‘රනිල්ගේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත‘ මහින්ද කරේ තියන් යන්නේ ඇයි ?

ඓතිහාසික වශයෙන්  දෙකඩ  වීමට තිබූ රට එක්සේසත් කළ ඊට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ 2015 දී මෙරට ජනතාව එම සිහසුනෙන්  එළවා දැමීමට ප්‍රධාන වූ එක් කරුණක් විය.

ඒ ඔහුගේ පාලන සමයේ දී සිදු වූ සයිටම් නැමැති පුද්ගලික උපාධි කඩය ආරම්භ කිරීමට ඔහුගේ රජයේ  මැදිහත් වීමයි. චීනයට පසුව ආසියාවේ ඉතා ඉහළ ආර්ථික වර්ධන වේගයක් සහිතව තිබූ රට අවසානයේ ඇෆ්ගනිස්තානයේ ආර්ථික වර්ධන වේගයටත් පසුගාමී විය 
සමාජයේ එක කොටසක් පිනවීමට ගොස්  රටක් එක්සේසත් කළ නායකයා ට ගෙදර යාමට සිදුවිය.  එහෙත් ඉන් අනතුරුව බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ රජය සයිටම් ආයතනය  පවත්වාගෙන ගියා පමණක් නොව ඊට සම්පූර්ණ අනුග්‍රහයද දැක්වූහ.

ඔහු සිතුවේ ඔහුගේ දක්ෂකම ට රජය බලයට පත් වුවා යන්නයි අවසානයේදී  මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැදි පිරිස්වල දැඩි කැපවීම මත එය පරාජය කරන අතර ,ලියුම්කරු  පුද්ගලිකව රනිල් වික්‍රමසිංහ මහතාට එදා පෙන්වා දුන්නේ ආන්ඩුවේ විනාශය මෙය බවයි එය ඔහු ගණන් ගත්තේ ද නැත.

එය පරාජය වීමෙන් නොනැවතුණු ඔහු ඉන් අනතුරුව සූක්ෂ්ම ගැටයක් ගසමින් කොතලාවල ආරක්ෂක විශේෂ විධිවිධාන පනත ගෙන ආ අතර එදා විපක්ෂ නායක වශයෙන් සිටි මහින්ද රාජපක්ෂ මහතා  අද විපක්ෂ නායකවරයා මෙන් එම පනතට ප්‍රසිද්ධියේ විරුද්ධ වූ අතර ලියුම්කරු ඒ සම්බන්ධයෙන් ඔහුගේ නිවසට ගොස් ම දැනුවත් කරන ලදී.  

එහෙත් රෑ වැටුණු වලේ දවල් නැවත නැවත වැටෙමින් මහජන අප්‍රසාදය ළඟා කර ගනිමින් රටේ මහජනතාවගේ අප්‍රසාදයට ලක් වෙමින් හැට නම ලක්ෂය ජනවරමට පයින් ගසමින්  රනිල් වික්‍රමසිංහ ගෙනා ප්‍රතිපත්ති පනත් ක්‍රියාත්මක කරමින් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉරා විසි කරමින් කටයුතු කරන්නේ කවුරුත් සැනසීම වෙනුවෙන් ද ? පැහැදිලිව රටක් වෙනුවෙන් නොව සුළු පිරිසක් සැනසීම වෙනුවෙන් ය. (එය පැහැදිලිව ගත්තොත් හතලිස් තුන් ලක්ෂයක් වෙන මෙරට ජාතික පාසල් පද්ධතියේ  සිසුන්ගේ දෙමාපියන්  රවටා  බලය ලබාගෙන 160000 ක් වන අන්තර්ජාතික   පාසල්වල සහ මද්රසා පාසල් වල  සිසුන්  වෙනුවෙන් පෙනී සිටිමය)

මේ රටේ බොහෝ දෙනා දන්නා පරිදි රජයේ පාසල් අධ්‍යාපනය විශ්ව විද්‍යාල අධ්‍යාපනය පශ්චාත් උපාධි අධ්‍යාපන ඉතා දීර්ඝ කාලයක් ගතවන වෙහෙසකර ක්‍රියාවකි. ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව වසර දහයකට ආසන්න කාලයක් එය වෙනුවෙන් ගත වෙන අතර එය මේ රටේ දියුණුවට මහත් බාධාවකි ජාතික ධනය විනාශ  මෙන්ම දෙමාපියන්ගේ ධනය ද අපතේ යාමකි දරුවන්ගේ කාලය ද විනාශ වීමකින් ජාතික ඉදිරි ගමනට බාධාවකි 

(එම කරුණු අඳුනාගත් මේ රටේ බොහෝ විද්වතුන් ලෝකයේ අධ්‍යාපන ක්‍රමයන් හදාරා ඉන් රටට වන අවාසිය තේරුම්ගෙන නව අධ්‍යාපන ක්‍රමවේදයන් වත්මන් රජයට ඉදිරිපත් කර ඇතත් එම ක්‍රමවේදයන් කැබිනට් මණ්ඩලය අනුමත කර ඇතත් එය ක්‍රියාත්මක නොකර කැබිනට් මණ්ඩලය අනුමත නොකරන ලද  කොතලාවල පනත කඩිමුඩියේ ඉදිරිපත් කරන්නේ හතලිස් තුන් ලක්ෂයකට පයින් ගසා එක් ලක්ෂ හැට දහසක් වෙනුවෙනි)

