ඉන්දියාවේ ‘කොරෝනා වීරයා‘

හින්දු ජාතිවාදය සහ ආගම්වාදය කරපින්නා ගෙන බලයට පැමිණ අද සමස්ත ඉන්දියානුවන්ගේම පිළිකුළට සහ විරෝධයට ලක්ව සිටින අගමැති මෝදි කොවිඩ් වසංගතය අතරතුර පවා කිසිම හිරිකිතකින් තොරව ඩොලර් බිලියන ගණනක් වැයකර නව නගරයක් නිර්මාණය කරද්දී වසංගතයේ ගොදුරු බවට පත් ඉන්දියාවේ මිනිසුන් මහමග මියයන ආකාරය දැන් සුලභ දසුනක්. ඒ ගැන මුළු ලෝකයම කම්පා වෙනවා.

මේ අතර හින්දු ආගම නිසාම බලයට පත්ව බලය පවත්වා ගෙන යාමට මුස්ලීම් ජාතිකයින්ට එරෙහි වෛරය පළිහක් කර ගන්නා මෝදිට අතුල් පහරක් දීමට කොවිඩ් වසංගතයෙන් දැඩිව බැටකන මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ම මුස්ලීම් තරුණයෙක් පියවර ගත්තා. ඒ ගැන අද මුළු ලෝකයම කතා වෙනවා.

ත්‍රීවිල් රියදුරෙකු වන Mohammad Javed Khan නම් තරුණයා විසින් තම ත්‍රීවිල් රථය තුළ ඔක්ෂිජන් ලබාදිය හැකි යන්ත්‍රයක්, රෝගීන්ගේ රුධිරයේ ඇති ඔක්ෂිජන් සාන්ද්‍රණය ගණනය කළ හැකි උපකරණයක් හා හදිසි අවස්ථාවකදී භාවිතා කළහැකි වෙනත් උපකරණ හා ඖෂධද ගබඩා කළ ගිලන් රථයක් නිර්මාණය කර තිබෙනවා. අද ඉන්දිය ජාතික මාධ්‍යවලට වගේම ජාත්‍යන්තර මාධ්‍යවලටත් Mohammad Javed Khan කියන්නේ වීරයෙක්.

ඔහු ගැන විශේෂ වාර්තාවක් පළ කළ ඉන්දියාවේ ප්‍රමුඛ වෙබ්අඩවියක් වන ‘හින්දුස්ථාන් ටයිම්ස්‘ ඔහුව නම් කළේ ‘කොවිඩ් වීරයා“ නමින්.

තම බිරිඳගේ කණ කර විකුණා ලැබුණ මුදලින් ඔහු මෙම පුණ්‍ය කර්මය කළ බවයි කියන්නේ.

“රට පුරා ජනතාව මිය යනවා. මට බලා ඉන්න බෑ. ගිලන් රථයක් සඳහා රෝගියෙකු (ඉන්දියන්) රුපියල් 5000 සිට 10000ක මුදලක් ඉල්ලා සිටිනවා. මේ වසංගතය නිසා ජනතාවට මුදල් නෑ. ඒක නිසයි, මම මගේ ත්‍රීවිල් රථය ගිලන් රථයක් බවට පත් කලේ. මගේ අරමුණ රෝහල වෙත පැමිණීම දක්වා රෝගියාගේ ජීවිතය කෙසේ හෝ ආරක්ෂා කරගැනීම” මොහොමඩ් ජාවේඩ් ඛාන් විදේශ මාධ්‍ය වලට පවසා සිටියා.

ජාවෙඩ්ගේ මෙම ත්‍රි රෝද ගිලන් රථය නිර්මාණය සඳහා ජනතාව ඉතා සක්‍රියව මැදිහත් වී ඇති අතර ප්‍රදේශයේ වෛද්‍යවරයකු විසින් ඔහුට ප්‍රථමාධාර පුහුණුවක් හා අවශ්‍ය මුලික උපකරණද ලබා දී තිබෙනවා.

සිදුවිය යුතු පරිදිම ප්‍රදේශයේ පොලීසිය ඔහුව අත්අඩංගුවට ගත් නමුත් ඒ අවස්ථාවේදී ජාතික මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔහු සම්බන්ධයෙන් කතා කිරීම ආරම්හ කිරීමත් සමගින් නිදහස් කර ඔහුට විශේෂ අවසර පත්‍රයක්ද ලබා දීමට ද පොලිසිය පියවර ගත්තා.

හින්දු ආගම කරට ගෙන මුස්ලිම්වරුන්ට ගරහන මෝදිගේ විසාලාවක් බවට පත් ඉන්දියාවේ අද ඉස්ලාම් භක්තික ජාවෙඩ් ඛාන් වීරයෙක් !

Loading...

Related Posts