කෘෂිකාර්මික සංවර්ධනයේ ‘වියට්නාම ආදර්ශය’ අපටත් ආදර්ශයක්

විසිවන සියවසේ අගභාගයේදී සහ 21 වන සියවසේ මුල් වසරවලදී ආර්ථිකය ඉහළ වර්ධන වේගයක් අත්පත්කර ගැනීමට හා මිනිසුන්ගේ ජීවන මට්ටම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරගැනීමට ඔවුන් කටයුතුකර ඇත. ඒ උදෙසා එදාමෙදා තුර එරට දේශපාලන නායකත්වය කටයුතුකර ඇති ආකාර දෙස බැලුවහොත් මෙරට ජනතාවගේ අවසනාවන්ත දෑස් විවරවනු ඇත.

මිලියන 97ක් පමණ වන ජනගහනයක් සහිත වියට්නාමය ශ්‍රී ලංකාව වාගේම බොහෝ සමානකම් සහිත භූ විෂමතාවන් හා දේශගුණික ලක්ෂණ ගෙන් යුක්ත අග්නිදිග ආසියානු රටකි. බෞද්ධ  සංස්කෘතියකට උරුමකම් කියන එරට නිර්මාතෘවරයා ලෙස සළකනුයේ කොමියුනිස්ට් පක්ෂ නායක හෝ චි මිංග් ජාතික ගොඩනැඟීම සඳහා වියට්නාම ජනතාවට විවිධ විදේශීය ආක්‍රමණවලට මුහුණ දීමට සිදුවිය.

දිගුකාලින ලෙස ආක්‍රමණ වලින් හෙම්බත්ව සිටි වියට්නාම් වැසියන් හට 1930 පෙබරවාරි 3 වන දින කොමියුනිස්ට් පක්ෂය වියට්නාමයේ ආරම්භ කිරීම එරට ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් විය. 1945 අගෝස්තු මාසයේදී ජනාධිපති හෝ චි මිංගේ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ වියට්නාම ජනතාව එරට පාලන බලය අත්පත් කර ගැනීම සඳහා දියත් කළ සාර්ථකව කැරැල්ල 1945 සැප්තැම්බර් 2 දින වියට්නාම ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය බිහිකර ගත්හ.

වියට්නාම ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය 1976 අප්‍රියෙල් 25 වන දින වියට්නාම සමාජවාදී ජනරජය ලෙස නැවත නම් කරන ලදී. එතැන් සිට ක්‍රියාත්මක වූ තම ස්වයං සංවර්ධන මාවත 1986 කොමියුනිස්ට් පක්ෂයේ 6 වන සම්මේලනයේදී ආර්ථික ප්‍රතිසංස්කරණ යටතට නතුකරමින් Doi Moi  ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය දියත් කරන ලදී. මෙය වියට්නාමයේ නව සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

ඩොයි මෝයි ප්‍රතිපත්තිය පසුකාලීන පක්ෂ සම්මේලන පුරා නිරන්තරයෙන් තහවුරු විය. එහි සාර්ථකත්වය අත්පත්කරගත් ඔවූහු මේ වනවිට වසර 20කට වැඩි කාලයක් තිස්සේ ලොව දෙවන විශාලතම සහල් අපනයනකරුවා බවට පත්ව ඇත. වියට්නාමය සුප්‍රසිද්ධ වෙළඳ නාම සමඟ වෙනත් විවිධ භාණ්ඩ අපනයනය කරයි.

විසිවන සියවසේ අගභාගයේදී සහ 21 වන සියවසේ මුල් වසරවලදී ආර්ථිකය ඉහළ වර්ධන වේගයක් අත්පත්කර ගැනීමට හා මිනිසුන්ගේ ජීවන මට්ටම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරගැනීමට ඔවුන් කටයුතුකර ඇත. ඒ උදෙසා එදාමෙදා තුර එරට දේශපාලන නායකත්වය කටයුතුකර ඇති ආකාර දෙස බැලුවහොත් මෙරට ජනතාවගේ අවසනාවන්ත දෑස් විවරවනු ඇත.

