නිවාස අධිකාරියේ සභාපති පුටුවට දුමින්ද සිල්වා පත්කරයි

Spread the love

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතු පත්වීම් ලිපිය පසුගිය ජූලි 16 වැනිදා ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත මේ බව දැනුම් දී තිබෙනවා..

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වූ දුමින්ද සිල්වා මහතා ජනපති සමාව යටතේ පසුගිය 25 වැනිදා නිදහස් වුණා.

එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි දුමින්ද සිල්වා මහතා පසුව මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වුණා. භාරත ලක්ෂ්මන් ඝාතනයට පෙර ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද කටයුතු කළා.

Related Posts