බැසිල්ට සහ පී.බී ජයසුන්දරට ‘දයාසිරිගෙන් දැඩි ප්‍රහාරයක්‘

Spread the love

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමෙන් රට මුහුණ දෙන ගැටලු විසඳන්නේ නැති බවත් වත්මන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ නම් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා කියයි.

‘‘බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යධුරයක් භාරගත් දිනට පසු මෙම ප්‍රශ්න විසදෙන්නේ නැහැ. රට දැවැන්ත අර්බුදය ගිලී තිබෙනවා. අපි මෙය ජනතාවට පැවසිය යුතුයි. රටේ ඩොලර් අර්බුදයක් පවතිනවා. මේ අර්බුදයේ කේන්ද්‍රය වන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ සහ පී.බී. ජයසුන්දර විසිනුයි. මැටි, ගම්මිරිස් සහ මගේ බතික් අමාත්‍යංශය වැනි නින්දිත අමාත්‍යාංශ නිර්මාණය කළේ බැසිල් සහ පී.බී. ජයසුන්දරයි. ඉතිං ඔහු ආවා කියලා මේ ප්‍රශ්න අවසන් වෙයි කියලා කියන්න පුළුවන් කාටදැයි‘ දයාසාරි ජයසේකර අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

Related Posts