වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රටම ණය අවුලක – රජයේ විගණකාධිපති (Video)

රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය තමාවත් නිවැරදිව නොදන්නා බවත්, වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රටේ ණය බර අවුලෙන් අවුලකට පත්ව ඇති බව රජයේ විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතා ඊයේ(07) මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියේය.

පසුගිය රාජපක්ෂ රාජ්‍ය පාලනය සිදු වු දශකය තුලම මෙම රාජ්‍ය ණය නිසි කළමනාකරණයකට ලක්ව නොමැති බවත්, මේ හේතුවෙන් මේ වන විට ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් හාරලක්ෂ දා හත්දහසක් (417,000) බවත් විගණකාධිපතිවරයා අනාවරණය කර සිටියේය.

2016 අයවැයෙන් රාජ්‍ය ආයෝජන සඳහා වෙන්කල මුදල රුපියල් ට්‍රිලියන 1.1 ක් බවත්, එහෙත් එයින් වියදම් කොට ඇත්තේ සියයට 50% ක් බවත්, මේ අනුව නිසි විනයක් නොමැතිව බොරු සංඛ්‍යාලේඛන මත පදනම්ව ආර්ථිකය සහ ණය කළමනාකරණය සිදුකළ නොහැකි බවත් ඒ මහතා පෙන්වා දුනි.

වත්මන් ආණ්ඩුවේ ආර්ථිකය සහ ප්‍රතිපත්ති හැසිරවීම මුළුමනින්ම සිදුකරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්ෂයේම කණ්ඩායමක් විසිනි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතා,

Recommended For You

About the Author: RSL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *