ප‍්‍රධාන ලුණු නිෂ්පාදන සමාගම් දෙකකින් ඒ්කාබද්ධ ප්‍රකාශයක්

Spread the love

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීම සමග දේශීය ලුණු නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනතාව අතර මහත් ආන්දෝලනයක් ඇතිව තිබෙනවා. ඉදිරි දිනවල ලුණු හිගයක් ඇතිවේය යන බියෙන් ජනතාව ලුණු තොග වශයෙන් මිලදී ගනිමින් සිටින අතර ඇතැම් ප්‍ර දේශවල ලුණු හිගයක් ද වාර්තා වෙනවා.

මේ තත්ත්වය තුළ දේශීය ලුණු කර්මාන්තය සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය තොරතුරු පිළිබඳව මෙරට ප්‍රධානතම ලුණු නිෂ්පාදකයින් දෙදෙනෙකු වන රයිගම් සමූහ ව්‍යාපාරය සහ සීමාසහිත ලංකා සෝල්ට් සමාගම ඒ්කාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඒම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

දේශීය ලූණු අවශ්‍යතාවයෙන් 80% ක පමණ ප‍්‍රමාණයක් සඳහා නිෂ්පාදනයෙන් දායකවන ප‍්‍රධාන සමාගම් වන රයිගම් සමූහ ව්‍යාපාර සහ එහි අනුබද්ධ ලූණු සමාගම් ද සීමාසහිත ලංකා සෝල්ට් සමාගමද වෙනුවෙන් රයිගම් සමුහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ සහ සී/ස ලංකා සෝල්ට් සමාගමේ සභාපති නීතීඥ නිශාන්ත සඳබරණ යන අප විසින්, කොළඹ වරාය ආසන්නයේ ගිනිගත් නැවේ අඩංගුව පැවති රසායන ද්‍රව්‍ය මුහුදු ජලය ඔස්සේ දේශීය ලූණු හා මිශ‍්‍ර විය හැකි බවට පලවන අසත්‍ය ප‍්‍රවෘත්තියට පිළිතුරු වශයෙන් හා ඒ සම්බන්ධයෙන් දේශීය ලූණු පාරිභෝගිකයන් වෙත පැවතිය හැකි අනියත බිය දුර කිරීම උදෙසා මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත්කරනු ලැබේ.

මුහුදු හෝ කලපු ජලය මගින් ලූණු නිපදවීම එම ජලය ලබාගත් අවස්ථාවේ සිට මාස 6 කට අධික කාලයක් ගතවන දීර්ඝ කි‍්‍රියාවලියකි. ඒ අනුව ඉදිරි කන්න කිහිපය සඳහාම අවශ්‍ය තරම් කාරම් ජලය අප ආයතන සතු ජලාශවල ඉතා විශාල වශයෙන් රැුස්කර ඇති අතර, මේ දිනවල කිසිදු ආකාරයකින් මුහුදු හෝ කළපු ජලය රැුස්කිරීමක් අවශ්‍ය නොවේ. විශේෂයෙන් මෙය යල කන්නයේ අවසානය මෙන්ම පැවති වැසි සහිත කාලගුණය හේතුවෙන් අපගේ තඩාග තුළට කරදිය රැුස්කිරීම සිදුනොවන කාල සිමාවකි.

තවද පසුගිය වර්ෂය පුරාවට පැවති යහපත් කාලගුණය හේතුවෙන් අති විශාල ලූණු අස්වැන්නක් නෙලා ඇති අතර එම ලූණු ප‍්‍රමාණය වර්ෂයකට වැඩි දේශීය ඉල්ලූම ඉක්මවන අති විශාල තොගයකි.

මේ අනුව අවම වශයෙන් තවත් මාස 12 ක් ගතවන තෙක්ම වෙළඳපොලට නිකුත් වන්නේ දැනට පවතින තොග වලින් වන අතර එයින් පසුවද දැනට අපගේ අභ්‍යන්තර ජලාශවල පවතින කාරම් ජලය මගින් නිපදවෙන ලූණු නිකුත් කරනු ඇත.

මේ නිසා අපගේ පාරිභෝගික ජනතාවට කිසිදු ආකාරයකින් ලූණු සැපයුම සම්බන්ධ අනියත බියක් ඇතිකර ගැනීම හෝ අනවශ්‍ය ලෙස තොග රැුස්කර ගැනීම කිසිසේත් අවශ්‍ය නොවන බවද ඉතා වගකීමෙන් ප‍්‍රකාශකර සිටිමු.

යම් ඉදිරි දිනයක වූවද අපගේ අභ්‍යන්තර ජලාශවලට මුහුදු ජලය ලබාගැනීම ආරම්භ කරන්නේ එම ජලයේ සෞඛ්‍යාරක්‍ෂිතභාවය තහවුරු කරගැනීමෙන් පසුව බව ඉතා ඔනෑකමින් අවධාරණය කරමු. ලූණු කර්මාන්තය පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති පිරිස් විසින් තම පටු අරමුණු සඳහා පතුරවන අතාර්කික කටකතාවලට නොරැුවටෙන ලෙස ඉතා ලෙන්ගතුව ඉල්ලා සිටින අතර ඔබේ දෛනික අවශ්‍යතා සඳහා අවශ්‍ය ලූණු ප‍්‍රමාණය පමණක් මිලදී ගන්නා ලෙසද සමස්ථ ලෝකයාම කොවිඞ් උවදුර හමුවේ දැඩි පීඩනයකට ලක්වී ඇති මේ මොහොතේ වඩාත් ආරක්‍ෂිතව දෛනික කටයුතු පෙලගස්වා ගන්නා ලෙසද ඉල්ලා සිටිමු.

රයිගම් හා ලක්ලූණු වෙළඳනාමයන් යටතේ ඔබ වෙත ලැබෙන්නේ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති යටතේ නිපදවූ ඉස්තරම්ම ලූණු නිෂ්පාදන වන අතර ඔබගේ අවශ්‍යතාවය මෙන් දෙගුණයක තොගයක් දැනට අප සතුව පවතින බව නැවත වාරයක් අවධාරණය කරමු.

Related Posts