දේශපාලකයින්ට රට භාරදීලා විනාශ වුණා ඇති – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

Spread the love

දේශපාලකයින්ට රට භාරදී සිදුවෙන විනාශය දැන් අවසන් කළයුතුව ඇති බවත් ආණ්ඩුව දැන් හැසිරෙන ආකාරය තමා කිසිසේත් අගය නොකරන බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

අද (05) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ගුණවංශ හිමියෝ වැඩි දුරටත් කියා සිටියේ දේශපාලනයෙන් සහ ජාතිවාදයෙන් තොර දෙවෙනි නිදහස් සටන ආරම්භ කිරීම සඳහා සියලු දෙනා අත්වැල් බැදගත යුතු බවයි.

ගුණවංශ හිමියෝ මෙසේද පැවසූහ. “ජාති වශයෙන් අපි බෙදිලා ඉන්නකම් අපිට නිදහසක් නෑ. අපි බෙදිලා ඉන්න තරමට ජාත්‍යන්තර බලවේග අපේ රට ඇතුළට ඇවිල්ලා අපේ රටේ සම්පත් මංකොල්ලයක නිරත වෙනවා. බටහිර අධිරාජ්‍යවාදීන් මේ වෙනකොට අපේ රටේ ඛණිජ සම්පත් මංකොල්ලයක නිරතවෙමින් සිටිනවා. මට කනගාටු පොස්පේට් නිධිය තියාගෙන පොහොර නෑ කියලා කෑගහන එක ගැනයි. ආණ්ඩුව දැන් හැසිරෙන ආකාරය මං අගය කරන්නේ නෑ. අපි මේ රට අතට ගන්න ඕනේ දැන්. දේශපාලකයින්ට රට භාරදීලා විනාශ වුණා ඇති දැන්. ආයතන 20ක් විතර විකුණන්න යනවා. දෙමළ ජනතාවටත් මම එකතු වෙන්න කියන්නේ, කන්කසන්තුරේ ඉඩම් ටික අලෙවි කිරීම සඳහා යෝජනාවලියකට ඇතුල් කරලා තියෙනවා. දේශපාලනයෙන් සහ ජාතිවාදයෙන් තොර දෙවෙනි නිදහස් සටන ආරම්භ කිරීම සඳහා අපි අත්වැල් බැඳගත යුතු යැයි ද උන් වහන්සේ වැඩි දුරටත් පැවසූහ.

Related Posts