
පසුගිය යහපාලන රජය සමයේදී මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය විනාශ වූ බවත්, අද අප එය අත්විදිමින් සිටින බවත්, ඔවුන් විනාශ කළ ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉදිරි වසර තුල ගොඩනඟන බවත් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
හිටපු නිවාස ඇමතිවරයා එදා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන වලට බුරුතු පිටින් සේවකයින් බඳවාගෙන ඇති බවත්, එම සේවකයින් සහ රාජ්‍ය දේපල දේශපාලන කටයුතු සදහා යොදාගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
“රටේ ජනතාවට රු. 5000 ක් ලබාදී මොනවා කරන්නද” කියා විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී අපෙන් ප්‍රශ්න කරන බව පැවසූ අමාත්‍යවරයා විපක්ෂය එදා වගකීම් සහගතව කටයුතු කලානම් අද ජනතාවට රු 5000 ක් නොව රු. 50000 ක් වූවද ලබාදීමට හැකියාව තිබූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් නවීකරණය කරන ලද දංකොටුව, ඇටියාවල ගඩොල් හා පෙරනිමි සිමෙන්ති භාණ්ඩ නිෂ්පාදන, දැව ආශ්‍රිත නිෂ්පාදන වැඩබිම සහ නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට වසරක් සපිරීම නිමිත්තෙන් විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, නවීකරණය කරන ලද මෙම වැඩබිම සහ නව ප්‍රදර්ශනාගාරය විවෘත කරන ලදි.
මෙම වැඩබිම තුළින් නියම ප්‍රමිතියෙන් යුතු ගඩොල් හා පෙරනිමි නිෂ්පාදන සහ දැව ආශ්‍රිත භාණ්ඩ ඉතා සහනදායී මිලට මිලදීගැනීමට හැකියාව ඇත.