එළ හරකා ගෙයි, මී හරකාගෙයි වෙනස පළ කළ මැනවි

ඇසළ පෙරහැර අගෝස්තුවේ පැවැත්විය යුතුවේ. එය සම්ප්‍රදායකි. ඓතිහාසික සංසිද්ධියකි.නුහුගුලුවා පුරාලිය යුත්තකි.  
                   සෙංකඩගල           නුවර
                   ඇසළට කරන     පෙරහැර
                   දෙවියන්ට         කැප කර
                   පැවත ආවේ කලක සිට පෙර යනුවෙන්  පැරණි පොතපතක  දැක්වේ.  

ඇසළ පෙරහැර යනු රටට සැරසිල්ලකි. සතුටකි. නුවර මිනිසුන්ට ආඩම්බරයකි. පෙරහැර සමයේ හවස් මානයේ නිවෙස්වල සිටින සමහරු පෙරහැර පිටත්වන වෙඩිල්ලේත්, පෙරහැර ගෙවදින වෙඩිල්ලේ සද්දය  අසන්නේත්  ආසාවෙනි.  වන්දනා ගමනක් අතර, දෙවුන්දර තුඩුවේදීත් ඇසූ කෙනෙකුට අපි නුවර කියා  කියන්නේත් ආඩම්බරයෙකි. ඒ ආඩම්බරයට ශ්‍රී දළදා වහන්සේත්, ඇසළ පෙරහැරත්  හේතු වෙනවාමය. කවුරු මොනවා කීවත් හිරු නොබසින අධිරාජ්‍යයට ගිවිසුම් එකඟතාවකින් මිස, අවි බලයෙන් උඩරට රාජධානිය යටත් කළ නොහැකි විය. ඊට ශක්තිය දුන් වාරියපොල සුමංගල පරපුරේ ශක්තීන් රටට නැවත අවශ්‍යව තිබේ.

මේ මාරාන්තික නිමේෂයෙහි මහනුවර, ඇසළ  පෙරහැරට සූදානම් වෙති යයි ආරංචි සැලවූ වූ සැණින් මහනුවර ජනතාව බයෙන් බිරාන්තව වෙව්ලා ගියහ.  හේතුව  රාජපක්‍ෂ ආණ්ඩුව අත ගසන හැමදේම කෙළවා ගැනීමකින් කෙළවර කර ගැනීමය.  ඒ හැම බිඳ වැටීමක් හරහා කීයක් කීයක් හරි ඩොලර් කාසි වලින් ආණ්ඩුවේ සාක්කු පිරෙනවාත් සැබෙවි. ඒත් ඒ හිලව්වට, උනුන් බදාගෙන අඬන්න වැළපෙන්න වැළලෙන්න. වළලන්න සිද්ධ  වෙන්නේ රටේ මිනිසුන්ටය. එක් සරල උදාහරණයකට පමණක් නම්, එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර ගත හැකිය. දැන් ඒ සිද්ධිය රහසක් කිරීමට කොම්පැනියේ  තොරතුරු ද,  මකලාය.  කලුතර රත්තරන්  ඇමති කී ආකාරයට ඒ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා, කාට හරි ඩොලර් මලු පිටින්  ලැබෙනවා නියතය. ඒ ආනුභාවයෙන් ඉදිරි පරම්පරා කිහිපයකට   රටේ වටේ මුහුදේ මාලුන්ට කැස්බෑවන්ට ජීවත්විමේ අයිතිය අහිමි වී ගොස්ය.  

