‘මීළග ගෝලීය බල අරගලයේ කේන්ද්‍රය’ ආක්ටික් කලාපයද ?

රුසියානු මිලිටරි බඩු ගුවන් යානය අපව පාහේ ලෝකයේ මුදුනට පියාසර කළේ, දුර්ලභ පක්ෂි විශේෂ සහ එහි වල්රස් සඳහා ප්‍රසිද්ධියක් උසුලන දූපත් සමූහයකට ය. මීට කලකට පෙර සාමාන්‍ය ගුවන් ගමන් වල යෙදුණු රුසියානු හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන යානා දැන් දිනපතාම පාහේ ලෝකයේ මුදුනට, නැතිනම් ආක්ටික් කලාපය වෙත පියාසර කරනු දැකිය හැකිය.

මේ ගැන බෝල්ටික් කලාපීය රටවල් සේම ඇමෙරිකා එක්සත් ජනපදය ද බලවත් අවධානය යොමු කර ඇති අතර ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් කියන්නේ ආක්ටික් කලාපයේ හිම දියවෙන තරමට එහි ආතතිය ඉහළ ගොස් ඇති බවයි.

එක්සත් ජනපදය යළිත් වරක් මොස්කව්හි ආක්ටික් ප්‍රදේශය මිලිටරීකරණය කළ බවට චෝදනා කර ඇති අතර රුසියාවේ උතුරු බලඇණියේ ප්‍රධානියා බීබීසීයට පවසා ඇත්තේ කලාපයේ නැටෝ සහ එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් “නියත වශයෙන්ම” ප්‍රකෝපකාරී වන අතර දෙවන ලෝක යුද්ධයෙන් පසුව දක්නට නොලැබෙන පරිමාණයකින් ඒවා සිදුවන බවයි.

ආක්ටික් ප්‍රදේශය රුසියාවට ප්‍රමුඛතාවයක් බවට පත් කිරීම

ඇලෙක්සැන්ඩ්‍රා දූපතේ පිහිටි රුසියානු ගුවන් හමුදා කදවුරු නැරඹීමට ගිය පළමු විදේශීය මාධ්‍යවේදීන් අතර අපිත් සිටියෙමු. මුරමන්ස්ක් සිට ආක්ටික් ප්‍රදේශයට පැය දෙකකට වැඩි ගුවන් ගමන් කාලයක් ගතවේ.

පාමුල කටු කම්බි
ශීත ඍතුවේ දී දිවයිනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 50 දක්වා පහත වැටේ.

වසර පුරා සියලු වර්ගවල ගුවන් යානා ගොඩබෑමට ඉඩ සැලසෙන පරිදි ගුවන් තොටුපල වැඩිදියුණු කර ඇත, නමුත් එහි පා නැගීම අයිස් තට්ටුවක් මත ඇවිදීමට සමාන විය.

උතුරු ධ්‍රැවයට කිලෝමීටර 960ක් පහළින් පිහිටි මෙම කලාපයේ මැයි මැද භාගයේදී පවා ගැඹුරු හිම පතනයන් සහ හිම කුණාටු ඇති වේ. ටික වේලාවක් හමුදා ට්‍රක් රථයක නැගී සිටි මට ජනේලයෙන් සුදු පැහැයක් හැර වෙන කිසිවක් දැකගත නොහැකි විය.

ගැඹුරුතම ශීත ඍතුවේ දී එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 50 ක් දක්වා පහත වැටෙන අතර සෙබළුන්ට ඉඳහිට තම වාහන වලින් පිටතට පැමිණ හිම වලසුන් විසුරුවා හැරීමට සිදුවේ. එසේ වුවද, රුසියාව මෙම කලාපය තුළ සිය පැවැත්ම ඉහළ නැංවීම ප්‍රමුඛතාවයක් බවට පත් කර තිබේ.

