
දිවයිනේ ප්‍රථම වතාවට සෑම බෝගයකටම යෙදිය හැකියි ගුණාත්මක බවින් යුත් කැට සහිත කාබනික පොහොර ටොන් දහසක් නිෂ්පාදනයකි කිරීමේ නව වැඩපිළිවෙළ අද (11) දින පෙරවරුවේ දඹුල්ල සීඅයිසී පෞද්ගලික ආයතනයේ දී ආරම්භ කෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත දිවයිනේ සෑම සීඅයිසී පෞද්ගලික ගොවිපලවල නිෂ්පාදනය කරන කාබනික පොහොර දඹුල්ල සීඅයිසී ආයතනයට රැගෙනවිත් අනෙකුත් සියලු සංඝටක එකතු කොට තවත් පෞද්ගලික ආයතනයක් සමග සෑම වගාවකට ම යෙදිය හැකි ගුණාත්මක භාවයෙන් ඉහළ කැට සහිත කාබනික පොහොර මෙහි නිෂ්පාදනය කරන බව සීඅයිසී පෞද්ගලික ආයතනයේ බීජ සහ කෘෂි ව්‍යාපාර ප්‍රධානම මෙහෙයුම් නිලධාරී අංජන ලීලාරත්න මහතා පැවසීය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ උදෑසන නමයයි හතළිස් පහට පමණ යෙදුණු සුබ මොහොතින් මෙම පොහොර නිෂ්පාදනය ආරම්භ කෙරිණි.
මෙහිදී අනුශාසනා පැවැත්වූ රන්දෙනිය රජමහා විහාරාධිපති පරිවෙනාචාර්ය හල්මිල්ලවැව සංඝරතන හිමි කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනතාව ගැන සිතා ගන්නා ලබන මෙම කාබනික පොහොර වැඩපිළිවෙළට මෙරට සෑම ජනතාවගේම ආයතනයකම සහයෝගය ලබා දිය යුතු බවය.

සීඅයිසී ගොවිපළේ වෙනමම කාබනික පොහොර නිෂ්පාදනය කරන අංශයක් ස්ථාපිත කොට තිබෙන බවත් මේ සඳහා උපයෝගී කර කරගන්නා ගොම පොහොර කුකුල් පොහොර ආදී අවශ්‍ය පොහොර වර්ග සීඅයිසී ගොවිපලවල් වලට අමතරව දිවයිනේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් මිලදී ගැනීම් සිදුකරන බවත් දඹුල්ල සීඅයිසී බීජ ගොවිපල සාමාන්‍ය ය අධිකාරි චමිල් සේනානායක මහතා පැවසීය.
මින් පෙර කාබනික පොහොර සාමාන්‍යයෙන් සිහින් තේ කුඩු වලට සමාන තිබුණු බවත් ඒවාට වැලි සහ අනෙකුත් ද්‍රව්‍ය ඇති නිසා ගොවීන්ට එහි විශ්වාසය බරපතළ ලෙස ප්‍රශ්නයක් පැවති බවත් එම නිසා ඉතා සාර් සාර්ථකව ගුණාත්මක භාවයෙන් ඉහළ ව කිසිදු වැලිකැටයක් හෝ නොමැතිව සම්පූර්ණයෙන්ම කාබනික පොහොර කැබලි මෙම යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය වන බවත් ඉදිරියේ දී දිවයිනේ ස්ථාන ගණන ගණනාවක මෙයාකාරයෙන් පොහොර කැබලි කිරීමිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව එහි පෞද්ගලික විධායක නිලධාරියෙකු වූ නිර්මාල් සේනාරත්න මහතා සඳහන් කළේය.
දඹුල්ල කාංචන කුමාර ආරියදාස