මෙවර ඇසළ පෙරහර නිසා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවක් මෙන් සීතල මහනුවරත්   ගිනි ගැනීමට බැරි නැත.  අවාසනාවකි. බුදුන් දෙවියන් වෙනුවෙන් කරන ඇසළ පෙරහැර පවා, රටට,  ගමට, රටේ ගමේ මිනිසුන්ට සාපයක් පාපයක් නොවුණොත් ඒක මහ පුදුමයකි. නිලධාරින් නම් එක පයින් කියන්නේ පෙරහැර නොකළ යුතු  බවය. ලැබෙන ආරංචි අනුව, මහ පන්සල් දෙකත් පෙරහැර ගැන හිතන්නත් බයෙන් පසුවෙති. මල්වතු අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හාමුදුරුවන් වහන්සේ “ලොවම කොවිඩ්  වසංගතයට ගොදුරු වී කිබෙන අවස්ථාවක සෞඛ්‍ය ආරක්‍ෂිත උපදේශ ඉහළින්ම පිළිපදිමින් මෙවරත්  දළදා පෙරහැර පැවැත්වීමට අපට සිදුව තිබෙනවා.  මිනිස්සු පාරේ මැරිලා වැටෙන යුගයක අපි කොහොමද ලෝකයට පේන්න පෙරහර කරන්නේ ..” කියා විමසති. (ලංකාදීප 2021-0713 දින) ඉතිහාසයේ  මින් පෙර, ජාතික අවදානම් අවස්ථාවලද  පෙරහැර පැවැත්වූ ආකාරය  මහනුවර අය දනිති.  එහෙත් මෙවර පෙරහැර වීදි බස්වා කොරෝනා රැල්ලක් ඇති කිරීමට පාලකයන්ට ඇතිවෙලා තියෙන ගාය ගැන ජනතාව සාප කරති. ඇසළ  පෙරහැර හෙණ ගෙඩියන් පාත්වීමකැයි කියන්නට කන්ද උඩරට වාසය කරන අබෞද්ධයෙකුවත්  කැමති  නැත. එහෙත් බ්‍රැන්ඩික් මුදලාලිට බිස්නස් කරන්න ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන ඒමට ඉඩ දීමෙන්  සිදුවූ වින්නැහිය දන්නා නුවර මිනිසුන්ට දැනෙන්නේ වසංගතයේ ආදීනව මිස, පෙරහැරේ හැඩරුව හෝ බුද්ධාලම්බන ප්‍රීතිය  නම් නොවේ.

වසර ගණනාවක සිට නුවර මිනිසුන් බොහෝ ආතානාත්තු නිසා තැවෙති. දුක්වෙති. විඳවති. ලෝකයේ ලස්සනම නගර අතුරෙන් එකක් මහනුවරය.  ලෝකයේ වැඩිම විෂ වාතය පිරී පවතින නගර අතරට මහනුවර නගරයද අයත්වේ. හේතුව ඉඩකඩ අඩුකම සහ අධික ජනගහනයයි. මැරෙන්නට දඟලන රෝගින් ගෙන එන ගිලන් රථ මහ රොහල දැක දැක කිලෝ මීටර් ගණනක්  වැව රවුමේ  කරකවන්නේද මහනුවරය. විනාඩි තුනෙන් නගරයෙන් පිටමං විය හැකි ඒ 26 පාර වසා මාළිගාවට ආරක්‍ෂාව සැපයීමට එරෙහිව මහනුවර පිරිස් දිගු කලක් පුරා සටන් කරති. ඒ එක් සටනකදී මහයියාවෙන් කුලියට ගැහැනුන් ගෙනැවිත් උද්ඝෝෂකයන්ට මිරිස්කුඩු ගස්වන ලද්දේ වර්තමාන 43 බලකායේ නායකයන්ය. මේ සාරාංශ කොට දක්වා සිටින්නේ  මහනුවර ජනතාව විඳින හැම ආතානාත්තුවක් වසංගතයක්ම කාලකන්නි පාලකයන් නිර්මානය කළ ඒවා මිස, ස්වාභාවික විපත් කරදර නොවන බව සිහිපත් කිරීමටය. මහනුවර ශ්‍රී දළදා නගරයේ මත්පැන්හල් මස්මඩු මස් කඩ වසන්නට පාලකයන් අසමත්ය. එහෙත් යක්‍ෂ ප්‍රේත භූත ආත්ම බැඳ ගත් ඕලාරික නූගත් ගැහැනුන් පිරිමින් දුන් උපදේශ  නිර්f්ද්ශ අනුව, තම පවුලේ පරම්පරාවේ ආරක්ෂාවට මේ මරණ වසංගතය අස්සේ පෙරහැර කරන්නට නම් අර ඇඳීම නම් අවිචි මහා නරකයේ ඉපදීලාත් පඩිසන් දී කෙළවර නොවන සහාසික අපරාධයකි.

