කොරෝනා වසංගතය: ‘ළමුන් තුළ මතුවන මානසික ගැටලු’ නොසලකා හරින්න එපා

Spread the love

ජීවිතයේ නොයෙකුත් හේතුන් නිසා අපට තෙහෙට්ටුව ඇතිවන නමුත් වයිරස් උණ වසංගතයක් නිසා ඇතිවන  තෙහෙට්ටුව ඊට වඩා විශේෂත්වයක් ගනී. එහි ලක්ෂණ මෙසේය.

  • මන්දෝත්සාහි බව
  • ආහාර ලබාගැනීමේ සහ නිදා ගැනීමේ රටාව වෙනස් වීම
  • නුරුස්සන ස්වභාවය
  • යාමකට අවධානය යොමු කිරීමේ අපහසුව
  • බලාපොරොත්තු සුන්වීම

වසංගත තෙහෙට්ටුව තමන්ට මෙන්ම සෙස්සන්ටද බරපතල තර්ජයනයකි. මීට එක් පිළියමක්  කායික ප්‍රතිශක්තිය වැඩිකිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමතරව  ජංගම දුරකථන වලින් හෝ වීඩියෝ සබඳතා හෝ වෙනත් විද්‍යුත් සන්නිවේදන ක්‍රම මගින් හෝ මිතුරන් සමග මෙවන් ගැටළු ගැන නිරතුරුවම සාකච්චා කිරීමය.  එමෙන්ම යම්කිසි යහපත් ක්‍රියාවක නියැලීමය.  

මේ වසංගත කාලයේ මීට අදාළවඇතිවන අනෙක් බරපතල ප්‍රශ්නය නම් නිවසට කොටු වී ඉන්නා කුඩා දරුවන් තුළ ඇතිවන චිත්ත පීඩනයයි.

දවස පුරා රූපවාහිනී පුවත් මගින් වාර්තා කෙරෙන කොරෝනා වසංගතය, ස්වභාවික විපත් සහ ලෝකය පුරාම සිදුවන සාහසික සිදුවීම් වලින් දරුවන්ට ඇතිකරන්නේ දැඩි මානසික බලපෑමක්  බව ලොව පුරා කරා ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත. 

ඊට අනුව සියයට 40ක් පමණ දෙමාපියන් පවසා  ඇත්තේ ප්‍රවෘත්ති නරඹන දරුවන් බොහෝවිට තමන්ට හෝ තම පවුලේ අයෙකුට එවන් විපතක් වේය කියා බියකින් සහ කනස්සල්ලකින් පෙලෙන බවයි. 

වෙනත් වචන වලින් කිවහොත් එම පුවත් දැක දෙමාපියන් බියවන විට වන දරුවන් ඊටත් වඩා වඩා බියවන බවයි. එහෙත් වැඩිහිටියන්ට ඔව්හු තම චිත්ත පීඩනය පැහැදිලව නොපෙන්වති.  විවෘතව නොකියති. එහෙත් ඒ බව ඉහත සඳහන් කායික තෙහෙට්ටුව වැනි ලක්ෂණ තුලින් මතුවිය හැක.

Related Posts