පාසල් පෙළපොත් කඩිනමින් බෙදන්න විදුහල්පතිවරුන්ට උපදෙස්

Spread the love

පාසල් පෙළපොත් බෙදාහැරීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් 0112 78 48 15 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඇතැම් සිසුන්ට පාසල් පෙළපොත් මේ දක්වා ලැබී නොමැති බවට වාර්තා වූ තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා මේ බව කියා සිටියේය.

RSL

Related Posts