අපි ජනතාවට වග කියනවා. ඒ වගකීම තියෙනවා. මාධ්‍යට ඒ වගකීම නැහැ – රනිල් වික්‍රමසිංහ

Spread the love

එක්සත් ජාතික පක්ෂ  මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ  දේශපාලන දිවියට 30 වසරක් පිරීම හා 50 වැනි වියට පා තැබීම නිමිත්තෙන් ඔහුගේ අත්දැකීම් අලලා රචිත ‘තිස්ස’ නම්වූ ග්‍රන්ථය ඊයේ (19 අගෝ.) කොළඹදී එළිදක්වීය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියහ.

එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පළ කළේය.

“අපෙයි මාධ්‍යයි අතර වෙනසක් තියෙනවා. අපි ජනතාවට වග කියනවා. ඒ වගකීම තියෙනවා. මාධ්‍යට ඒ වගකීම නැහැ. ඒ වගකීම නැත්තේ, මාධ්‍යට තියෙන්නේ අපේ කරුණු දිහා බලලා හොද කියන්න නැත්නම් විවේචනය කරන්න. එංගලන්තේ හිටියා විශාල ව්‍යාපාරිකයෙක් ලෝඩ් බ්‍රෙවරුක් කියලා කැනඩාවෙන් ඇවිල්ලා මුදල් හම්බකරලා විශාල ව්‍යාපාර එංගලන්තයේ කරලා එක වෙලාවක රෝස් රොයිස් සමාගමත් මිලදීලා ගන්න බැලුවා එතුමා අන්තිමට ගත්තා ඩේලී එක්ස්ප්‍රස් පත්තරේ. ඊට පස්සේ බැලුවා කොන්සර්වේටව් පක්ෂයේ නායකයාවන ස්ටැන්ලි බෝල්ඩ්වින්ව මාරුකරන්න. ස්ටැන්ලි බෝල්ඩ්වින්ට විරුද්ධව විශාල ව්‍යාපාරයක්
ගියා.ස්ටැන්ලි බෝල්‍ඩ්වින් ඕකට ඇහුම්කම්දී‍ගෙන ගියා එයා. අන්තිමට එයා කිව්වා බ්‍රේවරුක් ගැන කියලා එයා ඉල්ලන්නේ වගකීම් රහිත බලය”.

Loading...

RSL

Related Posts