාන්ත

Spread the love

ඊ‍යේ (18 අගෝ.) සවස කොළඹ පැවති වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේ රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩිකර ගැනීමේ අරගලය ආරම්භ කර ඇති බවත්, ඉදිරියේදී එය පුළුල් ජනතා අරගලයක් බවට පත්කර ගැනීමට කටයුතු කරන බවත්ය.

සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩිකරගැනීමේ අරගලය හා එක්වෙමින් ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති රැසක එකඟතාවය ප්‍රකාශයට පත්කිරීම සඳහා මෙම නියෝජිත හමුව සංවිධානය කර තිබිණි.

එහිදී වැටුප් අරගලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා පැවසුවේ ජාතික මට්ටමින් ආරම්භ කර ඇති මෙම අරගලයට වෘත්තීය සමිති එක්කර ගැනීමට එක් අතකින් පියවර ගන්නා අතරම අනෙක් අතින් වැඩකරන ජනතාව පුලුල් ලෙස එයට සම්බන්ධ කරගැනීමට ඔවුන් දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම අරගලයට පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ද සම්බන්ධ කරගනිමින් පුළුල් ජනතා අරගලයක් බවට පත්කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

Loading...

RSL

Related Posts