රනිල්ට රට ගැන අවුලක්!

රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බවත්, එසේ නොමැතිව ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබාගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් ජනාධිපති...

සජිත් සහ IMF අතර ධනාත්මක එකඟතාවයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට ඉදිරිපත් කළ යෝජනා සහ ඉලක්කවලට සමගි ජන බලවේගය ධනාත්මකව එකඟවන නමුත් ඇතැම් යෝජනා සංශෝධන සහිතව ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර...

විපක්‍ෂ රොත්තක් ආණ්ඩුවට..! පාර්ලිමේන්තුවේ ලොකු පෙරලියක්..!

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ස්ථිර වශයෙන්ම ආණ්ඩුවට එකතු වන බව රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා සඳහන් කරයි. රටට හා දේශපාලනයට එපාවූ පුද්ගලයන් පිම්බීමට විපක්ෂ නායකවරයා උත්සාහ කළත් ඔහුගේ කණ්ඩායමේ වැඩි කොටසක් රනිල් වික්‍රමසිංහ මහතාට එක්වෙමින් සිටින...

සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටුව ඇමති මනූෂගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි..!

සමස්ත ශ්‍රම බලකායම ඇතුලත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටු රැස්වීම අමාත්‍ය මනූෂගේ ප්‍රධානත්වයෙන් රැස්වේ මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

2025 වනවිට අවතැන්වූවන් ඉන්න බෑ..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

2025 වනවිට කිසිදු අවතැන්වූවෙකු නොසිටිය යුතු බව ජනාධිපතිවරයා පවසා ඇත. යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් බලධාරීන් වෙත උපදෙස් දී ඇත්තේ අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ගැටලුව විසඳීම සඳහා කඩිනම් වැඩසටහනක්...

ජනපති රනිල් අද උතුරට..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද  (4) සිට ලබන ඉරිදා (7) තෙක් උතුරු පලාතේ සංචාරයක නිරත වෙයි. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා යාපනයේ සිවිල් සංවිධාන නියෝජිතයන් ,සර්ව ආගමික නායකයන්,කෘෂිකාර්මික,ධීවර සහ දූපත්වාසී ජනතාව,තරුණ ප්‍රජාව ,වෘත්තිකයන් සහ ගුරුභවතුන් හමුවන අතර මහජන හමුවකට ද සහභාගී වෙයි....

රාජපක්ෂවරුන් අදාලම නෑ..! පොහොට්ටුවේ බහුතර සහාය රනිල්ට..! ඇමති දිලුම්ගෙන් ප්‍රකාශයක්..!

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග වදින්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය හිමිවන බව රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි. වික්‍රමසිංහ මහතා පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රී ඡුන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූ නිසා ජනාධිපතිවරණයේදීද ඔහුට සහයෝගය ලබාදීමේ...

සේවාවට බාධාවක් නම් තරාතිරම නොබලා වහාම වැඩ තහනම් කරන්න..! ඇමති කාංචනගෙන් ප්‍රකාශයක්..!

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරන හෝ එහි කළමනාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (3) පැවසීය.  ...

ජනපතිවරණ සටනට එන්න දිලිත් දෙරණ ඇතුළු සියළු ආයතනවලින් ඉල්ලා අස්වේ…!

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සියලු සමාගම්වල දරන තනතුරැවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු සභාපතිත්වය හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්වය දරණ සමාගම්වලින් 2024 ජනවාරි 01 වැනිදා සිට ඉල්ලා අස්වී ඇත. ඔහු මව්බිම ජනතා පක්ෂයේ නායකයා වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට...

බයවෙන්න දෙයක් නෑ..! රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ බිත්තර කෝටි දෙකක සංචිතයක්..!

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි දෙකකට අධික සංචිතයක් ඇති බව එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද (2) පැවසීය. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩාවල, කොළඹ වරාය තුළ සහ ඉන්දියාවේ සිට මෙරටට ළගා වෙමින් ඇති බිත්තර...
Loading posts...

All posts loaded

No more posts