ඇල්ලේ ගුණවංශ හිමියෝ වියත්මගේ පතුරු ගළවයි

Spread the love

”දැන් අපිට නීතිය ස්ථාපිතයි කියලා දැනෙන්නේ නෑ. අයුක්තිය අසාධාරණය නිතර පෙනෙනවා. දේශපාලඥයෝ ගැන දැන් අපිත් හොඳට දන්නවා. හැම කෙනෙක් ගැනම ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ‘‘ යැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ කියති. උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩි දුරටත් කරුණු සදහන් කරමින් ගුණවංශ හිමියෝ මෙසේද ප්‍රකාශ කළහ.

‘‘වියත් සභාවෙන් හෝ මොනම සභාවකින් පත් කළත් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාමට අපොහොසත් නම් ඊට රජය වගකිව යුතුයි. ජනතාවට කෑම ටිකක් කන්න බය නම්, වතුර ටිකක් බොන්න බය නම්, පාරක බැහැල යන්න බය නම් මේ සමාජය මොකක්ද ? රජයට යුතුකමක් තිබෙනවා නීතිය නිසි ලෙස ස්ථාපිත කරලා කටයුතු කරන්න. රජය පෙන්විය යුතුයි පත්කරපු වියතුන්, උගතුන්ගේ ක්‍රියාකලාපය මොකක්ද කියලා. මගේ පන්සල අවට තියෙන රාජ්‍ය ආයතන ඔක්කොම බංකොලොත්. වියත් සභාවෙන් හෝ මොනම සභාවකින් පත් කළත් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාමට අපොහොසත් නම් ඊට රජය වගකිව යුතුයි. අපි කෑ ගැහුවේ නෑ මෙයා පත් කරන්න. අරයා පත්කරන්න කියලා. මේ රට හදාගත යුතු නිසා අපි පැත්කට වෙලා හිටියා. දැන් අපිට නීතිය ස්ථාපිතයි කියලා දැනෙන්නේ නෑ. අයුක්තිය අසාධාරණය නිරත පෙනෙනවා. දේශපාලඥයෝ ගැන දැන් අපිත් හොඳට දන්නවා. හැම කෙනෙක් ගැනම ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ

Related Posts