කියුබානු කොමියුනිස්ට් ආණ්ඩුව ‘ජනතා විරෝධතා හමුවේ‘ දණ ගසයි !

Spread the love

ඉරිදා ආරම්භ වූ රටපුරා ඇති වූ නොසන්සුන්තාව මෑත කාලයේ පෙර නොවූ විරූ විය

පසුගිය දිනවල කියුබාවේ අගනුවර ඇතුළු පළාත් රැසක ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සඳහා ආනයන බදු සහ සංචාරකයින් විසින් රැගෙන එන එවැනි භාණ්ඩ සඳහා වන සීමාවන් ද කියුබානු රජය විසින් තාවකාලිකව ඉවත්කර ඇත.

අගමැති මැනුවෙල් මාරෙරෝ කෟෟස් අද (15) රාජ්‍ය රූපවාහිනිය මගින් ජනතාව අමතා නව වෙනස නිවේදනය කළේය.

“එය බොහෝ සංචාරකයින්ගේ ඉල්ලීමක් වූ අතර මෙම තීරණය ගැනීම අවශ්‍ය විය,” අගමැති පැවසීය. දෙසැම්බර් 31 න් පසු රජය විසින් කරුණු තක්සේරු කරනු ඇතැයි ඔහු පැවසීය.

ආහාර හා ඖෂධ හිඟය, මිල වැඩි කිරීම සහ රජය විසින් කොවිඩ් -19 හැසිරවීම සම්බන්ධයෙන් විරෝධතා දක්වමින් දස දහස් ගණන් කියුබානු වැසියෝ පසුගිය ඉරිදා රට පුරා දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වූහ. ඒවා කොමියුනිට්ස් කියාබානු ඉතිහාසයේ මීට පෙර නොවූ තරම් ප්‍රබල ඒවා විය.

විරෝධතාකරුවන් කළ එක් ඉල්ලීමක් වූයේ කියුබාවට පැමිණෙන සංචාරකයින්ට රේගු බදු නොගෙවා සැපයුම් ගෙන ඒමට අවස්ථාව ලබාදිය යුතු බවයි.

පසුගිය ඉරිදා නොසන්සුන්තාව ආරම්භ වූ දා සිට රට පුරා දුසිම් ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ. එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව බලධාරීන් අඟහරුවාදා තහවුරු කළහ.

දැඩි ඒකාධිපති පාලනයක් ඇති කියුබාව තුළ අනවසර පෙලපාලි නීති විරෝධී වන අතර රාජ්‍ය විරෝධී විරෝධතා සිදුවීම අතිෂයින් අවමය.

‘අවශ්‍ය’ තීරණයක්

දැනට කියුබාවට පැමිණෙන සංචාරකයින්ට ඖෂධ කිලෝග්‍රෑම් 10ක් දක්වා බදු රහිතව රට තුළට ගෙන යා හැකිය. කෙසේ වෙතත්, ඔවුන්ට ගෙන ඒමට අවසර දී ඇති සීමිත ආහාර හා පෞද්ගලික සනීපාරක්ෂක සැපයුම් සඳහා රේගු බදු ගෙවිය යුතුය.

එවැනි රේගු වෙනසක් ඇති කරන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. දැනට පවතින කොරෝනා වයිරස් වසංගතය මධ්‍යයේ කියුබාවට සංචාරය කරන්නේ ස්වල්ප දෙනෙකි.

“නැහැ, අපට කෑල්ලක් අවශ්‍ය නැහැ. අපට නිදහස අවශ්‍යයි” යනුවෙන් කියුබානු කොමියුනිස්ට් රජයේ විවේචකයෙක් සහ මාධ්‍යවේදී යොවානි සැන්චෙස් අගමැතිවරයාගේ නිවේදනය නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසු ට්වීට් කළේය. 

“අමතර සූට්කේස් කිහිපයක් ආනයනය කිරීම සඳහා කියුබානු වීදිවල රුධිරය කාන්දු නොවීය” ඔහු සදහන් කළේය.

අන්තර්ජාල සේවා යළිත්

දින තුනක බාධාවකින් පසු කියුබානු බලධාරීන් අද අන්තර්ජාලයට පිවිසීම යථා තත්ත්වයට පත් කළ බව ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියේ මාධ්‍යවේදීන් වාර්තා කළහ. කෙසේ වෙතත් ෆේස්බුක්, වට්ස්ඇප් සහ ට්විටර් ඇතුළු සමහර පණිවිඩ සහ සමාජ මාධ්‍ය වේදිකා 3G සහ 4G වල අවහිර වී ඇති බව වාර්තා වේ.

ජංගම අන්තර්ජාලය කියුබාවේදී හඳුන්වා දෙනු ලැබුවේ පසුගිය වසර කිහිපය තුළ පමණක් වන අතර මෑත කාලීන පෙලපාලි සංවිධානය කිරීමට හා ප්‍රචාරය කිරීමට මිනිසුන්ට ඉඩ ලබා දෙන ලදී.

හවානා අගනුවර පදිංචිකරුවෙකු වන ඇන්ඩ්‍රියා ලෝපෙස් රොයිටර් පුවත් සේවයට පැවසුවේ ‘අන්තර්ජාල සේවා අවහිර කිරීම නිසා තමාට මෙක්ෂිකෝවේ සිටින තම සැමියා සමඟ කතා කිරීමට නොහැකි වූ බවයි.

“ඔවුන් අන්තර්ජාල සේවා කපා හැරියා. රජයට අවශ්‍ය වන්නේ සියල්ල නිහඩ කිරීමටයි” ඇය පැවසුවාය.

2021 ජූලි 14 වන දින බලධාරීන් අන්තර්ජාල ප්‍රවේශය යථා තත්වයට පත් කිරීමෙන් පසුව කියුබානුවන් ඔවුන්ගේ දුරකථන පරීක්ෂා කරති
කියුබානු බලධාරීන් දින ගණනකට පසු බදාදා අන්තර්ජාල ප්‍රවේශය යථා තත්වයට පත් කළහ

දැඩි ආරක්‍ෂාවක් තිබුණද හවානාහි වීදි මේ වන විට සන්සුන්ව පවතින බව වාර්තා වේ.

මෑත දිනවල රට තුළ අත්අඩංගුවට ගැනීම් අඛණ්ඩව සිදුවන බව පෙනේ. කියුබානු යූ ටියුබ් මාධ්‍යවේදිනියක වන ඩිනා ස්ටාර්ස් ඊයේ ස්පාඤ්ඤ මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් සිටියදී ඇයව රැගෙන යාමට ආරක්ෂක අංශ පැමිණ ඇති බව නාලිකාවට පැවසුවාය. ඇය පසුව ඉන්ස්ටග්රෑම් හි ඒ ගැන පළ කළාය.

ආර්ථික අර්බුදයක්

ආණ්ඩු විරෝධී විරෝධතා පසුගිය ඉරිදා හවානාහි නිරිත දෙසින් සැන් ඇන්ටෝනියෝ ඩි ලොස් බැනෝස් නගරයේ උද්ඝෝෂණයත් සමඟ ආරම්භ වූ නමුත් වැඩි කල් නොගොස් රට පුරා ව්‍යාප්ත විය.

බොහෝ දෙනෙක් මෙම විරෝධතා සමාජ ජාල ඔස්සේ සජීවීව විකාශය කරන ලදී. සමාජ මාධ්‍යවල පළ වූ පෝස්ට් වලින් පෙනී ගියේ මිනිසුන් පොලිස් කාර් පෙරළා දමා විදේශීය මුදල්වලින් භාණ්ඩ මිල කරන රජයේ සමහර වෙළඳසැල් කොල්ලකන බවයි. බොහෝ කියුබානුවන් සඳහා, මෙම සාප්පු යනු මූලික අවශ්‍යතා මිලදී ගත හැකි එකම ක්‍රමය වන නමුත් ඒවායේ මිල ගණන් ඉතා ඉහළය.

කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත් වූ දා සිට ඇමෙරිකානු සම්බාධක හමුවේ දැඩිව පීඩාවට පත්ව ඇති කියුබාවේ ආර්ථිකය මේ වන විට බරපතළ අරගලයක යෙදී සිටී. එරට ආර්ථිකයේ වඩාත් වැදගත් අංශවලින් එකක් වන සංචාරක ව්‍යාපාරය, කෝවිඩ් වසංගතය තුළ ගමන් කිරීම සීමා කිරීම නිසා විනාශයට පත්ව ඇත.

සංචාරක ව්‍යාපාරය මෙන්ම සීනි කර්මාන්තය ද කියුබානු ආර්ථිකයේ ප්‍රමුඛතම එකකි. එහෙත් මේ වසරේ අපේක්ෂිත ඇස්වැන්න විශාල වශයෙන් පහත වැටී ඇත. එය ද මාරාන්තික පහරකි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, රජයේ විදේශ මුදල් සංචිත ක්ෂය වී යයි, එයින් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් සිදු වන පරිදි, හිඟය පියවා ගැනීම සඳහා ආනයනික භාණ්ඩ මිල දී ගත නොහැකි බවයි.

කියුබාව විරෝධතා සහ කියුබාවේ පුළුල් ගැටලු සඳහා එක්සත් ජනපදයට සහ එහි ආර්ථික සම්බාධකවලට දොස් පවරා තිබේ. මෑතදී ඇති වූ නොසන්සුන්තාව අතරතුර කියුබානු ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් නිදහස් කරන ලෙස එක්සත් ජනපදය කියුබානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

බී.බී.සී ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Related Posts