මෘදු රෝස තොල්වල රහස් හෙළි වෙයි !

Spread the love

‘නාදළු වාගේ දෙතොල්‘ ඇති ලියන් ගැන කවි සමයේ තිබෙනවා. ඒ නිසා අපි කවුරුත් එවැනි දෙතොල්වලට කැමතියි. ඒත් එවැනි දෙතොලක් හිමිකර ගැනීමේ වාසනාව තියෙන්නේ කීයෙන් කී දෙනාටද ?

ඒ නිසා නාදළු දෙතොල් පමණක් නොවෙයි ඕනෑම පැහැයක් ඇති දෙතොල් ලබා ගන්න අපි කරන්නේ ලිප්ස්ටික් ගාන එක. ලිප්ටින්ට්ස් කරන එක. ඒවා නරකයි කියලා අපි කවුරුත් කියන්නේ නැහැ.

නමුත් ස්වභාවිකවම රෝස, නැති නම් නාදළු පැහැති දෙතොලක් තිබුණොත් කොපමණ හොදද ? එවිට ලිප්ස්ටික් ගාන්න, ලිප්ස්ලයිනර් අදින්න යන කාලයත් ඉතිරි වෙනවා නේද ? ඒ වගේම තවත් දේවල් (ඔහුගේ මුහුණේ හෝ පපුව මත තොල් ආලේපන තැවරීම) වළක්වා ගන්න පුළුවන් නේද !

ඇත්ත වශයෙන්! තොල් කියන්නේ තරුණියකගේ සුන්දර මුහුණේ වැදගත්ම අංගයක් වන අතර ඒවා රැකබලා ගැනීමට යම් තරමක කැපවීමක් අත්‍යවශ්‍ය වෙනවා. 

ඊට අමතරව, තොල් වටා ඇති සම ශරීරයේ බොහෝ කොටස් වලට වඩා සංවේදී බව ඔබ දන්නවාද ?

ඒ නිසා මේ කොවිඩ් සමයේ මුහුණු ආවරණයට තොල් ගැන වැඩි අවධානයක් නැති වුණත් ඔබ ඔහු අභියස ඒවා නිරාවරණය කරන බව අපි දන්න නිසා තෙල් රැකබලා ගැනීම සඳහා සරල ක්‍රම කිහිපයක් හදුන්වා දෙනවා. බලන්න මේවා කොතරම් පහසු සහ සරල ඒවාද කියලා.

පොල්තෙල් සහ සීනි ස්ක්‍රබ් Coconut Oil And Sugar Scrub මගින් තොල්වල මියගිය සම ඉවත් කිරීම

ඔබේ තොල් මත ඇති මියගිය සම නැතහොත් කැඩීබිදී ගිය ශෛල ඉවත් කිරීම සඳහා ඇති පහසුම හා ඵලදායී ක්‍රමය වන්නේ සීනි සමඟ පොල්තෙල් මිශ්‍ර මෘදු ආලේපයක් තොල් මත තැවරීමයි. 

පොල්තෙල් මගින් තොල් වලට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර සීනි කැටිති සමඟ සීරීම මගින් තොල්මත තිබෙන මිය ගිය සමේ සෛල ඉවත් කිරීම සිදුවෙනවා. ඒ සමග ඔබේ තොල් රෝස පැහැයක් ගන්නවා.

ඔබ දත් බුරුසුව භාවිතා කරන්නේ දත් මැදීමට පමණක් වුවත් එයින් තවත් සේවයක් ලබාගත හැකියි.  සෑම උදෑසනකම, ඔබ දත් මැදීම අවසන් කළ පසු එයින් ඔබේ තොල් මදක් මෘදුව මදින්න. එමගින් තොල්මත ඇති මිය ගිය සමේ සෛල ඉවත් කර ඔබේ තොල් යළි සජීවීභාවයට පත්වන බව සිකුරුයි.

බීට්රූට් සහ දෙළුම් කියන්නේ ඔබේ දෙතොල් සුවපත් කිරීමට සහ ඒවා රෝස පැහැ ගැන්වීමට ප්‍රබල උත්තේජනයක්.  ඔබේ ආහාර වේලට ඔබට හැකි තරම් බීට්රූට් සහ දෙළුම් ඇතුළත් කරන්න. ඒවා ඔබේ සමස්ත සෞඛ්‍යය සඳහා විශිෂ්ට වනවා පමණක් නොව, ඒවා ඔබේ තොල්වල ස්වභාවික වර්ණයෙන්ද ක්‍රියා කරයි. ඔබට හැකි නම්, ඔබට මේ සමඟ කැරට් ද ප්‍රමාණවත් තරම් එකතු කළ හැකිය.

Benefits of Peppermint Oil: Uses, Side Effects & Research

වෙළඳපොලේ ඇති කෘත්‍රීම තොල් බාම් (Lip balms) සෙවීමට නොයන්න. ඔබ කළ යුත්තේ පොල් හා Peppermint oil  පෙපර්මින්ට් තෙල් සමාන ප්‍රමාණයක් මිශ්‍ර කර කුඩා වීදුරු පෙට්ටියක මුද්‍රා තැබීම පමණි. එය ඉන්ද්‍රජාලික තොල් බාම් එකක් වන අතර (එය අතිශයින් පෝෂ්‍යදායී වන අතර) ඔබේ තොල්වල ස්වාභාවික වර්ණය ගෙන එයි.

Text by Femina – by – Thushadhavi

RSL

Related Posts