ලසිත් මාලිංග ජාතික කණ්ඩායම සමඟ එක්වෙයි

Spread the love

එළැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා ජාතික කණ්ඩායමේ ⁣ උපාය මාර්ගික පන්දු යැවීමේ පුහුණුකරු’ ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එක්දින සහ විස්සයි20 අංශයේ නායකයකු ලෙසින් ද කටයුතු කළ මාලිංග, එම තරග සංචාරයේදී ජාතික කණ්ඩායමේ පන්දු යවන්නන්ට උපාය මාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සහයෝගය ලබා දෙනු ඇත.ඊට අමතරව පිටියේ උපායශීලී අවබෝධය ලබාදීමට අමතරව තාක්ෂණික විශේෂඥයකු ලෙසද කටයුතු කරනු ඇත.
2014  වසරේදී බංග්ලාදේශයේ පැවැති ⁣පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන දිනාදීමට මාලිංගගේ නායකත්වයට හැකියාව ලැබිණ. මාලිංග යනු විස්සයි-20 තරග රටාවේ අකි විශාලතම අත්දැකීම් සම්භාරයක් සහිත පන්දු යවන්නකු බැවින් ඔහු සතු දැනුම මෙම තරගාවලියේදී කණ්ඩායමට මහත් සේ උපකාරී වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් හි විශ්වාසය බවට පත්ව තිබේ.

“අප සතුව ඉතා දක්ෂ තරුණ පන්දු යවන්නන් කිහිප දෙනෙක් සිටින අතර ඔවුන්ගේ දියුණුවට උපකාර කිරීම සඳහා මගේ අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගැනීමට අවස්ථාව ලැබීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා,” යැයි සිය පත්වීම පිළිබඳ මාලිංග අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මාලිංගව අදාළ ධුරය සඳහා පත් කිරීමට පියවර ගනු ලැබීය. එම පත්වීම පෙබරවාරි 1 සිට 20 දක්වා බලපැවැත්වේ.

Loading...

Related Posts