ඇමේසන් වැසි වනාන්තරයේ විස්මිත ඡායාරූප එකතුව

ඇමේසන් වැසි වනාන්තරය ගැන අපි බොහෝ දේ දන්නවා. ඒත් ඇමේසන් ගැන අලුත් තොරතුරු මොහොකක් පවා අලුත් වෙනවා. ඒ නිසා ඇමේසන් ගැන වාර්තා වෙන හැම තොරතුරක්ම, ඡායාරූපයක්ම ලෝකයට අලුත් දැනුමක් ලබා දෙනවා.

බ්‍රසීලියානු ඡායාරූප ශිල්පී සෙබස්තියෝ සල්ගාඩෝ Sebastião Salgado වසර හයක් තිස්සේ ඇමසන් කලාපය පුරා සංචාරය කරමින් වනාන්තරයේ, ගංගා, කඳුකරයේ සහ ගෝත්‍රික ප්‍රජාවගේ අපූරු ඡායාරූප සිය දහස් ගණනක් ගත්තා.

දැන් ඔබ තමාගේ ප්‍රයත්නයේ අවසානය කරා පැමිණ තිබෙනවා. ඒ කැමරා කාචවල සටහන් වූ ඒ විස්මිත ලෝකය ජනතාවගේ දෑස් අභිමුවට ගෙනන යාම.

“මට නම්, එය විශ්වයේ අන්තිම මායිමයි, එය සැබවින්ම අද්භූත විශ්වයක්. ඇමේසන්වල හැර සොබාදහමේ අතිමහත් බලය පෘථිවියේ වෙන කොතැනකවත් දැනිය නොහැකියි” ඔහු පවසයි.

වනාන්තරයට ඉහළින් වලාකුළු වල කළු හා සුදු ඡායාරූපය
2018 රොරයිමා ප්‍රාන්තයේ කොටින්ගෝ ගංගා දිය ඇල්ල Cotingo River Falls

“ලොව විශාලතම තනි ස්වාභාවික විද්‍යාගාරය වන ( ලෝකයේ වාර්තා වන ජීවී ශාක හා සත්ව විශේෂවලින් දහයෙන් එකක් ඇමේසන්වලින් හමුවේ) ඇමේසන් වනාන්තරය අනන්තය දක්වා විහිදෙනවා‘‘

කඳුකරයට ඉහළින් වලාකුළක කළු හා සුදු ඡායාරූපය
මාරවුස් කඳු වැටිය, ඇමසන්ස් ප්‍රාන්තය, 2018

ඇමේසන් ආදිවාසීන් වෙනුවෙන් ජීවිත කාලය පුරාම පෙනී සිටි සල්ගාඩෝ වැසි වනාන්තරය පුරා විසිරී සිටින ගෝත්‍ර දුසිම් ගණනකගේ දෛනික ජීවිතය ඡායාරූපගත කළේය – දඩයම් කිරීම සහ මසුන් ඇල්ලීම, නැටුම් හා චාරිත්‍ර දක්වා ඒ ඡායාරූප අතර විය.

මුහුණේ තීන්ත ආලේප කර ඇති ගැහැණු ළමයෙකුගේ කළු හා සුදු ඡායාරූපයක්
මෙම යුවතියගේ මුහුණේ පින්තාරු කර ඇති මෝස්තරවලින් පෙනී යන්නේ ඇය තවමත් විවාහ ගිවිසගෙන නොමැති බවයි. 

1944 දී උපත ලද සල්ගාඩෝ 1973 දී ඡායාරූප ශිල්පියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කිරීම සඳහා බැංකු සේවකයෙකු ලෙස ගත කළ වෘත්තීය අතහැර ගියේය. ඔහු 1994 දී සිය බිරිඳ වන ලිලියා සමඟ තමාගේම සමාගම වන ‘Amazonas Images‘ පිහිටුවීමට පෙර විවිධ ඡායාරූප ඒජන්සි සඳහා ජාත්‍යන්තර පැවරුම්වල වැඩ කළේය.

පිහාටු අලංකාර කරන මිනිසෙකුගේ කළු සුදු ඡායාරූපය
පිහාටු වලින් සිය වස්ත්‍රය අලංකාර කරන ගෝත්‍රිකයෙක්

වසර ගණනාවක් පුරා, සල්ගාඩෝගේ ඡායාරූප ප්‍රදර්ශන සහ පොත් රාශියක අන්තර්ගත වී ඇති අතර, ඔහුගේ අලුත්ම ඡායාරූප මේ වන විට ප්‍රදර්ශනයට සූදානම් වේ.

වනාන්තරයට ඉහළින් වැසි වලාකුළක කළු හා සුදු ඡායාරූපය
සෙරා ඩෝ ඩිවයිසර් ජාතික උද්‍යානයට වර්ෂාව ඇද හැලෙයි

“මම මගේ මුළු හදවතින්ම පතන පැතුම නම් තව වසර 50 ක් තුළ මෙම ඡායාරූප නැතිවූ ලෝකයක් පිළිබඳ වාර්තාවකට සමාන නොවනු ඇත යන්නයි” ඔහු පවසයි.

“ඇමසීනියා ජීවත් විය යුතුයි.”

තරුණියකගේ කළු සුදු ඡායාරූපය
තරුණියක් කණ්ණාඩියෙන් ඇගේ මුහුණ පින්තාරු කරයි. 2016 දී කම්පෝ ඩෝ රියෝ අමීනියා ආදිවාසී ප්‍රදේශයේදී ඇය ඡායාරූප ගත කර ඇත

බී.බී.සී ඇසුරිණි

Loading...

Related Posts