ඇඹිලිපිටිය රෝහලේ බහිර රෝගී අංශය හා සායන වැසේ

Spread the love

රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟය උග්‍ර අතට පත්වීම හේතුවෙන් ඇඹිලිපිටිය රෝහලේ  බහිර රෝගී අංශය හා සායන ඉකුත් 09 වන දා සිට වසා දමා ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් මූලික රෝහලේ ශල්‍ය, වෛද්‍ය, ළමා, මාතෘ, මානසික රෝග, අක්ෂි, සමේ රෝග, දන්ත අතුළු සායනවල ප්‍රතිකාර සඳහා ලියාපදිංචි රෝගීන් 20000 පමණ සංඛ්‍යාවක් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

කනිෂ්ඨ සේවක හිඟය මගහරවා, වසා දමා ඇති බාහිර රෝගී අංශය නැවත ව්වෘත කරන ලෙස ඉල්ලමින් සමස්ථ ලංකා සුළු සේවක සංගමයේ මෙහෙයවීමෙන් ඊයේ (11 අගෝ.) එම රෝහලේ කාර්යමණ්ඩලය රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. මෙම තත්ත්වය පිළිබඳව රෝහලේ උසස් නිලධාරියකු කියා සිටින්නේ රෝහලේ බාහිර රෝගී අංශය සහ සායන කටයුතු පවත්වාගෙන යෑම සඳහා කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයින් 60 කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය බවයි.

Loading...

RSL

Related Posts