මහ ඡන්දෙට පොහොට්ටුව පමණයි – නාමල් රාජපක්ෂ

Spread the love

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් සමහර අය කියනවා එකතු වෙලා යන්න ඕන කියලා. සමහර අය කියනවා නෑ වෙන්වෙලා යමු කියලා. බහුතර මතයට අපි යන්න ඕන. අනිවාර්යයෙන්ම ඡන්දයට ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුව ලකුණින්. සන්ධානය පාර්ලිමේන්තුවට ගිහින් හදනවද ? නැන්තම් පාර්ලිමේන්තුවට යන්න කලින් හදනවද කියලා තීරණය කළ යුතුයි’ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඊයේ පුත්තල ප‍්‍රදේශයේ පැවැති ජන හමුකදී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ ඉදිරි මහ මැතිවරණයට යන්නේ අනිවාර්යයෙන්ම පොහොට්ටුව ලකුණින් පමණක් බවයි.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා වන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මහියංගණයේදී ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වැදගත් වන්නේ එජාප විරෝධ පිළ ශක්තිමත් කිරීම පමණයි බවත් ලකුණ පිළිබඳ කිසිදු ගැටලූවක් නැති බවයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා,

‘දැනට තිබෙන දේශපාලන වාතාවරණ අනුව බොහෝ අය ප්‍රකාශ කරනවා අතෙන් එනවාද ? පුටුවෙන් එනවාද, පොහොට්ටුවෙන් එනවාද කියලා. අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමගත්, පොදුජන පෙරමුණ සමගත් ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ නිසා ලකුණ මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ.

අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ එක්ව සන්ධාන ගත වෙලා එක්සත් ජාතික පක්ෂ විරෝධී සියළු දේශපාලන පක්ෂ එකතු කරගෙන ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නයි. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාට මම ස්තූති වන්ත වෙනවා එතුමා සඳහන් කරලා තිබුණා සද්ධාන ගත වීමක් අවශ්‍යයි කියලා. ඒ බව පුවත් පත් වාර්තා කරලා තිබුණා.

ඒ නිසා කවුරුත් කලබල විය යුතු නැහැ. ඉහළ දේශපාලන නායකත්වය විසින් ඔබ සියලූ දෙනාටම එක්ව එකට එකතු වෙලා ගමේ දේශපාලනය කරන්න පුළුවන් පරිසරයක් හදනවා’

RSL

Related Posts