දිනේෂ් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය. දිනේෂ් ගුණවර්ධන මහතා 1983 අතුරු මැතිවරණයෙන් මහරගම මන්ත්‍රීවරයා ලෙස මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබමිනි.ගුණවර්ධන මහතා වත්මන් පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස කටයුතු කරයි.

ධම්මික පෙරේරා ඉල්ලා අස්වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා එම මන්ත‍්‍රී ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඒ වෙනුවට ධම්මික පෙරේරා මහතා පසුගියදා පත් කරන ලද අතර අනතුරුව ඔහු ආයෝජන ප්‍රවර්ධන...

සමන් ඒකනායක නව ජනාධිපති ලේකම්

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් ධුරය සඳහා සමන් ඒකනායක පත්කර ඇත.ඒකනායක මහතා මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් කටයුතු කරන ලදී. මෙම පත්කිරීම සමගින් ගාමිණි සෙරනත් මහතා විසින් දරන ලද ජනාධිපති ලේකම් ධුරය අහෝසි වී යයි.

සජිත්ගේ විපක්ෂ නායකකම අනතුරේ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ඉන් 08 දෙනෙකු දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් බවත් සෙසු පිරිස සිංහල අය බවත් හෙතෙම පැවසීය....

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දියුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය. හය වරක් අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධුරයෙහි...

මෙරට 8 වන විධායක ජනාධිපතිවයා ලෙස රනිල් පත්වේ

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම අද බදාදා පාර්ලිමේන්තුවේදි පැවැත්විය. ඡන්ද විමසීම සදහා අපේක්ෂකයන් තිදෙනෙක් ඉදිරිපත්වූ අතර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එම...

ඡන්ද 4 ක් අවලංගු වෙයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමේ ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදු වනවා. ඒ අනුව මේ වන විට ප්‍රකාශිත ඡන්දවලින් 4 ක් අවලංගු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක...

විග්නේෂ්වරන්ගේ සහාය රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ ඡන්ද විමසීම ආරම්භවීමට නියමිතයි.

රනිල්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විසිවේ

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු...

ඩලස් රනිල් සහ අනුර හෙට ජනපති පොරයට

මේ වන විට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ අනුව නාමයෝජනා භාර ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පළමු නාමයෝජනාව ලෙස විපක්ෂ නායකවරයා විසින් ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදු ජන...
Loading posts...

All posts loaded

No more posts