වසර ගණනාවක සිටම වියට්නාමයේ කෘෂිකර්මාන්ත අංශය ආශ්‍රිතව ඉහළ බෝග අස්වැන්නක් පැවතියද නිෂ්පාදන පිරිවැය ද ඉතා ඉහළය. එහෙත් කෘෂි ව්‍යාපාර උදෙසා ප්‍රතිදාන සැපයීම හෝ ලැබෙන ආදායම මත පමණක් කටයුතුකරමින් එම ගැටළුව විසදාගත නොහැක. එවැනි තවත් හේතුකාරණා නිසා දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වෙමින් කෘෂිකාර්මාන්ත ක්ෂේත්‍රය ව්‍යවසායකත්ව ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමේ සදහා එරට කෘෂිකාර්මික හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය පෙරමුණ ගෙන ඇත. ඒ අනුව කෘෂිකාර්මික යෙදවුම්, නිෂ්පාදන සැපයුම් හා ඉල්ලුම් සම්බන්ධ තොරතුරු ඒකාබද්ධ කිරීම තුළින් සමස්ත යාන්ත්‍රණයම සක්‍රීය කිරීමෙන් නව චින්තනයක් කරා ඔවුන් ගමන් කළ යුතු බව අවබෝධකරගෙන තිබේ. එරට කෘෂිකර්මාන්තය හා සම්බන්ධ සත්‍ය තොරතුරු හා බහු-විධික්‍රම ඔස්සේ ලබාගන්නා දත්ත ගොවියන්, ආහාර නිෂ්පාදකයින් සහ බෙදාහරින්නන්ගේ සිට කළමනාකරණ ඒකක දක්වා වඩාත් විනිවිද පෙනෙන චිත්‍රයක් ගොඩනගා ගැනුමට උපකාරීකරගෙන තිබේ.

ඒ අනුව ආහාර බෝග නිෂ්පාදනයේ සිට කෘෂි ව්‍යවසායකත්ව ආර්ථිකයක මානසිකත්වයට එරට ගොවිජනතාව යොමුකිරීමට වියට්නාම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ බලධාරීන් කටයුතු කර තිබේ. වියට්නාමයේ වර්තමාන කෘෂිකාර්මික නිෂ්පාදන වටිනාකම බොහෝවිට වර්ධනය වන්නේ ඵලදායිතාව ඉහළ යාම නිසා වන අතර එය ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව ඉතා ඉහළ බව සනාථ කිරීමකි. කෙසේ වෙතත්, නිමැවුමේ වැඩිවීමක් අගය වැඩිකිරීමක් ලෙස අදහස් කරන්නේ නැත.

වර්තමානයේ වැඩිවෙමින් පවතින යෙදවුම් තත්ත්වය තුළ නැවත ආයෝජනය කිරීමට සහ ප්‍රතිජනනය කිරීමට ගොවීන්ට තවමත් ප්‍රමාණවත් ශක්තියක් තිබේද යන්න ගැටළුවකි. නිදසුනක් වශයෙන්, ශීත සෘතුවේ දී එරට සහල් වලට හොඳ මිලක් ලබාගත හැකි වුවද මැයි මාසයේදී සහල්වල මිල අඩුවේ. බොහෝ වර්ගවල එළවළු සහ පලතුරු අපනයනය කිරීම දුෂ්කර වුවද, ඒවායේ ගුණාත්මකභාවය නොතකා ඒවායේ මිල අඩුවන අතර පොහොර සහ සත්ත්ව ආහාර මිල තියුණු ලෙස ඉහළ යාම දැකිය හැක. මෙවැනි සමරූපී තත්ත්වයන් අප රට තුළද දැකිය හැකිය.

වියට්නාමයේ කෘෂිකාර්මික නිෂ්පාදන පරිභෝජනය සහතික කිරීම සඳහා එරට කෘෂිකර්ම හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය විසින් නුදුරු අනාගතයේ දී, පවතින බාධක ඉවත් කිරීමට සහ නව වෙළඳපළ කෙරෙහි යොමුවීම උදෙසා නිදහස් වෙළඳ ගිවිසුම්වලින් ලැබෙන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කිරීමට තීරණයතර තිබේ. පවතින තාක්ෂණික දුෂ්කරතා නිරාකරණයකරගනිමින් රේගු නිෂ්කාශනය සහ සැපයුම් යටිතල පහසුකම් සඳහා පහසුකම් සැපයීම ඔස්සේ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපොල ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව, යුරෝපා සංගමය සහ මැද පෙරදිග වැනි ආර්ථිකයන් දක්වා ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව ඔවුන් හදුනාගෙන ඇත.

වියට්නාමය තුළ කෘෂිකාර්මික නිෂ්පාදන පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම, ගොවීන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන කඩිනමින් අලෙවිකිරීම සහ නිෂ්පාදන අතිරික්තය මත මිල පහත වැටීම වැනි තත්ත්වයන් මඟහරවා ගැනීමට නිෂ්පාදකයින්හට හානියක් නොවන පරිදි කටයුතු කළ යුතුබව එරට කෘෂිකර්ම බළධාරීන් අවබෝධකර ගෙන ඇත.

