
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.
මීට පෙර මෙම වයස් සීමාව අවුරුදු 35ක් ලෙස නියම කර තිබූ අතර ඊට වඩා වයසින් වැඩි උපාධිධාරීන්ගේ සහ තවත් මහජන සංවිධානවල ඉල්ලීම සලකා වයස් සීමාව අවුරුදු 45 දක්වා වැඩිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සදහන් වෙනවා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් 2019-12-31 වන දිනට සම්පූර්ණ කර ඇති අයට මේ සඳහා අයදුම් කළ හැකිය.
මේ සඳහා වන අයදුම්පත් මෙම මස 20 වැනිදාට පෙර තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඞ් පෝස්ට් කූරියර් සේවාව මගින් රැකියා විරහිත උපාධිධාරින් / ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන 2020, ආයතන කළමනාකරණ සහ සම්බන්ධිකරණ අංශය, ජනාධිපති ලේකම් කාර්යාලයල ගාලු මුවදොරල කොළඹ 01 ලිපිනයට යොමු කළ යුතුය.
ලිපියේ වම් පස ඉහළ කෙළවර, රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන – 2020 ලෙස සඳහන් කර තිබිය යුතුය.
අදාළ අයදුම්පත් ජනාධිපති කාර්යාලීය www.presidentsoffice.gov.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි අතර වැඩිදුර තොරතුරු 0112433261 දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැකිය.