
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ෆර්ඩිනෑන්ඩු මහතා විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කළ අතර ඔහු ලංවිම සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් සේවකයන් අතර බලවත් විරෝධයක් ද මතු විය.
මේ අතර යුගදනවි ගනුදෙනුවේදී ලංවිම සේවකයින් වෙතින් බලවත් විරෝධයක් තිබියදීත් ආණ්ඩු ප්‍රාර්ශවය නියෝජනය කළ අයෙක් ලෙස ඔහු දැඩි විවේචනයට ලක් වූ අතර ඔහු යුගදනවි ගිවිසුමේ සාක්ෂිකරුවෙකු ලෙසද අත්සන් කර තිබුණේය.

මේ අතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා පසුගිය 24 වනදා සිට එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. තමන්ට තවදුරටත් එම ආයතනය තුළ හිතට එකඟව වැඩ කටයුතු කර ගැනීමට නොහැකි බැවින් තමන් මෙලෙස එම සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු පවසා ඇත.
Loading...