- Friday
- January 22nd, 2021

හෙට (19) සහ අනිද්දා (20) යන දින තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට අද(18) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. කොවිඩ් - 19 සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට එහිදී...

අධිකරණ ඇමති අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට බලකිරීම සඳහා සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව විසින් පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයක් අද දින (17) මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී පවත්වනු ලැබිය. නිරෝධායන නීති වලට ගරුකරමින් සීමිත පිරිසක් සහබාගි කරගෙන පැවැත්වූ...

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට වසර හතරක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහි පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහු නිදහස් කිරිමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්. සුසයිදාසන් මහතා අද (13) නියෝග කළේය....

බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂයේ සිට හඳුනාගත් ජනතා ගැටළුවලට විසඳුම් දී ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනාධිපතිවරයා කියා සිටී. සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයකි. ඊට මැදිහත්...

බලය එක් තැන් කරන කොට ප්රජාතන්ත්රවාදී ජීවිත ක්‍රමයකට එල්ලවන අභියෝග ගැන අපිත් පාඩමක් ඉගෙන ගත යුතුයි.ඇමෙරිකාවේ ජනපතිගේ හැසිරීම අපට මතක් කර දෙනවා පරාජය පිළිගන්නට බැරි, සම්මුතියක් අනෙක් පැත්ත එක්ක ඇති කරගන්නට බැරි, නීති රාමුවෙන් පිට ප්‍රශ්ණ විසඳන්න හදන සිදුවීම් වලින්...

මෙරට වගා කළ හැකි දේ වගා කර, පිට රට ගොවියාට යන මුදල් අපේ ගොවියාගේ අතට ඒමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ගොවි ජනතාවට අවශ්‍ය ජලය, පොහොර, තාක්ෂණ දැනුම සැපයීමට මෙන්ම ඉඩම් ගැටළු විසඳීමට...

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) සිට ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන් යටතේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම්...

ආර්ථික ප්‍රවර්ධනයට සහය වන අතරේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ශක්තිමත් කරන ලෙස එක්සත් ජනපදයේ වෙසෙන විදේශීය ශ්‍රී ලාංකිකයින්ගෙන් (OSL) එක්සත් ජනපද ශ්‍රි ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඉල්ලීමක් කළේය. ඒ මහතා මෙම ඉල්ලීම කෙළේ වොෂිංටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවති...

සුළං, සූර්ය තාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විමර්ශනය කරයි. වර්තමාන ලෝකයේ බොහෝ රටවල් විදුලි බල උත්පාදනයේ දී පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගැනීමට නැඹුරු වෙමින්...

All posts loaded
No more posts