මෙරට ධනය ඇති බොහෝ දෙමාපියන් දේශපාලනඥයන් නීති  ක්ෂේත්‍රයේ  ඉහළ නිලධාරීන් විවිධ වෘත්තිකයන් මේ කාලය පිළිබඳ මනා අවබෝධයක් ඇති හෙයින් ඔවුන්  රජයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දියුණු කිරීමට කරුණු ඉදිරිපත් නොකර එම අරමුණු කඩාකප්පල් කරමින්  තමන්ගේ පුද්ගලික අරමුණු ඉටුකරගැනීම  වෙනුවෙන් ඉතා දැඩිව වෙහෙසෙන බව නම් සැබෑවකි ඔවුන්ට කොතලාවල පනත මහත් ආශිර්වාදයකි. මක්නිසාදයත් රජයේ ජාතික පාසල් පද්ධතියේ නොව අන්තර්ජාතික පාසල් පද්ධතියට මද්රසා පාසලට යන තම දුවා දරුවන්ට විදේශයකට නොගොස් මෙරටදී විදේශ උපාධියක් ලබා ගැනීම හා උසස් පෙළ අසමත් ඇතමුන්ගේ  දරුවන්ට ඒ වෙනුවෙන් පිළිගැනීමට හැකි වාතාවරණයක් ලබා ගැනීමටය.

(මේ වන විට ඔවුන්ට බාධාවක් වී ඇති  ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ ඉංජිනේරු නීති ආයතන වැනි ස්වාධීන නියාමන ආයතන  මගහරවමින් කටයුතු කිරීම මේ පනතේ ප්‍රධාන අරමුණක්)

 එහිදී ප්‍රධානම කරුණ වනුයේ මීට පෙර පෙන්වා දුන් කාලය පිළිබඳ ප්‍රශ්නය  වන අතර අන්තර්ජාතික හා මද්‍රසා පාසල් වල  සිසුන් අවුරුදු දාහතේදී පාසල් අධ්‍යාපනය නිමා කර උසස් අධ්‍යාපනයට කටයුතු කරන අතර එම කාලසීමාවේදී මෙරට ජාතික පාසල්  පද්ධතියෙ සිසුන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි, තවද ඔවුන් විශ්වවිද්‍යාලයකට ඇතුලත් වන්නේ අන්තර් ජාතික පාසල් වල හෝ මද්‍රසා පාසල් වල සිසුන් තමා මූලික උපාධිය හදාරා මෙරටට පැමිණීමෙන් පසුව වීම අවාසනාවන්ත තත්ත්වයකි 

 *ජීවිතයේ අඩු කාලසීමාවකදී විදේශ උපාධියක් ලබා මෙරටට පැමිණ ඉතා කෙටි කාල සීමාවකදී  නීතිමය තත්ත්වයන් මඟහරවා රාජ්‍ය යාන්ත්‍රණයට ඇතුලත් වීම කෙතරම් භාග්‍යයක් ද ඇති හැකි  දෙමාපියන්ගේ අරමුණද වනුයේ එය වන අතර එමගින් පැහැදිලිව මෙරට තුළ පන්ති භේදයක් ඉදිරියේ දී බිහි වනු ඇත* 

එසේම ඊට වඩා මෙරට ජාතික පාසල් පද්ධතියේ   විනාශ වන වසර පහකට අධික කාල සීමාව උසස් අධ්‍යාපනය පශ්චාත් උපාධි කාලසීමාවේදී  විනාශ වන වසර පහකට අධික කාලසීමාව අවසන් කිරීමට කිසිවකුත් උනන්දු නොවන්නේ ඇයි  ? තමන්ගේ දරුවන් කලින් සමාජගත කිරීමේ බොහෝ ධනපතීන්ගේ අරමුණු එවිට විනාශ වන බැවිනි 

(එසේම  නිදහස් අධ්‍යාපනය ක්‍රමයෙන් විනාශ කර දැමීමේ අඩිතාලම දැමීමට  හා රාජ්‍ය යාන්ත්‍රණය මිලිටරීකරණය කිරීමට මග පෑදීමට මෙම පනත ඉවහල් වන   අතර වත්මන් අගමැති තුමා  මේ බොරු  වලේ රෑට පමණක් නොව  දවලුත් වැටෙමින් හැසුරුණා ට අනාගතයේදී එන ඡන්දවලදී පැරදුනාට   රටට කරන්නට දෙයක් නැත)
මෙය සාධාරණ කරන ඇතැමුන් කියන්නේ විදේශවලට  ඇදී යන විශාල විදේශ විනිමය ප්‍රමාණය නතර කර ගැනීමට කොතලාවල පනත ඉවහල් වනු ඇති බවයි.

( පනත මගින් ම පැහැදිලිව විදේශ ආයතන වල උපාධිය පිළිගැනීමට ලක්වන බැවින් එලෙස විදේශ වලට මුදල් ගියාට පසු පිළිගැනීමට සිදු වීම  විනාශ වීමක් සරදමක් නොවේද යන්න යන්න ගොළු වත රකිමින් සිටී)

කොතලාවල පනත ගෙන ආවත් රටේ විදේශ විනිමය පිටරට යයි නම් එම පනතින් ඇති ඵලය කුමක්ද  ? සැබැවින්ම එහි සඟවන අරමුණ වනුයේ මෙරටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට දැන් පවත්නා ක්‍රම සහ විධි මඟින් ඉටු කර ගත නොහැකි බැවින් එයට මුවාවී  නංගිව  පෙන්නලා අක්කා දිග දීම වැනි මෙරට ජනතාව රැවටීමට ලක් කිරීමේ  උපක්‍රමයක් වේ. (එවිට ජාතික ආරක්ෂාව බල්ලට දමා මුදල් වලට අන්තවාදී හෝ ජාතිවාදී පදනමෙන් බිහි වන ඕනම  ආයතනයකට  මුදල් හේතුවෙන් අනුමැතිය ලබා දිය හැක)

එක රටක් එක නීතියක් වෙනුවෙන් මෙරට ජනතාව ලබාදුන් ජනවරමට පයින් ගසමින් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මෙරට නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව ධනපතීන් සතු කරගැනීම සඳහා නීති දෙකක් සකසමින් සිටින අතර ඒ වෙනුවෙන් ඇවැසි  නීති අණපනත් ද ගෙන එමින්  යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් මිනිසුන්ගේ සිත් දිනාගත්  මහින්ද රාජපක්ෂ මහතා  ගිලිටිනයට තම බෙල්ල තබමින් සිටී
මේ අනුව ඉදිරියේදී පැහැදිලිව කඳවුරු දෙකක් ලංකාව තුළ නිර්මාණය වනු ඇති අතර එය ර ටේ ඉදිරි ගමනට බාධාවක් වනු ඇත. 

(පනත මගින් මුදල් ඇති අයවළුන්ට  එක කෙටි ක්‍රමයකුත් මුදල් නැති අයවලුන්  ගේ දරුවන්ට තවත් දිග ක්‍රමයකුත් ඇතිකරමින් එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරමින් සිටී) (සභාවේ සිනා )

එහෙත් මහජන  මතය  ඇත්තේ එක් ලක්ෂ 60,000 නොව ලක්ෂ 43 තුනක් වන මේ රටේ පාසල් පද්ධතිය ඉගෙනගන්නා සිසුන්ගේ දෙමාපියන් ළඟ බව අවබෝධ වන විට නැව ගිහින් හමාරය. එසේම ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම රටට මානව හිමිකම් උගුල් ඇටවීමට සිතන මේ සමයක එක්සත් ජාතීන්ගේ විශ්ව ප්රකාශනයේ සමාන යන්ට අසමාන ලෙස නොසලකනු ලෙස දන්වා තිබියදීත් එම කරුණු කඩකරමින් ජාත්‍යන්තර උගුලකට රට ගෙන යාමට කැස කවන විට එයට අනුබල දෙන දේශප්‍රේමීන් තක්කඩි දේශප්‍රේමීන් ලෙස   හැඳින්වීමට ද අප පසුබට නොවේමි’

මේ අනුව එම පනත ක්‍රියාත්මක කළහොත්  වත්මන් රජයට ඉදිරියේ දී පවත්වනු ලබන මැතිවරණ වලදී එනම් ඔවුන්ට බලය සිටීමට වරම් දුන්  ජනතාව විසින් ම  අනිච්චාවත සංඛාරා කියනු ඇත.

 එසේම කොතලාවල පනතට එරෙහිව කටයුතු කළ  සිවිල් ක්‍රියාකාරීන් ගේ කටයුතු වැළැක්වීම සඳහා නිරෝධානය ට මුවා වී ඔවුන් සිරගත කිරීම ද තරයේ හෙළා දකින අතර යහ  පාලන සමයේ දී සිදු වූවක් මෙන් ඉදිරියේ දී අඛණ්ඩ උපවාසයකට යාමට වුවද එයට නායකත්වය දුන් වෛද්‍ය පීඨ දෙමාපිය සංගමයේ සාමාජිකයන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව රට දැනුවත් කළ යුතුව ඇත.

(සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ක්‍රියාත්මක වන බවට ශ්‍රී මහා බෝධිය ළඟ දුන් දිවුරුම ද මුසාවක්  බවට එම පනත මගින් පත් කර ඇති අතර , මහජන මතය මෙතරම් ප්‍රසිද්ධියේ බිඳලීමට කටයුතු කරමින් සිය දිවි නසාගන්නා රජයක් ලෝකයේ අප මෙතෙක් දැක නොමැත)

වසන්ත අල්විස් – මාධ්‍ය ප්‍රකාශක, රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *