පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද (12) වැනිදා දිනයේදී පොලිස් ජංගම සංචාර කැරළි මර්දන කණ්ඩායම් හා මාර්ග බාධක ආරක්ෂක කටයුතු එලෙසින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව පක්ෂ ජය සමරමින් පෙළපාලි යාම රැස්වීම් පැවැත්වීම දින තුනක් යනතුරු සපුරා තහනම් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.
දිවයින පුරා පවතින පොලිස් කොට්ඨාස 42 ක ඡන්ද රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 6500 කට අධික පිරිසක් යොදවා සිටි අතර පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 5900 කට ආසන්න පිරිසක්ද විශේෂ කාර්ය බළකායේ 4000 ක්ද රාජකාරි සඳහා යොදවා තිබේ.