වසංගතය මහනුවර පැතිරී ඇති ආකාරය, තරම දන්නෝ එහි ජිවත්වන්නනෝ වෙති. මේ වසංගත අවදානමත් පංගු පේරුවකි. ලංකාවෙන් අඩකට හෝ එකවර  ඇනවුම් කර එන්නත ගෙන ඒමට ආණ්ඩුවට හයිය තිබුණේ නැත. මේ රටට ගෙන්නුවේ  ටික ටිකය. ඒ ප්‍රමාණයෙන් වැඩි කොටසක් බස්නාහිර පළාතට වෙන් කෙරිණ. ඒ වංසගත තර්ජනය අනුව ගත් තීරණයක් නිසා  ඊට කිසිවෙකු විරුද්ධ වුණේ හෝ විරුද්ධ වන්නේ නැත. දුර්ලභ දේ කඩිනමින් ලැබෙන්නටද වාසනාවක් පිනක් තිබිය යුතු වේ. මෙහෙව් පාලකයන් අතට පත් මේ කාලකන්නි රටේ  ඉපදුණ මිනිස්සු මෙහෙම අවදානමකදි මැරෙණවා හැර වෙන කුමක් කරන්නද?  පවුල් පිටින් කොවිඩ් වැළඳී නිවෙස් තුළම මිය යන්නේ ඒ කතාව යථාර්ථයක්ව ඇති නිසාය. මෙවර පාලකයන්ට උවමනා ලෙස පෙරහැර සිදු කළොත් මහා සංඝයා වහන්සේට කියවන්ට සිදුවන්නේ සතිපට්ඨාන සූත්‍රය නොවේ. බුදුගුණාලංකාරයේ “ගෙහි ගෙහි මිනී බෙර….” අමු සොහොන් වර්ණනා පරිච්ඡේදයෙන් පිළිකුල උපදවා ගත හැකිය.

අ`ථත්ම සංඛ්‍යා ලේඛන අනුව, දිවයිනේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 27303කි. වසංගතයෙන් මිය ගිය ප්‍රමාණය 3467කි. බැසිල් පාර්ලිමේන්තු එනවා කියා රට පුරා රතිඤ්ඤා පත්තු කර කිරිබත් කෑවේ බැසිල්   කොවිඩ් වසංගතයට මහෞෂධය අරන්  එන නිසා නොවේ.  දීනකමටය. අරක්කු බෝතලයටය. දොර දොර මිනී බෙර හැඬවෙන මේ දේශය එකම  මළ ගෙදරකි.  සොහොන් පිටියකි. මේ සතුට කාගේද? කා වෙනුවෙන්ද?  තක්කඩි පවුල් පාලනයක්  ශ්‍රී දළදා හාමුදුරුවන් පෙළහර පෑවත් එකාපිට එකා වැටුණත් ඇසළ පෙරහර නවත්වන්නේ නම් නැත. මුන් මහනුවරටවත් ශ්‍රී දළදා හාමුදුරුවන්ටවත් ආදරයක් ගෞරවයක් නැත. උන් උපන් රුහුණට  ආඩම්බරයක්ව   පවත්නා තිස්සමහාරාම වැව චීනුන් ලවා හාරා ඛණිජ සම්පත් ගොඩ දාන්න ඉඩ දුන් වර්ගයකි.

