මහාචාර්ය අර්ජුන ද සිල්වා ‘සංචාරක ඇමැතිගෙන්’ ‘වැඳලා කළ ඉල්ලීම

Spread the love

”වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයෝ ගෙන්වන්න එපා‘ සංචාරක ඇමැතිවරයාගෙන් මේ ආයාචනය කළේ මෙරට ප්‍රමුඛ මහාචාර්යවරයෙක් වන අර්ජුන ද සිල්වා මහතායි.

අද (02) දහවල් දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වු “BIG FOCUS”වැඩසටහනට එක්වෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මෙම බැගෑපත් ඉල්ලීම කළා.

වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා,“ගුවන් තොටුපොළ ඇරලා තියෙනවා. වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් ගෙන්නන් නෑ. හැබැයි දකුණු අප්‍රිකාව ඒ ලිස්ට් එකට දාලා නෑ. ඇත්ත වශයෙන් ම රෙඩ් ලිස්ට් එකක් කියලා තියෙනවා හුඟක් රටවලට. ඒ ලිස්ට් එකම අපිටත් පාවිච්චි කරන්න පුළුවන්. අනෙත් එක තමයි උදාහරණයක් වශයෙන් එංගලන්තය, චීනයේ රටවල මිනිස්සුන්ට මේක නෑ. එංගලන්තේ ඔක්කෝම එන්නත් කරලා තියෙන්නේ. ඒ රටවලින් විතරක් සංචාරකයින් ගේන්න දැනට. අනෙක් රටවලින් ගේන්න එපා කියලා බැගෑපත්ව ඉල්ලීමක් කරනවා.”

Related Posts