‘පොලිසියේ නාටක බලන්න අපි සූදානම් නෑ ‘ කාදිනල් හිමි

Spread the love

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බ නඩුව සම්බන්ධයෙන් පොලිසිය සාක්ෂි රැස් කරමින් සිටින බවට චෝදනා කරන අතර කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැවසුවේ එවැනි ඔප්පු කිරීම් පල්ලිය පිළිගන්නේ නැති බවයි.

“සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බ නඩුව සම්බන්ධයෙන් මිනිසුන්ට තර්ජනය කර රැස්කරගත් සාක්ෂි මත ගත් තීරණ අපි පිළිගන්නේ නැහැ,” කාදිනල් හිමියෝ පසුගිය සති අන්තයේ ශ්‍රී ලාංකික කතෝලික විදේශිකයන් සමඟ පැවැත්වූ webinar එකකදී පැවසීය.

අත්බෝම්බ නඩුවේ සත්‍ය හෙළිදරව් වන තුරු පල්ලිය සිය අරගලය සිදුකරන බව කාදිනල්තුමා පැවසීය. “සිද්ධියෙන් පසු අත්අඩංගුවට ගෙන සිටින මුනිට යුක්තිය ඉටු කිරීමට අපි ද උත්සාහ කරමු,” ඔහු වැඩිදුරටත් පැවසීය.

බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව හා පොලීසිය නාටකයක් කරන බව පැහැදිලිව පෙනෙන්නේ යැයි කී කාදිනල්තුමා  බෝම්බය හමුවූ දින සවස්වරුවේ සී.සී.ටී.වී දර්ශන පරීක්‍ෂා කිරීම ප්‍රමාණවත් බව පොලීසිය කියා තිබුණත් උදෑසන දර්ශන නරඹන ලෙස තමන් පියතුමන්ලාට දැනුම් දුන්නේ ඒ නිසා බව ද ප්‍රකාශ කළේය.

මේ ගැන පරීක්‍ෂණ අවසන් වන්නටත් පෙර මෙය මෙන්ම නාරාහේන්පිට රෝහලක තිබූ බෝම්බය එකම අයෙක් තැබූ බව පොලීසිය භාර ඇමතිවරයා ප්‍රකාශ කිරීම ගැටලුවක් බවත්, පොලීසිය මිනිස්සුන්ට තර්ජනය කර ප්‍රකාශ ගෙන ලබාදීමට යන යුක්තිය පිළිනොගන්නා බවත් කාදිනල්තුමා කීවේය.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වීම නිසා එහි සත්‍යතාව සෙවීමට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට පල්ලියට සිදුව ඇති බව කාදිනල් හිමියෝ පැවසූහ.

“පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඇත්ත නැත්ත සෙවීමට දැනටමත් සම්බන්ධ වී සිටින පාර්ශ්ව තුනක් ළඟදීම එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගන්නා අතරේ විදේශීය කතෝලික රදගුරුවරුන්ගේ සහාය මට ලැබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පුරවැසියන් පීඩාවට පත් වූ රටවල රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල සහාය ද මම ලබා ගන්නවා‘

Related Posts