රාජපක්‍ෂකරණය අනුව මේ රට, වසර දෙදහස් පන්සියක් පරණ නැත. මුන්ගේ සෞභාග්‍ය අනුව ලංකාව යනු අගක් මුලක් ආතක් පාතක් නැති සිරිපිනා මුඩුක්කුවකි. ගෆූර් බිල්ඩිම, මහ තැපැල් හළ දිරා ගිය ගෙවල්ය. ශ්‍රී දළදා නුවර පරණ කක්කුස්සියකි. නැතිනම් මුන්ගේ දරුවන්නේ ජොලියක රුසියන් ගණිකාවන් ගෙනැවිත් නටවන කෙළි මඬලකි. එසේ නොවේ නම් මල්වතු අස්ගිරි මහ පන්සල් දෙකම විරුද්ධ වෙද්දී මහනුවර නගරයේ කාර් රේස් පවත්වන්නේ නැත. මහනුවර කාර් රේස් දොළදුක තිබුණේ නාමල් රාජපක්‍ෂටය. හෙවත් ලංකාවේ ඩියුක්ටය. ආදිපාදටය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ආශීර්වාදයෙන් දේවානම්පියතිස්ස මහරජු රන් නගුලෙන් ලකුණු කොට ශාසනයට පූජා කළ වසර දෙදහසක් පුරා අඛණ්ඩව සාධුකාරයෙන් ගිඟුම් දෙන, මහ මෙවුනා උයනේ වන්දනීය අටමස්ථාන සංඛ්‍යාවට නවයේ නපුරු ඉලක්කම එකතුී කළෝ මහ සෑයක් ඉදි කිරීමට සැලසුම් කළෝ මේ කාලකන්නි පාලකයෝම  වෙති. ඒ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණීස නොවේ. දුටුගැමුණු රජ්ජුරවන්ට ඉහළින් ඉතිහාසයේ නම ලියවා ගන්නටය. මේ සිය`ථ පව්කාරකම් නිසා, 2015 නිකම්ම නිකම් සිරිසේන කෙනෙකුගේ දෙපා මුල ඇද වැටුණ මහින්ද රාජපක්‍ෂ තවමත් නැගිටලා නැත. ඒ දළදා හාස්කම්ය. ස්වභාව ධර්මයේ ශාපය එන්නේ පෙරහැරෙන් නොවේ. සමහර විට පිණි වැස්සක් වාගේය. එය ධාරානිපාතයක් වන්නේ  හෙමිහිටය. මහ රෑකය. සුළියක් වන්නේ මරු කපොල්ලකදීය. දළදා ඉතිහාසය අනුව එක් රජ කෙනෙකු ශ්‍රී දළදා වහන්සේගේ සත්ත බැලීමට කිණිහිරක තබා තලන්නට නියම කළේය. සිදුවුණේ කුමක්දැයි දාඨා වංශය නම් පොතේ සවිස්තර දැක්වෙන බව මහා සංඝයා වහන්සේ දන්නාහ.  විශිෂ්ට චිත්‍ර  ශීල්පි ඇම්. සාර්ලිස් මාස්ටර් ඒ ශ්‍රී දළදා ප්‍රාතිහාර්ය ප්‍රති නිර්මානය කොට වර්ණ ගැන්වූ චිත්‍රය තවමත් පරණ බෞද්ධ ගෙවල්වල දක්නට ඇත.

මේ සියල්ල මෙසේ සටහන් කරන්නේ දෙවියන්ගේ අමු කැවිලාවත් නැගෙන විරෝධය නොතකා ඇසළ පෙරහැර පැවැත්වීමට මේ අව-රාජ පරම්පරාව උත්සාහ කළොත් ඊට සම්බන්ධවන හත වරිගයට, හත් මුතු පරම්පරාවන්ට දෙස් දොවොල් තියෙනවා,  සාප කරනවා මිස, ශ්‍රී දළදා හාමුදුරුවන්ට සතර මහා දේවාලයන්ට අධිගෘහිත දෙවි දේවතාවුන් වහන්සේලාට මහනුවර මිනිස්සු දෙස් දෙවොල් නොතියන්නාහ. කළ හැක්කේද කළ යුත්තේද, ඓතිහාසිකව තමන්ට පැවරුණ බලය, අධිකාරය පාවිච්චි කර පව්කාරයන්ගෙන් සිදුවන අපරාධයෙන් රට බේරා ගැනිම පමණක් බව  මහනුවර ශ්‍රී දළදා මාලිගාවට හතර මහා දේවාලයට අරක් ගත් ජ්ීවමාන කාට කාටත්  මතක් කර දීම පමණකි. මෙවැනි කස්තිරම් කාරයන් අමුඩෙටත් අහිමිව වැලි ගම් බලා ගිය බව ඉතිහාසයේ ලියැවි ඇත. මධුරාපුර පෙනුමට මේ ඓතිහාසික මහනුවර මධ්‍යයේ වැවක් තැනීමට නැකත් හෝරා විමසීම පිණිස කොත්මලේ සුප්‍රකට බරණ ගණිතාචාර්ය ගෙන්වීය. මේ සුද්ධ කාර්ය භාර ගත් භරණ ගණිතාචාර්ය පෙහෙවන් සමාදන්ව නාත දේවාලයේ භාවනා යෝගීව සිටියේය. එක් නිමේෂයක මායාවකට මැදිවූ භරණ ගණිතාචාර්යට ක`ථ දෙමර ගමන් පොදියක්  ටික්ගොල්ල වැව දෙසින් පියඹා විත් රජ මාළිගාව මුදුණේ කැරකීලා කැරකී ගොස් අතුරුදන් වනු දර්ශණය විය. එය අනතුරක සේයාවක් හෝ අසුභ නිමිත්තක් නොවීය. තනිකරම තර්ජනයක් විය. සහලඟ දහදියෙන් තෙත්වූ බරණ ගණිතාචාර්ය මු`ථ රැයම නොනිදා පහන් කළේ බයෙන් බිරාන්ත වෙලාය.  පසු දින මහ වාසලට ගොස් වැව් කර්මාන්තය අතනුරුදායක හෙයින් අතහැර දමන්නැයි බිම දිගාවි රජ්ජුරුවන්ගෙන් අයැද සිටියේය. කට හොල්ලනවා නොවෙයි. ලැබුණේ එවැනි තර්ජනයකි. තෑගිබෝග ලබා  වාසලෙන් පිටත්වූ බරණ ගණිතාතාචාර්ය කවදාවත් ගමට ගියේ හෝ කිසිවෙකු පන පිටින් දුටුවේ හෝ නැත. ටික්ගොල්ල වෙල් යාය පුරවා කිරි මුහුද හෙවත් වර්තමාන නුවර වැව පිළිබඳ මේ කතාන්තය තව අනසන් නැත. එය අවසන් වන්නේ සිංහලේ රජු බල්ලෙකු සේ බැඳ රටේ මිනිසුන් විසින්ම පාවාදී රට පැටවීමෙනි. බලය එහෙමය. ඉතිහාසයද  එහෙමය.  

