මෛත්‍රී පැනපු පිමි සහ පනින්න යන පිම්ම..

කිසියම් ජාතියක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගන්නා ආකාරයක් ඉන් අනතුරුව සකස් කර ගන්නා එම ව්‍යවස්ථාවේ ස්වභාවයත් එම ජාතියේ ශිෂ්ඨත්වයේ තරම පිළිබිඹු කරන්නේ යැයි පිළිගැනීමක් තිබේ.

එසේ ම ඉන්දියාව දකුණු අපි‍්‍රකාව හා ශී‍්‍ර ලංකාව වැනි රටවල දිනාගනු ලැබූ නිදහස ලේ වැගිරීමකින් තොරව රැක ගැනීමට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් මඟින් ඉටු කර ගත යුතු ප‍්‍රධාන කාර්ය භාරයන් දෙකක් දක්නට ලැබේ. ජාතීන් අතර එ්කාබද්ධතාවය ඉන් එකකි. දෙවැන්න ව්‍යවස්ථාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වරූපය රැකෙන පරිදි අදාළ ජන සමාජය ප‍්‍රජාතන්තී‍්‍ර කරණයට ලක් කිරීමය.

මෙහි දී දකුණු අපි‍්‍රකාව අදළ කාරණා දෙක සම්බන්ධයෙන් උපරිම අයුරින් ද, ඉන්දියාව සැහෙන දුරකට ද නිදහස් අරගලවලින් පසු සන්නිවේදි විය එ් සඳහා පුළුල් සමාජ කථිකාවතකින් පසුව ජාතීන් අතර සුහදතාවය හා ජනසමාජයේ ප‍්‍රජාතන්තී‍්‍රයකරණය රැකෙන ආකාරයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සකස් කර ගැනීමට සමත් වූ හ. එ් නිසා මේ රටවල් දෙකේ ම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා අද වන විට මුළු තුන් වැනි ලෝකයේ රටවලටම ගෞරවයට පාත‍්‍ර වන ආදර්ශයන් ලෙස ගත හැකි මොඩලයන් දෙකක් ලෙසින් සැලකේ.

එහෙත් ශී‍්‍ර ලංකාව සිය 70 වසරක නිදහසේ ඉතිහාසය තුළ මේ ආදර්ශයන් දෙකම තුට්ටුවකට මායිම් නොකළ රටක් ලෙසින් කටයුතු කර තිබෙන බව පැහැදිලිය. මේ නිසා ශී‍්‍ර ලංකාව ජාතීන් අතර අසමගිය, මහජාතිය තුළ වුව ද ඇති වන අසහනය ආදී කාරණා නිසා අභ්‍යන්තර කැරලි තුනකට ම මුහුණ දෙමින් පැහැදිලි පසුබෑමකට ලක් වූ රාජ්‍යයක් ලෙසින් ස්ථාපිත වී තිබේ.

මේ නිසා ගලා ගිය ලේ ගංඟා, නැති වූ මිනිස් ජීවිත හා සිදු වූ අලාභය රටක් ලෙසින් අපට ඔරොත්තු නොදෙන තරම් ය. මීට 1948 සිට මේ දක්වා ම අප රට පාලනය කල හා එම පාලනයට හවුල් වූ දේශපාලන පක්ෂ හා කල්ලි කණ්ඩායම් අඩු වැඩි වශයෙන් වගකිව යුතුව ඇත. හරි හමන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් හදා නොගැනීම ජාතීන් අතර සහෝදරත්වය හා රට ප‍්‍රජාතන්තී‍්‍රක කරණය කර නොකර ගැනීමේ අවුලට අමතරව තවත් සම්ප‍්‍රදායක් 1978 පසු මේ රටේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට එක් විය. එය විධායක ජනාධිපති ක‍්‍රමයටත් වඩා රටට හානිදයක විය. එනම් පාලක පක්ෂයට රට පාලනය කරන බලයට අමතරව අයථා ලෙසින් යමක් කමක් හරි හම්බ කර ගැනීමේ අයිතියයි. එම මජර පිළිවෙත පසු කළෙක ජාතික දේශපාලනයේ සිට පළාත් පාලන ක්‍ෂේත‍්‍රය දක්වා ම ව්‍යාප්ත වූ බව පෙනේ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ පුළුල් කථිකාවතක් මතු වූයේ මෙවන් පසුබිමකය. එහෙත් එය ජනතාවට අවශ්‍ය වුව ද මේ රටේ දේශපාලනය කරන අයට කොතරම් අවශ්‍ය ද යන කාරණය ප‍්‍රශ්නකාරීය. සැක සහිතය. මේ නිසා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙසේ වෙතත් 1978 ව්‍යවස්ථාවට එක් වූ බොහෝ සංශෝධනවල පවා දක්නට ලැබුණේ සාධනීය බවක් නොවේ.

