ඕස්ට්‍රේලියාව සමග පැවති අවසන් එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 4 ක තියුණු ජයක්

Spread the love

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ අද (22 අගෝ.) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් එක්දින තරඟයෙන් කඩුළු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරඟයේදී සිදුවූ එක් විශේෂ සිදුවීමක් වන්නේ, එක්දින ජාත්‍යන්තර තරඟවලදී කඩුලු ත්‍රිත්වයන් තුනක් ලබාගත් එකම පන්දුයවන්නා ලෙස ලසිත් මාලිංග ක්‍රිකට් වාර්තා පොතට එක්වීමයි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කරන ලද අතර පන්දුවාර 46.1කදී ලකුණු 211කට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සියල්ලෝම දවාලීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

අනතුරුව පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 කදී කඩුලු 06 කට ලකුණු 213ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

තරඟ 5 කින් සමන්විත වූ එක්දින තරඟාවලියේ තරඟ 3 – 2 ක් ලෙස තරඟාවලියෙහි ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානුවන් සමත් විය.

තරඟයේ වීරයා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග නම්කෙරුණු අතර තරඟාවලියේ වීරයා ලෙස ඕසට්‍රේලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාර්ක් නම් කෙරිණි.

ඕස්ට්‍රේලියාව – පන්දු වාර 46.1 සියල්ලන් දැවී ලකුණු 211 (වොට්සන් 56, මාලිංග 35/3, අජන්ත 49/3)
ශ්‍රී ලංකාව – පන්දු වාර 47 කදී 213/6 (මහේල 71, චාමර 63 , පැටින්සන් 41/2)

Loading...

RSL

Related Posts