මෙවැනි තීරණාත්මක අවස්තාවන්හිදී මහනුවර මහා සංඝයා වහන්සේ රජුන් තනන්සේ හැසිරිය යුතුවේ.  ශ්‍රී දළදා වහන්සේගේ ගෞරවය අධිකාරිත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතුවේ. එවැනි  අවස්ථාවන්  ඉතිහාසය පුරා ලියැවී ඇත.  මෙයට පෙර නිදහස් ලංකාවේ අපේ පාලකයෝ වරක්  මේ ආකාරයටම චීනාට ආරූඪවී  අන්ධව, විකාරව, කුජීතව, පිස්සු වැටී,ගණදෙවි හෑල්ලේවත් නොදැක්වෙන දළදාවක් ලංකාවට වඩම්මවූහ. ඒ දළදාව අපේ ශ්‍රී දළදා හාමුදුරුවන් සමග එක් මණ්ඩප්පයක සම සමව වඩා හිඳුවා තබා පුද පූජා ලබා දීමට  තැත් කළ අවස්තාවක එවකට මල්වතු අස්ගිරි හාමුදුරුවන් වහන්සේලා තමන් වහන්සේගේ බල පරාක්‍රමය, අධිකාරය රටටම මුදා හැර  තම විරෝධය, මැදිහත්වීම, කෝපය, පිළිකුළ අනුදැන වදාළේ තිත්ත කුණුහරුපයෙන් බව අසා ඇත්තෙමි.  එසේම පළමුවෙනි ජන රජ ව්‍යවස්ථාව  රටේ නීතිගත කොට, කොළඹ මහ කන්තෝරුවකදී ජනරජ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට තීන්දු කළහ. ඒ මහා කර්තව්‍යය හතර අතේ අණබෙර යවා මහනුවර පුරා තොරණ ඉදි කොට ධජ පතාක ඉස්සවූහ. එහෙත් ශ්‍රී දළදා ප්‍රදර්ශනය නම් ඒ තුනෙන් දෙකේ ආණ්ඩුවට පැවැත්විය නොහැකි විය. ඒ අවස්ථාවේ මල්වතු විහාරයෙන් කියැවුණේ කුමක්ද? ශ්‍රී දළදා භාරය තවමත් රටේ කිරීටය දරති. ඒ මිස ඡන්ද පෙට්ටියෙන් පත්වන ආණ්ඩුවලට ශාසනය පාලනය කළ නොහැකිය යන්නය. මේවා විශිෂ්ට පූර්වාදර්ශ වෙති.

රටක් බිලි ගත් වසංගතයට එරෙහිව රටේ ජනතාවට බෙදා දෙන එන්නත දේශපාලනය අනුව තීන්දු කොට ප්‍රමුඛතා ලේඛන අනුව දෙන රටේ ඉලිප්පෙන කෝකාත්,  මේ රටේ කිසිවෙකු දැක නැති කිරිටය හිමි මහා බලයක් පවත්නා බව සිහි තබා ගත යුත්තාහ. පාර වැසුවාට, මල්වතු පාර්ශ්වය අදත් එකඟ නැත. ඒ පිළිබඳ එවකට වැඩ සිටි අස්ගිරි නා හිමියන් හමුවූ මහනුවර පුරවැසි පිරිසකට උන්වහන්සේ අනුදැන වදාළ දේ රටම දැනගත යුත්තාහ.