කෘෂිකාර්මික නිෂ්පාදන කාලෝචිත ලෙස පරිභෝජනය කිරීම සඳහා සැලසුම් සකස් කිරීම සහ අතිරික්ත කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම සංවිධානය කිරීම සහ විශාල සුපිරි වෙළඳසැල් දාම ඔස්සේ කෘෂිකාර්මික නිෂ්පාදන පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමට අදාල ප්‍රදේශයන්හි ගොවිජනතාව හා ප්‍රදේශවාසීන් සම්බන්ධීකරණය කිරීමට කටයුතු කළ යුතුබව ඔවුන් අවබෝධකරගෙන තිබේ. ඒ උදෙසා e-commerce සංවර්ධනය කිරීම ඔස්සේ බෝග නිෂ්පාදන හා ආහාර නිෂ්පාදන බෙදාහැරීමට ව්‍යවසායකයින්ට උපකාර කිරීම මෙන්ම උසස් තාක්‍ෂණය සහ ඩිජිටල් තාක්ෂණය සංවර්ධනය කිරීම සහ යෙදවීම කෙරෙහි වියට්නාම බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවීම මෙහිලා  වැදගත් ලක්ෂණයකි.

e-කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ගොවීන්ට ඩිජිටල් කෘෂිකර්මාන්තය Digital Agriculture පුහුණුව අවශ්‍ය බව වියට්නාමය තේරුම් ගෙන තිබේ. Viet Nam Digital Agriculture Association විසින් කෘෂි  වගාව පිළිබඳ නවතම පළමු වාර්තාව හැනෝ Ha Noi හිදී එළිදක්වක්වමින් වියට්නාමයේ කර්මාන්තය වෙනත් තලයකට ගෙන ඒම උදෙසා ගොවීන්හට ඩිජිටල් තාක්ෂණය පිළිබඳ වැඩි පුහුණුවක් අවශ්‍යකරන බව ප්‍රකාශවිය.

ඒ අනුව e-කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ගොවීන්ට ඩිජිටල් කෘෂිකර්මාන්තය Digital Agriculture පුහුණුව අවශ්‍ය බව වියට්නාමය තේරුම් ගෙන තිබේ. Viet Nam Digital Agriculture Association විසින් කෘෂි  වගාව පිළිබඳ නවතම පළමු වාර්තාව හැනෝ Ha Noi හිදී එළිදක්වක්වමින් වියට්නාමයේ කර්මාන්තය වෙනත් තලයකට ගෙන ඒම උදෙසා ගොවීන්හට ඩිජිටල් තාක්ෂණය පිළිබඳ වැඩි පුහුණුවක් අවශ්‍යකරන බව ප්‍රකාශවිය.

මේ පිළිබඳව Viet Nam Digital Agriculture Association හි ප්‍රධාන ලේකම් Nguyen Duc Tung මහතා ප්‍රකාශ කළේ පසුගිය දිනක Ha Noi හි කෘෂිකර්මාන්තයේ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත්කරමින් ඒ පිළිබදව පැවති උත්සවයකදීය. ඔහුගේ වචන වලින් පවසන්නේනම් “කෘෂිකාර්මික අංශයේ ඩිජිටල් පරිවර්තනයක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් හා යටිතල පහසුකම් වියට්නාමය සතුව ඇත.” ඩිජිටල් කෘෂිකර්මාන්තය ගොඩනැගීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු සාධක අතර ගොවීන්ගේ තාක්‍ෂණික අනුවර්තනය ද ඇතුළත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එම වාර්තාවට අනුව වියට්නාමය කෘෂිකාර්මික රටක් වුවද, බොහෝ අභ්‍යන්තර හා ගෝලීය ගැටලු හේතුවෙන් එම අංශය තවමත් ශක්තිමත් ලෙස ඉහළම සංවර්ධනයක් අත්පත්කරගෙන නොමැත. සිව්වන කාර්මික විප්ලවයේ සහ COVID-19 වසංගතයේ බහු-විධි බලපෑම එරට ආර්ථිකය හා කෘෂිකර්මාන්තය මෙම තත්ත්වයට යොමුකිරීමට ඔවුන්හට බල කර ඇති බව එම වාර්තාවෙන් ප්‍රකාශකර තිබේ. කෘෂිකර්මාන්තය ඩිජිටල් තාක්ෂණයට අනුවර්තනයවීම නොවැළැක්විය හැකි නමුත් වෙනසෙහි පළමු ප්‍රතිඵල විභවයන් පෙන්නුම් කර ඇතත් කෘෂිකාර්මික නිෂ්පාදනයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය තවමත් දිගුකාලීන අභියෝගවලින් පිරී පවතින බව වියට්නාමයට ආදරයකරන  නිලධාරීන් හදුනාගෙන ඇත.

