ඩෙල්ටා ආසාදිතයින් ඉහළ යාම සමග ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයම අනතුරේ – WHO

Spread the love

ශ්‍රී ලංකාව ඇතුළුව ගෝලීය වශයෙන් යළි COVID19 රෝගීන් ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසයි.

ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදය, සමාජ මිශ්‍ර වීම/සංචලතාව වැඩි වීම, අසමාන එන්නත් කිරීම මඟින් මෙම ඉහළ යාම සිදුවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

“අමාරුවෙන් දිනා ගත් ජයග්‍රහණ අනතුරේ පවතින අතර සෞඛ්‍ය පද්ධති යටපත් වෙමින් පවතින බව” ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ගෝලීය වශයෙන් කොවිඩ් ආසාදිතයින් මිලියන 4 කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වූ අතර මේවායින් බොහොමයක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් බවයි.

“මෙම වෛරසය නැවැත්වීමට අවශ්‍ය මෙවලම් අප සතුව ඇති නමුත් වර්තමාන ප්‍රවනතාවන් අනුව ඉදිරි සති දෙක තුළදී මුළු රෝගීන් සංඛ්‍යාව මිලියන 200 ඉක්මවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසීය.

Related Posts