එ් අනුව ගත් කල 19 වැනි සංශෝධනය අන් සියල්ලටම වඩා ප‍්‍රගතිශිලීය. සාධනීය බවකින් යුක්තය. එහෙත් එය අංග සම්පූර්ණ යැයි මින් අදහස් නොවේ. විධායක ජනාධිපති සතු බලයෙන් කොටසක් අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට මාරු වීමෙන් හෝ විධායක අගමැතිවරයෙක් නිර්මාණය වීමෙන් හෝ අදාළ ප‍්‍රශ්නවලට විසදුම් ලැබෙන්නේ නැත. එහෙත් 19 වැනි සංශෝධනය විධායකයේ බලය අඩු කරන 1978 ව්‍යවස්ථාවේ රකුසු ස්වරූපය වෙනස් කරන ප‍්‍රතිපාදනයක් ලෙසින් සැලකිය සාධාරණය. එසේ ම එය ව්‍යවස්ථාවට එක් වූ හොඳම සංශෝධනය ලෙසින් ද සැලකේ.

එහෙත් එම සංශෝධනය වුව ද සම්මත කර ගැනීමේ ප‍්‍රායෝගික කි‍්‍රයාදාමය ඇරඹෙන්නේ වත්මන් ජනාධිපති මෛතී‍්‍ර වසර 6ක ධුර කාලයකට පත් වීමෙන් පසුවය. ඊට ඇවැසි ඡුන්ද ප‍්‍රමාණය ලබා ගැනීමේ පාර්ලිමේන්තු බලය පවා ද එ් මොහොතේ 2015 ජනවාරි 8 වැනි දා මෛතී‍්‍ර ජනාධිපති කළ දේශපාලන ව්‍යාපාරයට නොතිබුණි. මෙවන් පරිසරයක නව මැතිවරණයකින් තොරව එවන් පුළුල් ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් සම්මත කර ගැනීම කිසිසේත් ම කළ නොහැක්කක් වනු ඇත. එසේ ම අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එ්ම සඳහා මෛතී‍්‍ර පත් කළ ආණ්ඩු පක්ෂයට ද පාර්ලිමේන්තුව තුළ පැවැතියේ අතිශයින්ම සුළු තර බලයකි. මන්තී‍්‍රවරුන් 49 දෙනෙකි. එ් වන විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය පැවැතියේ මෛතී‍්‍රට විරුද්ධව කටයුතු කළ එක්සත් ජාතික නිදහස් සංධානයට ය.

තමන් විරුද්ධව කටයුතු කළ කණ්ඩායමක් සතු ආණ්ඩු බලය මැතිවරණයකින් තොරව වෙනස් කර පාර්ලිමේන්තුවේ අඩු මන්තී‍්‍ර සංඛ්‍යාවක් සහිත පක්ෂයක නායකයා අගමැති කර 19 වැනි සංශෝධනය එම ආණ්ඩුව ලවා ඉදිරිපත් කර, තමන්ට විරුද්ධ වැඩ කර අයගේ ඡන්දය එම සංශෝධනයට ලබා ගැනීම එසේ මෙසේ නායකයෙකුට කළ හැකි කාර්යක් නොවේ. එ් සඳහා ඊට කැප වූ අවංක කමක් තිබිය යුතුය. විශේෂයෙන් ම 18 වැනි සංශෝධනයට පක්ෂව ඡුන්දය දුන් අය 19 සඳහා නම්මා ගැනීම එ් මොහොතේ කල හැකි ව තිබුණේ ජනාධිපති මෛතී‍්‍රට පමණි. එය එදා තමා ද ඡුන්දය දුන් 18 වැනි සංශෝධනය වෙනස් කර ගැනීමකි.

