අරුණ පත්තරේ අපේ ප්‍රවෘත්ති විකෘති කරනවා – GMOA ලිඛිතව දැනුම් දෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකළ ප්‍රකාශ දෙරණ මාධ්‍ය ජාලය යටතේ ඇති ‘අරුණ පුවත්පත‘ විසින් විකෘති  කර පළ කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. ඒ සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්  අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වන කුල ශ්‍රී ...

හෙට රෑ 08.00 සිට සඳුදා පෙ.ව 05.00 දක්වා මුළු රටටම ඇඳිරිනීතිය

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට, අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරිනීතිය  මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය අද (29) පස්වරු 09.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

අද ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 30ක් – මුළු ගණන 649යි

අද (29) දින ප.ව 11.04ට වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 649 දෙනකු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරනවා. ඒ අනුව අද දිනය තුළ නව රෝගීන් 30 දෙනකු වාර්තා වී තිබෙනවා. කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර...

රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා උපරිම පොලී අනුපාතය 12%යි

2020 අප්‍රේල් 27 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේ දී අය කළ හැකි උපරිම පොලී   අනුපාතය වසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන උකස් අත්තිකාරම් සඳහා...

Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 619 දක්වා ඉහළට

අද දින (28) ප.ව 08.04 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 611ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. අද දිනය තුළ ප.ව 08.04 වන විට වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 23ක් බවයි එහි සදහන් වන්නේ. දැනට...

නොබෝ දිනකින් ඇඳිරි නීතිය ලිහිල් කිරීමට හැකි වෙතැයි ජනපති කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) සවස ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරුවක නිරත විය....

හෙද නිලධාරීන්ගේ ජීවිත අනතුරේ ! – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගතයේ අවධානම ක්‍රමිකව ඉහළ යමින් තිබියදී එකී වසංගතය මැඩපැවැත්වීම, ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සහාය වීම ඇතුළු ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන හෙද නිලධාරිනියන් සහ නිලධාරීන් අනතුරුදායක සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ‘රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය‘සෞඛ්‍ය ලේකම්වරියට ලිඛිත දැනුම් දීමක් කර...

Covid-19 Local Update: නව රෝගීන් 61ත් සමග මුළු රෝගීන් ගණන 584ක්

අද (27) ප.ව  21:04ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයයේ නව යාවත්කාලීන කිරීම් අනුව අද දින (27) මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 61 දෙනකු හමුවී ඇති අතර සමස්ත ආසාදිතයින් ගණන 584 දක්වා වර්ධනය වී තිබෙනවා. එහි වැඩි දුරටත් සදහන් වන්නේ දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින...

විපක්ෂයේ නායකයින්ගෙන් කරුණු 10කින් යුත් ඒකාබද්ධ ප්‍රකාශයක්

පසුගිය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දේශපාලන නායකයින් 07 දෙනකු විසින් අත්සන් කරන ලද කරුණු 10කින් යුත් ඒකාබද්ධ ප්‍රකාශයක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු...

Covid-19: තවත් අසාදිතයින් 34ක් – ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 557 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (27) දින ප.ව 15.04 වන විට 557 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අද දිනය තුළ නව ආසාදිතයින් 34 දෙනකු වාර්තා වීම සමගයි.
Loading posts...

All posts loaded

No more posts