ෆ්‍රාන්ස් ජොසෙෆ් ලෑන්ඩ් හි රුසියානු හමුදාව

‘අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වගේ’

එහි ගොඩනැගිලිවල පාදමේ ව්‍යුහය පවා දේශපාලන හා ආධිපත්‍ය පිළිබද ප්‍රකාශයක් කිරීමට අදහස් කරයි. එය රුසියානු ධජයේ වර්ණවලින් වර්ණාලේප කර ඇති අතර අවට ඇති තනි සුදු පැහැයට එරෙහිව නිල් සහ රතු පැහැති වර්ණ නැගී සිටී.

රුසියාවේ ආක්ටික් කඳවුර

‘‘ආක්ටික් ට්‍රෙෆොයිල්‘‘ ලෙස හැඳින්වෙන මෙම කඳවුර ආක්ටික් ප්‍රදේශයේ දෙවැන්නයි. මෙහි සොල්දාදුවන් 150 දෙනකු රදවා ඇත.

සංචාරයකට පෙර, කදවුර භාර අණ දෙන නිලධාරියා කියා සිටියේ ‘‘එය ඉතා උසස් තාක්‍ෂණික හා පාරිසරික වශයෙන් කාර්යක්ෂමයි. එය හරියටම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වගෙයි. ඒත් එය පිහිටා තිබෙන්නේ පෘථිවියට ඉහළින් කක්ෂයේ නොව ආක්ටික් හිම කතරෙයි‘‘

නමුත් ප්‍රධාන සංදර්ශනය රගදැක්වෙන්නේ පිටත ය, එහිදී බැස්ටික් මිසයිල දියත් කළ හැකි හමුදා ට්‍රක් රථ රදවා ඇති අතර ඕනෑම අවස්ථාවකට දැඩි සූදානමක් පෙන්වයි.

බැස්ටියන් මිසයිල කණ්ඩායම
රුසියාවේ බැස්ටියන් මිසයිල දියත් කරන්නන් කඳවුරෙන් පිටත රදවා ඇත.

මිසයිල පද්ධති “සතුරු නැව් විනාශ කිරීම” සදහා යැයි තවත් සොල්දාදුවෙක් පැවසීය. ඒවා “ඵලදායී” බව ඔහු අපට දැනුම් දුන්නේය.

මෙම වසර මුලදී නේටෝවට අයත් න්‍යෂ්ටික සබ්මැරීන තුනක් එකවර අයිස් හරහා ගමන් කළ විට උතුරු බලඇණිය ඊටත් වඩා විශාල ශක්තියක් පෙන්වීය. එකම ආක්ටික් අභ්‍යාසයකදී ප්‍රහාරක ජෙට් යානා දෙකක් උතුරු ධ්‍රැවය හරහා පියාසර කරමින් මැද අහසේ දී ඉන්ධන පිරවීම සිදු කළේය.

සීතල යුද්ධයෙන් පසු නොපෙනෙන මට්ටමකට රුසියාව කලාපයේ හමුදා රැඳී සිටීම නිසා එක්සත් ජනපදය හා නේටෝව මෙවැනි මවාපෑම් ගැන පරිස්සම් වේ.

නැටෝගේ ප්‍රකාශිකාව සනාථ කළේ නේටෝ සන්ධානය සිය මුර සංචාර සහ අභ්‍යාස වේගවත් කර ඇති බවයි. ඊට ප්‍රතිචාර වශයෙන් ඇය පැවසුවේ “වඩා අභියෝගාත්මක ආරක්ෂක පරිසරයක්” අවශ්‍ය බවයි.

නේටෝට දොස් පැවරීම

නමුත් රුසියාව ඒ ආකාරයෙන් දේවල් දකින්නේ නැත. අප මෙම දූපත් සමූහයට පියාසර කිරීමට පෙර, සංවෘත හමුදා නගරයක් වන සෙවරොමෝර්ස්ක් හි පිහිටි යුධ නැවකට අපව ගෙන යන ලදී. මීටර් 252 ක් දිග, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ‘‘මහා පීටර්‘‘ යනු උතුරු බලඇණියේ යෝධ ධජයයි.