අවශ්‍ය නම් එදා (2015 ජනවාරි 8) වසර 6කට ජනාධිපති ලෙසින් පත් වී සිටි. ජනාධිපති මෛතී‍්‍රට මේ ප‍්‍රායෝගික නොවන අර්බුදකාරී ගැටලූව මතම 19 වැනි සංශෝධනය අලූතින් පත්වන නව පාර්ලිමේන්තුවට භාර දී ඇඟ බේරා ගැනීමට ඉඩ තිබුණි. ඊට කිසිවෙක් එරෙහිවන්නේ ද නැත.

එතකොට මැතිවරණයේ දී දුන් පොරොන්දුවලට මොකද වෙන්නේ…

කිසිවත් වන්නේ නැත. එම පොරොන්දු ඉන් පසු පත් වීමට නියමිතව තිබු වර්තමාන පාර්ලිමේන්තුවට භාර වනු ඇත. එ් සඳහා ඕනෑ තරම් ජනතාව පිළිගන්නා සාධාරණ කාරණා පසුගිය පාර්ලිමේන්තු සංදර්භය තුළ පැවැතිණ.

එහෙත් ජනාධිපති මෛතී‍්‍ර එම තර්කික මෙන් ම යථාර්ථවාදි කාර්යයට නො ගොස් අමාරු කාර්යයට අත ගැසුවේය. එනම් පැරණි පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් සහභාගි කර ගෙන 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමය. වෙන විදියකින් වසර 6කට පත් වූ තමාගේ ධුර කාලය එම සංශෝධනය මඟින් ම වසර 5කට අඩු කර ගැනීමය. මේ නිසා 19 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම වාගේ ජනාධිපතිවරයාගේ මැදහත් වීමේ ප‍්‍රතිඵලයකි. එදා එය නොකරන්නට අදත් 19ක් නොමැත. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙසේ වෙතත් 19වත් සම්මත වන බවත් පෙනෙන්නට නැත. එසේ වුනි නම් ජනාධිපතිධුරය ධුර කාලයේ කාල සටහන ගැන විමසීම් කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවේ. 2021 වනතුරු ඔහුගේ බලය කවුරු කැමති වුනත් නැතත් ජනාධිපතිවරයා සතු වනු ඇත.

මේ කිසිවක් නොමැති වුව ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද ඡන්දවලින් සම්මත වූ 19 වැනි සංශෝධනයට අනුව වුව ද අවශ්‍ය නම් පැරණි ප‍්‍රතිපාදනයම තබා ගැනීමට ජනාධිපතිවරයාට ඉඩ තිබුණි. මෙ නිසා හය පහ වන්නේ ද ඔහුගේ කැමැත්ත මත මය.

එහෙම නම් ඇයි මේ ගැන විමසීමක් කළේ ?

අමාත්‍ය මහින්ද සමරසිංහ :‘එතුමාගේ නිලධාරීන් සමඟ ඉදිරි සංවර්ධන සැලසුම් සාකච්ඡුා කළ අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත් වූ නිසායි. ජනාධිපතිවරයා මේ ගැන නීතිපතිවරයා ගෙන්වා විමසා තිබෙනවා. නීතිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ සෙසු නිලධාරීන් සමඟ සාකච්ඡුා කර ප‍්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයාට වසර 6ක් සිටිය හැකි බවයි.” (16.01.2018 මාධ්‍ය)

ඇමැතිවරයා සඳහන් කරන පරිදි මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසුමකට ජනාධිපතිවරයාට උපදෙස් දී තිබෙන්නේ ද නීතිපති වරයා යි. එහෙම නම් නීතිපති දුන්නේ වැරදි උපදෙසක් ද ?
එ්ක නම් කියන්න දන්නේ නැත. කොහොම නමුත් මෙය අධිකරණයේ ස්වාධිනාත්වය තහවුරු වීමක් බව නම් පැහැදැලිය.

එසේ ම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක දී අතීතයට බලපාන ලෙස නීති සකස් කිරීමක් ජනමත විචාරනයකින් තොරව සිදු කළ හැකි ද යන්න නීති ක්‍ෂේත‍්‍රයේ සමහරු ප‍්‍රශ්න කරති. එසේ නම් 19 වැනි සංශෝධනයේ ජනාධිපතිවරයාගේ ධුරකාලය ඔහු පත්වීමෙන් පසු සම්මත වූ ව්‍යවස්ථා සංශෝධනයට යටත් කරණු ලබන්නේ ජනමත විචාරණ ප‍්‍රතිපාදනයකින් තොරව බව පෙනේ. ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව නව නිගමනයට එළඹෙන්නේ එදා ගනු ලැබු නිගමනය තහවුරු කරමිනි. මෙය අද නීති ක්‍ෂේත‍්‍රයේ සමහරුන් අතර විවාදයට ලක්ව ඇති මාතෘකාවකි. කොහොම වුණත් මේ ජනාධිපතිවරයා නොසිටින්නට 19 වැනි සංශෝධනයක් නොමැත. එ් සංශෝධනයේ දී අවශ්‍යතාවයක් තිබුණි නම් සිය ධුර කාලය 6ක් කර ගැනීමට ද ඉඩ තිබුණ බව පැහැදිලිය.

