අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකරන්න සියලු දෙනාගේ සහාය ඕනෑ – මුදල් ඇමැති බැසිල්

Spread the love

තුන්වේලම කන්න නැතිව ඉන්න පිරිස වත්මන් රජයට ඡන්දෙ දුන් බවත් කන්න නැතුව අපහසුතාවට පත්ව සිටින පිරිසට පළමුවෙන්ම කන්න දියයුතු බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

හාල් කිලෝවත් මිලදී ගැනීමට නොහැකිව බොහෝ දෙනෙක් බඩගින්නේ සිටින බව කී බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස තම මූලික ඉලක්කය සහල් ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීම බවත් එයට සියලු දෙනාගේ සහයෝග අවශ්‍ය බවත් සදහන් කළේය.

අද (18) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සතුව තිබෙන ඩොලර් බිලියන හතරක විදේශ සංචිතය නිවැරදිව කළමනාකරණයෙන් ආර්ථික අර්බුදය විසදාගත හැකි බව ද කීවේය.

‘‘ යුද්ධය පැවැති අවස්ථාවේදී ද රට සතුව පැවැතියේ ඩොලර් කෝටි 120 ක් පමණයි. අද ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වීමට බොරු ප්‍රචාර ද සැලකිය යුතු ලෙස බලපා තිබෙනවා‘‘ යැයි ද බැසිල් රාජපක්ෂ මහතා කීවේය.

Related Posts