මහා පීටර්

රුසියාවේ නාවික හමුදාව ආරම්භ කර තම දේශයට බටහිර දෙසට හරවා ගත් පළමු වැනි පීටර් ආලේඛ්‍ය චිත්‍රයක් ඉදිරිපිටදී ෆ්ලීට් අණදෙන නිලධාරී ඇඩ් ඇලෙක්සැන්ඩර් මොයිසෙව් අප අමතමින් සිටියේය. ගැටුම් අවදානම වැඩි කළ ආක්ටික් ප්‍රදේශයේ නේටෝ හමුදා සහ එක්සත් ජනපදය මිලිටරි ක්‍රියාමාර්ග ගත් බවට ඔහු චෝදනා කළේය.

“වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ බලවේග බොහෝමයක් මෙහි තිබුණා ‘‘

ආක්ටික් කලාපයේ යුධ ආතතිය වැඩිවීම ගැන නේටෝ සංවිධානය රුසියාවට දොස් පැවරීය. “රුසියානු දේශ සීමාවට ආසන්නව ප්‍රකෝපකාරී ලෙස හමුදාමය ක්‍රියාකාරකම් අපි දකිමු” නේටෝව පවසයි්‍

1990 දශකයේ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටුණු විට රුසියාව අතහැර දැමූ ප්‍රදේශයකට රුසියානු හමුදා නැවත පැමිණෙමින් තිබේ.

MGIMO විශ්ව විද්‍යාලයේ ආක්ටික් විශේෂඥයෙකු වන ලෙව් වොරොන්කොව් තර්ක කරන්නේ, “අපි අපේ දේශසීමා ආරක්ෂා කිරීමේ හැකියාව ප්‍රතිනිර්මාණය කරනවා මිස එය කිසිවෙකුට තර්ජනය කිරීමක් නොවේ. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව, එම කලාපයේ දේශසීමා කණු පවා මිනිසුන් රහිතව ඉතිරි වුණා”

එය වැඩි කාලයක් සඳහා විකල්පයක් නොවනු ඇත. ධ්‍රැවීය අයිස් දිය වී ආරක්ෂිත ස්වාභාවික තිරය ඉවත් කරන විට රුසියාවේ දිගු උතුරු මායිම අවදානමට ලක් වේ.

අවස්ථාව ඇති රට

ඇලෙක්සැන්ඩ්‍රා දූපතේ බැලස්ටික් මිසයිල දියත් කරන්නන් ඡායාරූප ගත කරමින් සිටියදී දුරින් පිහිටි භූ දර්ශනය හරහා රුසියානු අයිස් කඩන යන්ත්‍රා සැරසරන අයුරු මම දුටුවෙමි. කුඩා ප්‍රවාහන නෞකාවක් ඒ පිටුපසින් ගිය අතර කලාපයේ සැබෑ තත්ත්වය ඒ අනුව අවබෝධ කර ගැනීම පහසු විය.

ආක්ටික් හි අයිස් කඩන්නන්

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා මෙම කලාපයේ යාත්‍රා කිරීම පහසු වන බැවින් එම කලාපය සංවර්ධනය කර පාලනය කිරීමට රුසියාව බලාපොරොත්තු වේ. වෙළඳාමට මෙහි මුහුදට යටින් ඇති විශාල තෙල් හා ගෑස් සංචිත අපනයනය කිරීම ඇතුළත් වේ.

එම ආර්ථික අවශ්‍යතා මෙන්ම රුසියාවේ දේශසීමා ආරක්ෂා කිරීම සඳහා “ප්‍රධාන මෙවලම” ලෙස අද්මිරාල් මොයිසියෙව් සිය හමුදා හැඳින්වේ.

සීත යුධ සමයේදී බොල්කන් කලාපයේ, අප්‍රිකාවේ සහ අග්නිදිග ආසියාවේ පැවති යුධ පෙරමුණ තවත් නොබෝ කාලයකින් ආක්ටික් වෙත සංක්‍රමණය වී අලුත් ගෝලීය අර්බුදයක් නිර්මාණය කරන බව පැහැදිලිය. එය තවත් එක් අර්බුදයක් නොව පුළුල්ව පැතිර ගිය ගෝලීය දේශපාලන හා ආර්ථික අර්බුදයක් වන බව පැහැදිලිය.

බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Loading...

Related Posts