“පාර වැහුවේ උන්නැහේ. ඒ නිසා පාර අරින්න දෙන්න නම් බැහැ.  යහ පාලන කාලයේ මහා වංචාවක් ගැන දියවඩන නිළමේ ප්‍රදීප් නිංග දෑලට එරෙහි පරීක්‍ෂණය සම්බනධව අපවත්වී වදාළ ඒ අස්ගිරි මහ නා හිමියන් වහන්සේම පුවත්පත්වලට ප්‍රසිද්ධියේ වදාළේ කුමක්ද? ශ්‍රී දළදා භාරකාරයා පොලිසි ගෙන යාම වැරදි බවය. පිනට රජවූ පොළොන්නරුවේ සිරිසේන ශාසන ගෞරවයෙන් රටේ නීතිය යටපත් කර නවා දැමීය. මහ නා හිමියන්ගේ ඒ ඉල්ලීම අපේ මාධ්‍ය වාර්තා කළහ. ඒ සිද්ධිය සහ දුමින්ද සිල්වාට සමාව ලැබීම දෙකකි. එහෙත් මහ නා හිමිවරුන්ද, එකඟ නොවී සිටින මේ ඇසළ පෙරහර වීදි බැස්වීමට කවුරු මුල් වුවද, ඔහුන් අනාගතයේ අනියම් මිනි මැරීමේ චෝදනා නොලැබුවද, ඉතිහාසයේ වරෙන්තු කාරයන් වෙනවාමය. නිලංග දෑල ශ්‍රී දළදා මාළිගාවට
පැමිණීයේ කතරගම තම බස්නායක තනතුර රාජපක්‍ෂ පවුලට පවරලාය. රාජපක්‍ෂ පවුල ඒ නිධානය රැක ගැනීමට ශෂීන්ද්‍ර රාජපක්‍ෂට පමණක් වලංගු වන ලෙස විහාර දේවාලගම් පනත පවා සංශෝධනය කළ බව සිහිපත් කළ යුතුවේ. මහනුවර මහා සංඝයා වහන්සේට දෙපා වැඳ සැලකර සිටින්නේ  මෙය අයහපත් බලහුවමාරුව පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසය. තවත් වරක් මේ ඓතිහාසික තනතුර කන්ද උඩරටින් පිටතට නොයා යුතුවේ.

2005දී ඒකාධිපති ව්‍යවස්තාව අහෝසි කරන බවට ශ්‍රී දළදා හිමියන් අබියස ජාතියට ප්‍රතිඥා දී අද රාජපක්‍ෂලා ළඟ දනින් වැටී සිටින,  අතුරලියේ රතන නැවත වඳපෙති වඳ අම්මලා වෙනුවෙන් ඓතිහාසික මහ ම`ථව අමු සොහොනක් කිරීමට, තැත් කළේය. මේ භූමිය එක එකාට කිළිටි කිරීමට ඉඩදීමේ සිමාවක් තිරිත්තුවක් අඇති බව අප අවධාරණය කර සිටිමු. වන්නාටය.  සියල්ල අතීතයටය.  මේ අවසාවන්ත මොහොතේ මහ ජනතාව රැස් කරවා ඇසළ පෙරහර පැවැත්වීමෙන් සිදුවන මහා විනාසය අවධාණය කර සිටින අප තමන් වහන්සේ අතුරලියේ රතනලාගේ ගලගොඩඅත්තේලාගේ සංස පරම්පරාවේ නොවන බව රටටත් පාලකයන්ටත් ප්‍රකාශ කර සිටීමට, කාලය උදාව ඇති බව  ශාසන ගෞරවයෙන් කියා සිටිමු.

මට මෙහිදී උපනන්ද බටුගෙදර නම් කොළඹ යුගයේ ප්‍රකට  කවියාගේ වැස්ස නම් කවිපෙළ සිහිපත් වේ. එහි එක් කවියක අවසාන පදය මෙසේය. “මී හරකගෙයි එළ හරකාගෙයි වෙනස පළ කළ මැන වැස්ස ලෝකෙට වැඩ පිණිස.” සමාවෙන්න. හරක් උපමාව බටුගෙදරගේ මිස මගේ  නොවේ.

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *