ඇමති සරත් වීරසේකර හෙළි කළ ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්’ කවුද ?

Spread the love

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු අන් කිසිවෙක් නොව නවුෆර් මවුලවි සහ හජ්ජුල් අක්බාර් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියා අවධාරණය කළේය. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව අධ්‍යයනයට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ පිළිබඳ දැනුම්දීම සඳහා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව අනාවරණය කළේය.

මෙහිදී වැඩි දුරටත් කරුණු හෙළිකළ සරත් වීරසේකර ඇමැතිවරයා,

“අපි මහ මොළකරු හදුනාගෙන ඉවරයි. මහ මොළකරු කියන්නේ සහරාන්ටත් අන්තවාදී මතවාදය දීපු කෙනා. ඒ තමයි නවුෆර් මවුලවි. සහරාන් මේකට සම්බන්ධ වුණේ 2016දී. නවුෆර් මවුලවි තමයි බග්දාදි සමග එක්වෙලා 2014දී මේ රටට අයි.එස් මතවාදය ගෙනාවෙ ඔහු. දැන් ඔහු ඉන්නේ අත්අඩංගුවේ. ඒක නිසා මහ මොළකරු අපි අල්ලා ගෙන ඉවරයි. මේක පිටිපස්සෙ වෙන මහ මොළකරුවන් නෑ”

මෙහිදී ඇමැතිවරයා කියා සිටියේ මේ වන විට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 34 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් සැකකරුවන් සිටී නම් ඔවුන් ද කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවත්ය.

Related Posts