මේ තීරණය ඉදිරි පළාත් පාලන මැතිවරණයට තිරණාත්මක නොවන්නේ ද ?

මේ තීරණය කෙසේ වෙතත් ඉදිරි පළාත් පාලන මැතිවරණය කාට කාටත් තීරණාත්මකය. කාටත් කියන්නේ පොහොට්ටුවටත් එක්කය. එය පක්ෂ නායකයින්ට පමණක් නොව ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ටත් තීරණත්මකය. විශේෂයෙන් ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු තම ඡුන්ද බල ප‍්‍රදේශ පක්ෂයට දිනා දිය යුතුය. ඊට ඔවුනට බාධකයකට ඇත්තේ ‘පොහොට්ටුව’ හා එක්සත් ජාතික පක්ෂයයි.

සමහරු මැතිවරණයෙන් පසු පොහොට්ටුව සමඟ හවුලේ පළාත් ආණ්ඩු හැදිමක් ගැන කතා කරති. පොහොට්ටුව මේ සියල්ලෝම ආණ්ඩුවෙ ගොඩට දමා ගෙන මැතිවරණ ව්‍යාපාරයේ නියැලේ. කිසිවෙකු හවුලේ පළාත් බලය බෙදා හදා ගන්නා කතාවක් ඔවුනට නැත. එය සෙවල කතාවලට වඩා නිවැරැදිය ඔවුන් ඉලක්ක කරන්නේ ආණ්ඩු විරෝධී ඡුන්දය බව පෙනේ. එවන් උපක‍්‍රමයක දී ශී‍්‍ර.ල.නි.ප සමහරු ‘පොහොට්ටුව’ සමඟ ප‍්‍රාදේශීය ආණ්ඩු ගොඩනැගීමට කතා කිරීමෙන් මේ මොහොතේ තමන් නියෝජනය කරන කණ්ඩායමට ඔවුන් කරන්නේ හානියකි.

මේ සමඟ මැතිවරණ වේදිකාවේ ආණ්ඩුව කරණ දෙපිරිස එකිනෙකාට ප‍්‍රහාරයන් එල්ල කරන තැනට පත්ව ඇත. මේ අතර තනි ආණ්ඩු ගොඩනැඟීමේ කතා ගැන ද අසන්නට ලැබේ. ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් එකට ආණ්ඩු කරමින් මෙන් ම මැතිවරණයකට තරග කිරීමේ දී මෙවන් කතා අසන්නට ලැබීම ස්වාභාවිකය. එ් ගැන එතරම් කලබල විය යුතු නැත. සමහරු ”පෙබරවාරි 10 වැනි දායින් පසු බලා ගනිමු.” යනුවෙන් ද සඳහන් කරති. කාට කාටත් දැන් අමුතුවෙන් බලා ගැනීමට දෙයක් ඉතිරි වී නැත. වේදිකාවේ තම ඡන්ද දායකයින් ඉලක්ක කර ගනිමින් විවිධ කතා අසන්නට ලැබෙන නමුත් එ්වාට නම් ඡන්දදායකයේ නොරැවටෙති. මැතිවරණ වේදිකාවේ තම ඡන්ද දායකයින් ඉලක්ක කර ගනිමන් විවිධ කතා අසන්නට ලැබෙන නමුත් එකට ආණ්ඩු කරන දෙපිරිසටම 2020 වනතුරු වෙන ම ගමනක් ඇති බවක් නොපෙනේ. එහෙත් දේශපාලනයේ අභ්‍යන්තරයේ සිදුවන ගනුදෙනු සමඟ ඉදිරියේදී ආන්දෝලනාත්මක වෙනස් වීම් සිදු නොවීමේ ඉඩ කඩක් නොමැති බව සඳහන් කිරීමට බැරිය.

-වසන්ත පි‍්‍රය රාමනායක-

Recommended For You

About the Author: RSL