එරට කෘෂිකර්ම හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ e-government වැඩපිළිවෙළ සහ දත්ත හුවමාරු කර ගැනීමේ වෙනත් රෙගුලාසි මෙම ක්‍රියාවලියේ ධනාත්මක කරුණු ලෙස වාර්තාව සලකනු ලැබුවද, අදාල පද්ධතියේ ඇති දුර්වලතාවය නම් කෘෂිකාර්මික දත්ත දේශීය සිට ජාතික මට්ටමට සම්බන්ධ කරගත නොහැකිවීමයි. ගොවිතැන සඳහා තාක්‍ෂණය භාවිතා කිරීමට පුහුණු මානව සම්පත් නොමැතිකමත් ඔවුනට බලපා ඇත. 

වියට්නාමයේ බොහෝ කෘෂිකාර්මික සිසුන් තාක්ෂණය ගැන වැඩි යමක් නොදන්නා බව Nguyen Duc Tung මහතාගේ අදහසයි. ඒ අතරම, වටිනාකම් දාමයේ ව්‍යවසායන් අතර සම්බන්ධතා සහ එම දාමයේ සිටින අයගේ ප්‍රතිලාභ හා වගකීම් සම්බන්ධයෙන් වඩා හොඳ සහජීවනයක් සහතික කළ යුතු බව වාර්තාවේ දැක්වේ. ඩිජිටල් පරිවර්තනය සඳහා අරමුදල් නොමැතිකම බොහෝ ව්‍යාපාර, විශේෂයෙන් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සමාගම්, වියට්නාමයේ වඩාත් පොදු ව්‍යාපාරික අංශය මුහුණ දෙන ගැටලුවක් බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

Viet Nam Digital Agriculture Association ට අනුව වියට්නාමයේ ගොවීන්, කෘෂිව්‍යාපාර සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කෘෂිකර්මාන්තයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ මාර්ගගතව වියට්නාමයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ ගැඹුරින් මුහුණට මුහුණ සම්මුඛ සාකච්ඡා සහ සමීක්ෂණ මගින් එරට කෘෂිකර්මාන්තය පිළිබඳ දළ විශ්ලේෂණයක් වාර්තාවක් ගොඩනාගෙන ඇත. ඒ අනුව ඉදිරි වර්ෂවලදී Viet Nam Digital Agriculture Association හි ඉලක්කය වන්නේ කෘෂිකාර්මික අංශයේ ඩිජිටල්කරණය සඳහා සම්පූර්ණ විසඳුමක් උදෙසා වාර්ෂික වාර්තාවක් සකස් කිරීමට කටයුතු සම්පාදනය කිරීමට තීරනය කර ඇත. කෘෂිකර්මාන්තයේ ව්‍යාපාර ඇගයීම් දර්ශක සංවර්ධනය කිරීම සඳහා මෙම වාර්තාව බලාපොරොත්තු වන බව Nguyen Duc Tung මහතාගේ අදහසයි.

පොදු සහ ඒකාකාරී දත්ත සමුදායක් ගොඩනැගීම, බොහෝ පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ව්‍යාපාර සඳහා ප්‍රාග්ධන ආයෝජන සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, නව තාක්‍ෂණය කෙරෙහි අවධානය යොමු කරන නවෝත්පාදන පද්ධතියක් සංවර්ධනය කිරීම සහ සන්නිවේදනය තුළින් දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම ද Viet Nam Digital Agriculture Association හි වාර්තාව නිර්දේශ කරයි. COVID-19 වසංගතය හමුවේ වුවද 2021 මුල් මාස පහ තුළ කෘෂිකර්මාන්තය, වන වගාව සහ මුහුදු ආහාර අපනයනය ඔස්සේ ඇමරිකානු ඩොලර් බිලියන 22.83 දක්වා උපයාගෙන ඇති බව එරට කෘෂිකර්ම හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය පවසයි. මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද? ජනතාව විසින් බලයට පත්කරන සහ එම බලධාරීන් රජයේ සේවයට යොදවන මිනිසුනට ඥාණය විවරකර දීමට මෙරට අතිබහුතරයකට තවහත් මොලේ පෑදී නැති බවයි.

එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *