රටේ පවතින මාධ්‍ය මර්දනය හෙළා දකිමින් යාපනයේදී උද්ඝෝෂණයක්

Spread the love

රටේ පවතින මාධ්‍ය මර්දනය හා ‘උදයන්’ පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුහනාදන්ට එල්ලවූ ප‍්‍රහාරය හෙළා දකිමින් දකුණෙන් ගිය මාධ්‍ය සංවිධාන නියෝජිතයින් සමඟ එක්ව යාපනයේ මාධ්‍යවේදීන්, දේශපාලනඥයින් සහ සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් ඊයේ (අගෝ. 16) යාපනය මධ්‍යම බස් නැවතුම්පොල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය.

වසර හයකට පසුව යාපනයේ පැවැත්වූ මෙවැනි ආකාරයේ පළමු විරෝධතාව මෙයයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍ය සංසදය, මුස්ලිම් මාධ්‍ය සංසදය සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති එකතුව මෙම විරෝධතාව සංවිධානය කිරීමට එක්විය.

දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් වන සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, එස් ශී‍්‍රදරන් සහ ඊ සරවනභවන්, එක්සත් ජාතික පක්‍ෂයේ මන්ති‍්‍රනී විජයකලා මහේෂ්වරන් මෙන්ම හිටපු මන්තී‍්‍රවරුන් වන එස් ගජේන්ද්‍රන්, එම්කේ සිවාජිලිංගම් සහ ජනතා විමුක්ති පෙරමුණේ රාමලිංගම් චන්ද්‍රසේකරන් ද එම උද්ඝෝෂණයට සහභාගී වූ බව වාර්තා වේ.

Loading...

RSL

Related Posts